තිරිඟු පිටි ගැන යෝජනාවක්

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මචන්ලා,
    ලංකාවේ තිරිඟු පිටි පරිභෝජනය ගැන හිතුනු දෙයක්..

    ලංකාවට තිරිඟු පිටි ගෙන්නන්න ලොකු වියදමක් දරන්න වෙනවනේ. මොකද ටොන් මිලියන ගණන් තමයි අවුරුද්දකට ගෙන්නන්නේ. මම අහල තියෙන විදියට තිරිඟු ගෙන්නලා පිටි කරන්නේ ලංකාවේ. (මේක ෂුවර්ම නැහැ.).
    රජයට බැරිද තිරිඟු පිටි එක ගෝනියකින් 10% හාල් පිටි (හෝ වෙන දේශීය ධාන්‍යයක්) mix කරලා එලියට දාන්න. තිරිඟු පිටි ආනයනය මුළුමනින්ම නවත්තන්න ඕන නැහැ.
    (100% තිරිඟු පිටි අවශ්‍යම වෙන තැන් තියෙනවනම් විතරක් ඒවට පොඩි ප්‍රමාණයක් වෙන් කර ගන්නවා.)
    මන් හිතන්නේ නැහැ ඔය අපි ලංකාවේ කන පාන් ගෙඩියේ ඉඳල අනික් බේකරි කෑම වල quality එකේ ලොකු වෙනසක් වෙයි කියල. අනිත් එක එතන ලොකු innovation පාර්ට් එකක් තියෙනවා තිරිඟු පිටි අපේ දේශීය ධාන්‍ය එක්ක mix කලාම quality එක කොහොමද තියා ගන්නේ කියල බලන්න. food science කරපු උන්ට ඔය සීන් ගැන හොඳ idea එකක් ඇති.

    ඉතින් මෙහෙම කලාම, එක පැත්තකින් import කරන්න යන cost එක අඩු වෙනවා. රටට සල්ලි ඉතුරුයි. අනිත් පැත්තෙන් හාල් හරි අනිත් දේශීය ධාන්‍ය වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මුළු තිරිඟු පිටි පරිභෝජනයෙන් 10% කියන්නේ පොඩි ගානක් නෙවෙයි. අනිත් එක, 10% කියන එක තව වැඩි කරන්න පුලුවන් වෙන්නත් පුළුවන්.

    මොකද හිතන්නේ උඹල මේ ගැන. මේ වගේ දෙයක් practical නැත්තේ technical limitation නිසාද නැත්නම් political කේස් නිසාද? නැත්නම් monopoly නිසාද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕකට අදාළ සමාගම් කැමති වෙන්න එපැයි. එක්කෝ රටේ ලොකු රැල්ලක් අවොත් උන් එහෙම පිටි දෙයි.

    මීට කලිනුත් මේ වගේ යෝජනා ආවා. තිරිඟු පිටි සම්පුර්ණයෙන්ම නවතමු කියලා පාසල් වලත් තිරිඟු පිටි වලින් හදන ආහාර අලෙවිය නැවැත්තුව. හැබැයි කල් පැවතුනේ නැහැ,

    ගොඩක් දේවල් ආණ්ඩු වලට නීති දාලා බලෙන් කරවන්න ගියාට ඒවා ප්‍රයෝගික වෙන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වෙනවා. තීරණ වෙනස් වෙනවා.

    හැබැයි වෙළඳපොල ස්භාවිකම ඔය උබ කියන විදියට හැදිලා, ඉල්ලුම තියෙනවා නං කොම්පැනි වලට ආණ්ඩු කිවත් නැතත් ඒක කරන්න වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,708
    113
    එකමත් එක රටක
    එතකොට ඒ රහ වෙනස් වෙනවා නේ බන්. කෑම හදල පුච්චන කොට හාල් පිටි පාන් පිටි වගේ නෙවෙයි නේ හැසිරෙන්නේ.
    හාල් පිටි , පාන් පිටි කලවම් කරල රොටි නම් කාල තියනවා . වෙනස් :baffled:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    එතකොට ඒ රහ වෙනස් වෙනවා නේ බන්. කෑම හදල පුච්චන කොට හාල් පිටි පාන් පිටි වගේ නෙවෙයි නේ හැසිරෙන්නේ.
    හාල් පිටි , පාන් පිටි කලවම් කරල රොටි නම් කාල තියනවා . වෙනස් :baffled:
    වෙන්න පුළුවන්. හැබැයි ඒ මචන් අපි ගෙදර කවලම් කලාම නේ. ඒකට තමයි experiment පාර්ට් එක ඕන. ෆූඩ් science කියන්නේ පට්ටම area එකක්. අනිවා ඕවට ක්‍රම ඇති මම නම් හිතන්නේ. අනිත් එක 10% වගේ පොඩි ප්‍රමාණයක්.
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ඕකට අදාළ සමාගම් කැමති වෙන්න එපැයි. එක්කෝ රටේ ලොකු රැල්ලක් අවොත් උන් එහෙම පිටි දෙයි.

