තිරිඟු පිටි මිල රහසේම වැඩි වෙයි

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
තිරිඟු පිටි මිල රහසේම වැඩි වෙයි

තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 87 සිට 89 දක්වා රුපියල් 2කින් ඉහළ දමා ඇති බව පිටි සමාගම් පවසයි. සමාගම් දෙකක් විසින් ජනවාරි 01 සිට තිරිඟුපිටි කිලෝවක් රැපියල් දෙකකින් වැඩි කර තිබෙනවා.

ජාතිය ගොඩනැගීමේ බද්ද වශයෙන් 2%ක් අලෙවි නියෝජිතයන්ගෙන් පිටි සමාගම් අය කරන අතර එම නියෝජිතයන් විිසින් පාරිභෝගිකයන් ගෙන්ද එම රුපියල් දෙකක මුදල අයකරනු ලබනවා.

වෙළදපොලේ තිරිඟුපිටි කිලෝ එකක උපරිම සිල්ලර මිළ රුපියල් 90ක් වශයෙන් රජය මගින් ප්‍රකාශ කර තිබේ. වැඩි මිලට පාන් පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි

බේකරි හිමියන් පවසන්නේ වැඩි වු රුපියල් දෙකක පිටි මිළ තම නිෂ්පාදනවලට දැඩි බලපෑමක් එල්ල කරන බවයි. ඒ අනුව බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ නැංවීම පිළිබඳ තීරණයක් ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළා. සභාපති එන්.කේ.ජයවර්ධන පෙන්වා දෙන්නේ ජනවාරි පළමු වැනිදා සිට පාන්පිටි මිල ඉහළ යාම ඇතුළු බදු සංශෝධන හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුව ඇති බවයි.

ජාතිය ගොඩනැගීමේ බද්ද ජනවාරි පළමු වැනිදා සිට සියයට දෙකේ සිට හතර දක්වා ඉහළ නංවා තිබේ.

source- hiru fm