තිරිඟු පිටි ඒකාධිකාරිය

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තිරිඟු පිටි ඒකාධිකාරිය

    ආනයනික තිරිඟු පිටි සඳහා කිලෝග්‍රෑමයකට මෙතෙක් පැවැති රුපියල් 36 ක ඒකාබද්ධ තීරුබද්ද ඉවත් කර ඒ වෙනුවට කිලෝග්‍රෑමයකට රුපියල් 8 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

    ඒ සමගම තිරිඟු පිටි ඒකාධිකාරිය බිඳ දමා තිරිඟු පිටි ආනයනය කර තරඟකාරී මිලට ඒවා බෙදාහැරීමට ඕනෑම අයෙකුට අවසර දීමටද රජය පියවර ගත්තා.

    මේ අනුව ඉදිරියේදී බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

    ඔහු සඳහන් කලේ ඒ අනුව ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රුපියල් 50ක් දක්වාත් සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5කින් ද අඩු කිරීමට බේකරි හිමියන්ට අවස්ථාව ඇති බවයි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පාන් සෞඛ්‍යයට හොඳ නැහැ කියලා කලින් කිව්වානේ..විශේෂයෙන් පිටි ආහාර
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මතේ එහෙමයි බං..උණු උණූ පානුයි ලූණූයි කෑවා කොල්ලොත් එක්ක...දැන් කොහේ කන්නද:lol:

    සොස් කියල වතුර දාලත් කෑවා :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන් තරඟකාරී මිලට බෙදන්නෑ බං. දෙගොල්ලොම සාකච්ඡා කල්ල වැඩියෙන්ම ආදායමක් ලබන්න පුලුවන් ගානට එකඟ වෙලා ඒ ගානට බෙදනව.