    මීට කලිනුත් මේ වගේ යෝජනා ආවා. තිරිඟු පිටි සම්පුර්ණයෙන්ම නවතමු කියලා පාසල් වලත් තිරිඟු පිටි වලින් හදන ආහාර අලෙවිය නැවැත්තුව. හැබැයි කල් පැවතුනේ නැහැ,

    ගොඩක් දේවල් ආණ්ඩු වලට නීති දාලා බලෙන් කරවන්න ගියාට ඒවා ප්‍රයෝගික වෙන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වෙනවා. තීරණ වෙනස් වෙනවා.

    හැබැයි වෙළඳපොල ස්භාවිකම ඔය උබ කියන විදියට හැදිලා, ඉල්ලුම තියෙනවා නං කොම්පැනි වලට ආණ්ඩු කිවත් නැතත් ඒක කරන්න වෙනවා.
    agree
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,708
    113
    එකමත් එක රටක
    වෙන්න පුළුවන්. හැබැයි ඒ මචන් අපි ගෙදර කවලම් කලාම නේ. ඒකට තමයි experiment පාර්ට් එක ඕන. ෆූඩ් science කියන්නේ පට්ටම area එකක්. අනිවා ඕවට ක්‍රම ඇති මම නම් හිතන්නේ. අනිත් එක 10% වගේ පොඩි ප්‍රමාණයක්.
    ආටා පිටි කියන්නේ උඩ පොත්තත් එක්ක තිරිගු අබරලා නේ ?
    ඒකත් සැහෙන වෙනස් නේ බන්.

    තිරිගු පිටි කන එක අඩුම කරන්න පුලුවන් බය කරලම .
     
    • Like
    Reactions: NRTG and MrFrog

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    අවසාන ප්‍රතිපලය තමයි හාල් මිල ඉහල ගහිල්ලා හාල් හිගයකුත් ඇති වෙන එක.අනික තිරිගු පිටිවල රස හාල් පිටි වලින් ගන්න බෑ සහ තිරිගු පිටි වල තිඑයෙන gluten කියන සංයෝගය හාල් හෝ කුරක්කන් පිටිවල නෑ. ඔය gluten කියන සංයෝගය(gluten පට්ටය )තමයි උපකාරී වෙන්නේ පාරාට, ගොද්දඹ රොටි, සියළුම pastry වර්ගවල puff pastry එක නිපදවන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,585
    113
    තිරිඟු පිටි වලට මිශ්‍ර කරන දේශීය ධාන්‍ය වර්ග මොනවද? දේශීය ධාන්‍ය කියන දේවලුත් දැන් විදේශ වලින්ම නේද ගේන්නේ. මුං ඇට, කඩල, කවුපි.....
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    තිරුගු පිටිද මිල වැඩි හාල් පිටිද
    තවත් මිල වැඩි වෙන එක තමයි අවසන් ප්‍රතිපලය
    හාල් මිල තවත් ඉහලට යයි.
    එහෙම කරන්න තරම් හාල් නෑ මචන් ලංකාවේ. ඔය ඇමතිලා ටෝක්ස් දුන්නට මෙහේ අස්වැන්න අපිට බත් කන්නත් මදි.
    අවසාන ප්‍රතිපලය තමයි හාල් මිල ඉහල ගහිල්ලා හාල් හිගයකුත් ඇති වෙන එක.අනික තිරිගු පිටිවල රස හාල් පිටි වලින් ගන්න බෑ සහ තිරිගු පිටි වල තිඑයෙන gluten කියන සංයෝගය හාල් හෝ කුරක්කන් පිටිවල නෑ. ඔය gluten කියන සංයෝගය(gluten පට්ටය )තමයි උපකාරී වෙන්නේ පාරාට, ගොද්දඹ රොටි, සියළුම pastry වර්ගවල puff pastry එක නිපදවන්න

