තිරිසන් සතුන් ද බණ අසනවා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    තිරිසන් සතුන් ද බණ අසනවා යැයි කී විට කරුණු නොදන්නා ඇතැම් අය නම් එයට සිනාසෙති. නින්දා කරති. අපහාස කරති. නාමරූප ගැන නොදන්නා මෝඩ අනුවණයන්ට සිනාසෙන්නට විහිළු කරන්නට එය හේතුවකි.
    නමුත් නාමරූප ගැන කරුණු කාරණා දන්නා නුවණැත්තෝ නම් එය එකහෙළා පිළිගනිති. ප්‍රසංසා කරති. ඒ ගැන සතුටු වෙති. ඒ පින් ද අනුමෝදන් වෙති. සතුන්ට අභය දානය ද දෙති. තවත් බොහෝ දේ කරමින් ධර්මයෙහි හැසිරෙති.
    මෙම ලිපියෙන් පැහැදිලි කර දෙන්නේ තිරිසන් සතුන් බණ අසා සුගතියේ උපදින්නේ කෙසේද කියා යි. එය අපට දෙයාකාරයකින් පැහැදිලි කර දිය හැකි ය.
    එක් ආකාරයකට ත්‍රිපිටකයේ සඳහන් වන තිරිසන් සතුන්ව සිට දිව්‍ය ලෝකයේ උපන් අයගේ චරිත කතා ඇසුරෙන් පෙන්වා දිය හැකි ය. අනෙක් ක්‍රමය වන්නේ එය සිදුවන්නේ කෙසේ දැයි නාමරූප ඇසුරෙන් ම සිදු වන ආකාරය පෙන්වා දීමයි.
    පළමුව තිරිසන් සතුන්ව සිට දිව්‍ය ලෝකයේ උපන් අයගේ චරිත කථා කිහිපයක් කෙටියෙන් කියන්නෙමු.
    කන්ථක දිව්‍ය පුත්‍රයා
    ❤

    අතීතයේ විවිධ භවවල දී මහ බෝධි සත්වයන් වහන්සේත් සමඟ දැඩි කල්‍යාණ මිත්‍රත්වයෙන් ආ කන්ථක අශ්වයා මහ බෝසතුන් සමඟ එකම දිනයේ දී උපත ලැබී ය. බෝසතුන් අභිනිෂ්ක්‍රමණය කළ දින වෙන්ව යන්නට සූදානම් වන විට, ඒ වියෝ දුක ඉවසා ගැනීමට නොහැකිව කන්ථකට බරපතළ දරුණු මාරාන්තික ආබාධයක් ඇති විය. ශෝකයෙන් ඇතිවන්නේ අකුසල් සිතකි. එහෙත් සම්‍යක් සම්බෝධිය ලබා ගැනීමට නික්මුණ බව බෝසතුන් ඡන්න ඇමතිට කියනවා අසා නිරාමිස වූ උදාර වූ, ප්‍රීති සොම්නසක් ද ඇති විය. එය කුසල් සිතකි. එයින්ම මරණින් පසු තව්තිසා දෙවු ලොව උපත ලබා, උදාර වූ දිව්‍ය සැප පහළ විය. මරණාසන්න චිත්ත විථිය වූයේ කුසල චිත්ත වීථිය යි.
    මණ්ඩුක දේව පුත්‍රයා
    ❤

    ගග්ගරා පොකුණෙහි වාසය කළ ගෙම්බෙක් ඉවුරට පැමිණ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන විට එම ධර්මය දෙසන ශබ්දය අසමින් සිටියේ ය.
    ගොපලු දරුවෙක් එතැනට පැමිණ තමන්ගේ අතේ තිබුණ කෙවිට බිමට ඇණ එයට බරවී බණ ඇසී ය. ඔහුගේ කෙවිටට මෙම ගෙම්බාගේ හිස හසු වුණි. එයින්ම හිස සිදුරු වී ගෙම්බා මරණයට පත් විය.
    භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි සුළු මොහොතක් චිත්ත ප්‍රාසාදයෙන් සිටීමේ හේතුවෙන් ඔහු මිය යාමත් සමඟම ත්‍රිහේතුකව දෙව්ලොව උපත ලැබී ය. එහි උපත ලබා මෙතෙක් සම්පත් ලැබුණේ කෙසේ දැයි බැලී ය. භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කිරීම නිසා ප්‍රතිඵල ලැබූ බව දැක නැවත පැමිණ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කර සෝවාන් විය.
    පාරිලෙය්‍ය වනයේ ඇතා
    ❤

    බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයේ වස් වැස නැවත වඩින විට පාරිලෙය්‍ය ඇතා පා සිවුරු සොඬින් ගෙන හුම්බස්තලයේ තියාගෙන පසුපස පැමිණියේ ය. ඇතාට වනාන්තරය කෙළවරේ නතර වෙන්නට සිදු වුණි. ඔහුගේ දෑසින් කඳුළු ගලා හැලෙද්දී බුදුන් වහන්සේ දෙසම බලා සිටින්නට විය. ඇතාගේ දර්ශන සීමාවෙන් බුදුරජාණන් වහන්සේ නො පෙනී යද්දී, ඇතාට දරාගත නොහැකි මාරාන්තික දරුණු ආබාධයක් ඇති විය. එම වේදනාවෙන් පාරිලෙය්‍ය හස්ථීරාජයා මැරී වැටුණත්, මරණාසන්න මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ගැන තිබූ පැහැදීමේ කුසල මරණාසන්න චිත්ත වීථිය නිසා පාරිලෙය්‍යක ඇතාට දුගතියෙන් මිදී සුගතිය උරුම කර ගන්න භාග්‍යය ලැබුණි.
    බිරිඳ අතින් මැරුම් කෑ සැමියා
    ❤

    එක් බිරිඳක් සැමියා සමඟ සෙනෙහසින් ජීවත් විය. මෙම නිවසට සැමියාගේ බාල සහෝදරයා නිතර එන්නට විය. කාලයක් යන විට ඔහුගේ ඇසුර නිසා, ඔහුත් මැයත් සමඟ අනියම් බැදීමක් ඇති විය. බිරිඳගේ යෝජනාවට මල්ලී තමන්ගේ අයියාව ඝාතනය කරන්නට සැලසුම් කළේ ය.
    දිනක් වැඩට ගොස් පැමිණි සැමියා පිළිගත් බිරිඳ රාගය ඇවිස්සෙන ලෙස කථා කර, හිසේ නෙල්ලි කල්කයක් ගා නාන්න කියා තොටුපලට පිටත් කළේ ය. මල්ලීට ආයුධයක් ගෙන කල් ඇතිවම එහි සැඟවෙන්නට උපදෙස් දුන්නේ ය. අයියා පැමිණ නෙල්ලි කල්කය හිසේ ගා වතුරට නැමුණු මොහොතේ ම මල්ලී අයියාගේ බෙල්ල කපා මරණයට පත් කළේ ය. බිරිඳ ගැන රාගයෙන් ම සිතමින් සිටි අයියා එම නිවස ළඟම ගැරඩියෙක් වී ඉපදුණි. නිතර එම නිවසට යන්නට විය. මේ කාන්තාව ගැරඬියා ද මැරුවා ය.
    ඔහු එම නිවසේ ම බැල්ලියගේ කුස බලු පැටියෙක් විය. ඇගේ පිටුපසින් ම යන එන නිසා ඇය මේ බල්ලා ද මැරුවා ය. ඉන්පසු එම නිවසේ ම වැස්සියගේ කුසේ ඉපදුණි. මේ වහු පැටියා ද ඇගේ පිටුපසින්ම යන එන නිසා ඌද මැරුවා ය. ඉන්පසුව එම සාංසාරික රාගය ටිකෙන් ටික අඩුවීමත් පෙර කුසල විපාකයක් මතු වීමත් නිසා මේ කාන්තාවගේ ම කුසේ මල්ලීට දාව ඉපදුණේ ය.
    නමුත් මේ ළමයා මවු කිරි බොන්නට අකැමැති විය. ටිකෙන් ටික වැඩෙන විට මේ ළමයා පෙර භවයේ තමන්ව මැරුවේ මේ කාන්තාවයි ඒ නිසයි ඇයට අකැමැති කියා සීයාට කියා දෙදෙනාම ගොස් පැවිදිව රහත් විය.
    තිරිසන් සතුන් සුගතියේ උපන් ආකාරය පෙන්නන්නට අභිධර්මය ශ්‍රවණය කළ කිරි වවුලන් පන්සිය දෙනා, මිගපෝතක වස්තුව ආදී ලෙස ජාතක කථා ද, චරිත කථා ද ඕනෑතරම් ගෙන හැර දැක්විය හැක. තිරිසන් සතෙක්ව ඉපදුණේ නැති කිසිදු දෙවි බ්‍රහ්මයෙක් නැත. සියල්ලෝම, සියලුම සත්වයෝම තිරිසන් සතුන්ව පමණක් නොව, සතර අපාගතවම සිට ඇත. ඒවායින් චුති ප්‍රතිසන්ධීන් සිදුවන ආකාරය ඔවුන් නොදන්නවාට අප කුමක් කරන්න ද? එය ඔවුන්ගේ මිථ්‍යා දෘෂ්ඨියේ තරම යි. එයට අපට කරන්නට දෙයක් නැත. අපට කළ හැක්කේ ඔවුන්ට කරුණු පෙන්වා දීමයි. එහෙත් ඔවුන් පිළි නොගන්නවා නම් ආශ්‍රයෙන් ඈත් කර තැබීම පමණි.
    නාම රූප ඇසුරෙන් ද මෙයට කරුණු දක්වන්නෙමු. නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියා අපාය සතරක් තිබේ. මේ සතර අපායෙහි උපත ලබන පුද්ගලයින් හඳුන්වන්නේ දුගති අහේතුක පුද්ගලයින් ලෙසයි. මේ දුගති අහේතුකයින්ට සිත් 89 න් වීථි සිත් 37 ක් ලැබේ. ඒ තිස් හත නම්:-
    අකුසල් සිත් 12. හසිතුප්පාදය හැර අහේතුක සිත් 17 යි. මහා කුසල් සිත් 08 යි යන සිත් තිස් හතම තිරිසන් සත්වයින්ට ලැබේ. මේ අයට නොලැබෙන්නේ හසිතුප්පාදයත්, කාමාවචර මහා ක්‍රියා අටත්, මහා විපාක සිත් අටත්, රූපාවචර කුසල ක්‍රියා දහයත්, අරූපාවචර කුසල ක්‍රියා අටත්, ලෝකෝත්තර සිත් අටත් යන සිත් 43 පමණි. මේවා සතර අපාගත සත්වයින්ට ම ලැබෙන්නේ නැත. මෙතන මහා කුසල් සිත් අට යැයි කී විට බණ ඇසීම ආදී සියලුම කුසලයන් කර ගත හැකි ය. නමුත් අටමහා කුසල සිත්වලට විපාක සිත් තිරිසන් භවයේ දී ලැබෙන්නේ නැත.
    හසිතුප්පාදයත්. කාමාවචර මහා ක්‍රියා අටත් නොලැබෙන්නේ සතර අපාගත අය රහත් නොවන නිසා ය. මහා විපාක සිත් අට නොලැබෙන්නේ එයින් ලබා දිය යුතු සුගති සැප විපාක දුගතියෙහි ලැබූ උපත නිසා නොලැබෙන නිසා ය. රූපාවචර කුසල ක්‍රියා දහයත්, අරූපාවචර කුසල ක්‍රියා අටත් නොලැබෙන්නේ දුගති උපත නිසා ය. සතර අපාගත ඇත්තෝ මගඵල නොලබන නිසා ලෝකෝත්තර සිත් ලැබෙන්නේ ද නැත.
    මිනිස් ලොව සිටින කෙනෙක් බොහෝ දානාදී පින්කම් කරගෙන සිටියත් මරණාසන්න කාලයේ දී මරණාසන්නයේ දී බොහෝ ලෝභ ජවන් ඇති වුවහොත් ඊළඟ භවයෙහි ප්‍රේත ලෝකයෙහි උපදී. ඒ ප්‍රේතයන් අතරිනුත් නිජ්ඣාමතණ්හිකාදී ප්‍රේතයන්ව උපදින අයගේ ප්‍රතිසන්ධිය උපෙක්ඛා සහගත අකුසල විපාක සන්තීරණ සිතින්ම අපායට ඇතුළත්ව හට ගනී. ඤාති ප්‍රේතයන්ව උපදින ප්‍රේතයන්ගේ ප්‍රතිසන්ධිය කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් චාතුර්මහාරාජිකයට ඇතුළත්ව හට ගනී. මරණාසන්න මොහොතේ දෝෂ මූලික ජවන් පහළ වූ විට ඊළඟ භවය අපායෙහි යම් තැනක ප්‍රතිසන්ධිය ලබයි. මරණාසන්න මොහොතේ මෝහ මූලික ජවන් පහළ වන සත්වයන් අතරින් බහුතරයක් බොහෝ විට ඊළඟ භවය තිරිසන් අපායෙහි ප්‍රතිසන්ධිය ලබයි. තිරිසන් සත්වයෙක්ව උපන් පසුව ඒ කෙනාගේ චිත්ත සන්තතිය “උපෙක්ඛා සහගත අකුසල විපාක සන්තීරණ සිතක්” වේ. ඒ කෙනාගේ ප්‍රතිසන්ධියත්, භවාංගයත්, චුතියත් එම සිත්ම වේ. එවැනි තත්වයක සිටින තිරිසන් සත්වයින්ට මනුෂ්‍ය දිව්‍ය සැප සම්පත් විඳීන්නට සුදුසු හැකියාවක් තිරිසන් භවයෙන් මිදෙන තෙක් නැත. තිරිසන් භවයෙන් මිඳී සුගති හතේ උපන් පසුව, පෙර සසරේ ද බලසම්පන්න කුසලයන්ගේ විපාක ලැබිය හැකි ය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මචන් .. බණක් අහගෙන ඉන්නව ලංකාවේ ගෙදරක ඉන්න බල්ලෙකුයි සිංහල දන්නේ නැති සුද්දෙකුයි. සුද්දට කියන කිසි දෙයක් තේරෙන්නේ නෑ කියලා ඌම කියනව. භාෂාව බෑ නේ.
    මෙතනින් වැඩි කුසල් සෙට් වෙන්නේ බල්ලට ද , සුද්ද ට ද ?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    එක හරියටම කියන්න බෑහ. එත් දෙන්නටම කුසල් සිතක් ඈති උනොත් දෙන්නටම කුසල් වෙනවා. එ සිතී ඈති වන සිතිවිලි වල ප්‍රබලතාව මත් කුසලයෑ පරමානය තීරනය වෙනවා.
    මචන් .. බණක් අහගෙන ඉන්නව ලංකාවේ ගෙදරක ඉන්න බල්ලෙකුයි සිංහල දන්නේ නැති සුද්දෙකුයි. සුද්දට කියන කිසි දෙයක් තේරෙන්නේ නෑ කියලා ඌම කියනව. භාෂාව බෑ නේ.
    මෙතනින් වැඩි කුසල් සෙට් වෙන්නේ බල්ලට ද , සුද්ද ට ද ?
    මෙතන සිතිවිලි කියන්නේ ශ්‍රද්දාව, අලොබය, මඉත්‍රිය, අමොහය(ප්‍රඥ්ඥාව ), .... etc
    කුසල් සිතිවිලි ගොඩක් තියෙනවා, එවගෙ ප්‍රබලතාව මත එක සිතක කුසලය තීරනය වෙනවා, කුසල් සිතිවිලි කොපමන ඈති වෙනවද යනන් මත් සම්පූර්න කුසලය තීරනය වෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    එක හරියටම කියන්න බෑහ. එත් දෙන්නටම කුසල් සිතක් ඈති උනොත් දෙන්නටම කුසල් වෙනවා. එ සිතී ඈති වන සිතිවිලි වල ප්‍රබලතාව මත් කුසලයෑ පරමානය තීරනය වෙනවා.

    මෙතන සිතිවිලි කියන්නේ ශ්‍රද්දාව, අලොබය, මඉත්‍රිය, අමොහය(ප්‍රඥ්ඥාව ), .... etc
    කුසල් සිතිවිලි ගොඩක් තියෙනවා, එවගෙ ප්‍රබලතාව මත එක සිතක කුසලය තීරනය වෙනවා, කුසල් සිතිවිලි කොපමන ඈති වෙනවද යනන් මත් සම්පූර්න කුසලය තීරනය වෙනවා
    ඉතින් බන් කුසල් සිතක් හරි මොකක් හරි ඇති වෙන්න කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන නේ.

    ජපනෙක් උබට කුණු හරපෙන් බැන්නමද , චීනෙක් උබට කුණුහරපෙන් බැන්නමද සිංහලෙක් උබට කුණුහරපෙන් බැන්නමද උබට තරහක් හරි මොකක් හරි ඒ කියපු දේ ගැන සිතුවිල්ලක් එන්නේ ? :rofl:
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    එහෙම වෙන්නේ නෑහ හමොටම. සමහරුන්ට දර්මය අහෙනකොට තරහ යනවා. සමහරුන් දර්මය අහනන් හරි කෑමති. එක නිස කුසල් සිත් හෑමොටම කුසල් සිත් එන්නේ නෑහ.
    ඉතින් බන් කුසල් සිතක් හරි මොකක් හරි ඇති වෙන්න කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕන නේ.

    ජපනෙක් උබට කුණු හරපෙන් බැන්නමද , චීනෙක් උබට කුණුහරපෙන් බැන්නමද සිංහලෙක් උබට කුණුහරපෙන් බැන්නමද උබට තරහක් හරි මොකක් හරි ඒ කියපු දේ ගැන සිතුවිල්ලක් එන්නේ ? :rofl:
    කවුරු බෑන්නත් මම තරහ ගත්තොත් මට අකුසල් සිත් එනවා.
     
    • Like
    Reactions: Dubairox

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නේ නෑහ හමොටම. සමහරුන්ට දර්මය අහෙනකොට තරහ යනවා. සමහරුන් දර්මය අහනන් හරි කෑමති. එක නිස කුසල් සිත් හෑමොටම කුසල් සිත් එන්නේ නