තිරිඟු පිටි ඒකාධිකාරිය
ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රුපියල් 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රුපියල් 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.
ඒ සමගම තිරිඟු පිටි ඒකාධිකාරිය බිඳ දමා තිරිඟු පිටි ආනයනය කර තරඟකාරී මිලට ඒවා බෙදාහැරීමට ඕනෑම අයෙකුට අවසර දීමටද රජය පියවර ගත්තා.
මේ අනුව ඉදිරියේදී බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
ඔහු සඳහන් කලේ ඒ අනුව ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රුපියල් 50ක් දක්වාත් සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5කින් ද අඩු කිරීමට බේකරි හිමියන්ට අවස්ථාව ඇති බවයි.