    thank you මචන්ලා රිප්ලයි වලට. 👍👍👍

    වැඩියෙන්ම කියවුනේ සහල් මිල ගැන.
    මගේ නම් අදහස, සහල් මිල වැඩිවීම තනිකරම අපේ රජයේ නොහැකියාව හින්ද වෙන දෙයක්. මම ඔය කියපු දේ එක රැයින් කරන දෙයක් නෙවෙයි. නැත්නම් තවත් ගැසට් එකක් රිවස් කිරීමක් විතරයි. මේක long term ප්ලෑන් එකක් සහ
    මේකේ මූලික අරමුණ ඩොලර් ඉතුරු කර ගැනීම කියල හිතමු. ඉතින් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ ලංකාවේ වවන්න පුළුවන් තිරිඟු ද ? හාල්ද? කියන එක. ලංකාවේ පරිභෝජනයටත් සහල් නිෂ්පාදනය මදි වෙන්නේ හරියට මේකට වැඩ පිළිවෙලක් නැති කම. එක පැත්තකින් හාල් මදි වෙන්නයි, අනිත් පැත්තෙන් ගොවියට හොඳ ගානක් ලැබෙන්නේ නැති වෙන්නයි හේතුව තනිකර අපේ නොහැකියාව. ඒ නිසා මිල කියන ප්‍රශ්නේ එන්නේ මේක short term ප්ලෑන් එකක් විදියට හිතුවොත්.

    තිරිඟු පිටි වලට මිශ්‍ර කරන දේශීය ධාන්‍ය වර්ග මොනවද? දේශීය ධාන්‍ය කියන දේවලුත් දැන් විදේශ වලින්ම නේද ගේන්නේ. මුං ඇට, කඩල, කවුපි.....
    මන් කිව්වේ mainly හාල් ගැන මචන්

    අවසාන ප්‍රතිපලය තමයි හාල් මිල ඉහල ගහිල්ලා හාල් හිගයකුත් ඇති වෙන එක.අනික තිරිගු පිටිවල රස හාල් පිටි වලින් ගන්න බෑ සහ තිරිගු පිටි වල තිඑයෙන gluten කියන සංයෝගය හාල් හෝ කුරක්කන් පිටිවල නෑ. ඔය gluten කියන සංයෝගය(gluten පට්ටය )තමයි උපකාරී වෙන්නේ පාරාට, ගොද්දඹ රොටි, සියළුම pastry වර්ගවල puff pastry එක නිපදවන්න

    මේවා නම් technical ප්‍රශ්න තමයි. මට ලොකු idea එකක් නැහැ මේ ගැන. නිකන් generally හිතුවොත්,
    මේකට 10% විතරයි හාල් පිටි දාන්නේ. 90% ක්ම තිරිඟු පිටි. එතකොටත් ඔය කියන කෑම හදන්න බැරි වෙනවද කියල බලන්න ඕන. අනිත් එක gluten අඩුයි කියල marketing පාරක් දාන්නත් පුළුවන්.. :-D :-D

    අන්තිමට ඉතින් අපි කොච්චර plan කරත් වැඩක් නැහැ. 10% හාල් පිටි දානවා වෙනුවට 10% කොමිස් එක ලැබුණු ගමන් project එකට බඩු. :ROFLMAO:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    thank you මචන්ලා රිප්ලයි වලට. 👍👍👍

    වැඩියෙන්ම කියවුනේ සහල් මිල ගැන.
    මගේ නම් අදහස, සහල් මිල වැඩිවීම තනිකරම අපේ රජයේ නොහැකියාව හින්ද වෙන දෙයක්. මම ඔය කියපු දේ එක රැයින් කරන දෙයක් නෙවෙයි. නැත්නම් තවත් ගැසට් එකක් රිවස් කිරීමක් විතරයි. මේක long term ප්ලෑන් එකක් සහ
    මේකේ මූලික අරමුණ ඩොලර් ඉතුරු කර ගැනීම කියල හිතමු. ඉතින් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ ලංකාවේ වවන්න පුළුවන් තිරිඟු ද ? හාල්ද? කියන එක. ලංකාවේ පරිභෝජනයටත් සහල් නිෂ්පාදනය මදි වෙන්නේ හරියට මේකට වැඩ පිළිවෙලක් නැති කම. එක පැත්තකින් හාල් මදි වෙන්නයි, අනිත් පැත්තෙන් ගොවියට හොඳ ගානක් ලැබෙන්නේ නැති වෙන්නයි හේතුව තනිකර අපේ නොහැකියාව. ඒ නිසා මිල කියන ප්‍රශ්නේ එන්නේ මේක short term ප්ලෑන් එකක් විදියට හිතුවොත්.

    මන් කිව්වේ mainly හාල් ගැන මචන්

    මේවා නම් technical ප්‍රශ්න තමයි. මට ලොකු idea එකක් නැහැ මේ ගැන. නිකන් generally හිතුවොත්,
    මේකට 10% විතරයි හාල් පිටි දාන්නේ. 90% ක්ම තිරිඟු පිටි. එතකොටත් ඔය කියන කෑම හදන්න බැරි වෙනවද කියල බලන්න ඕන. අනිත් එක gluten අඩුයි කියල marketing පාරක් දාන්නත් පුළුවන්.. :-D :-D

    අන්තිමට ඉතින් අපි කොච්චර plan කරත් වැඩක් නැහැ. 10% හාල් පිටි දානවා වෙනුවට 10% කොමිස් එක ලැබුණු ගමන් project එකට බඩු. :ROFLMAO:
    කව්ද ඔයි මෙහෙ long term plan වලට වැඩ කරනේ .. එලාග චන්දෙට වැඩ කරනේ .. ලංකාවේ නෙමෙනේද ඉන්නේ ... long term කර නං අව්රුදුඩ් 70ක් ගිහින් එකම තැන ඉන්නවද
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    කව්ද ඔයි මෙහෙ long term plan වලට වැඩ කරනේ .. එලාග චන්දෙට වැඩ කරනේ .. ලංකාවේ නෙමෙනේද ඉන්නේ ... long term කර නං අව්රුදුඩ් 70ක් ගිහින් එකම තැන ඉන්නවද
    true story.
    මට පේන හීන 🙈
     
    • Like
    Reactions: akildila

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    thank you මචන්ලා රිප්ලයි වලට. 👍👍👍

    වැඩියෙන්ම කියවුනේ සහල් මිල ගැන.
    මගේ නම් අදහස, සහල් මිල වැඩිවීම තනිකරම අපේ රජයේ නොහැකියාව හින්ද වෙන දෙයක්. මම ඔය කියපු දේ එක රැයින් කරන දෙයක් නෙවෙයි. නැත්නම් තවත් ගැසට් එකක් රිවස් කිරීමක් විතරයි. මේක long term ප්ලෑන් එකක් සහ
    මේකේ මූලික අරමුණ ඩොලර් ඉතුරු කර ගැනීම කියල හිතමු. ඉතින් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ ලංකාවේ වවන්න පුළුවන් තිරිඟු ද ? හාල්ද? කියන එක. ලංකාවේ පරිභෝජනයටත් සහල් නිෂ්පාදනය මදි වෙන්නේ හරියට මේකට වැඩ පිළිවෙලක් නැති කම. එක පැත්තකින් හාල් මදි වෙන්නයි, අනිත් පැත්තෙන් ගොවියට හොඳ ගානක් ලැබෙන්නේ නැති වෙන්නයි හේතුව තනිකර අපේ නොහැකියාව. ඒ නිසා මිල කියන ප්‍රශ්නේ එන්නේ මේක short term ප්ලෑන් එකක් විදියට හිතුවොත්.

    මන් කිව්වේ mainly හාල් ගැන මචන්

    මේවා නම් technical ප්‍රශ්න තමයි. මට ලොකු idea එකක් නැහැ මේ ගැන. නිකන් generally හිතුවොත්,
    මේකට 10% විතරයි හාල් පිටි දාන්නේ. 90% ක්ම තිරිඟු පිටි. එතකොටත් ඔය කියන කෑම හදන්න බැරි වෙනවද කියල බලන්න ඕන. අනිත් එක gluten අඩුයි කියල marketing පාරක් දාන්නත් පුළුවන්.. :-D :-D

    අන්තිමට ඉතින් අපි කොච්චර plan කරත් වැඩක් නැහැ. 10% හාල් පිටි දානවා වෙනුවට 10% කොමිස් එක ලැබුණු ගමන් project එකට බඩු. :ROFLMAO:

    මෙහෙ වී වවන්න තව වියදම් කරන එක තේරුමක් නෑ බන්. අපි දැනුත් හාල් කිලෝ එකකට රුපියල් 250+ වියදම් කරනවා. අපි බැන්නට ඔය පෝර තහනම් කරපු එකෙන් අනින්තිමේ හොදක් වෙන්නත් පුලුවන් වී වගාව අධෛර්යමත් වීම නිසා.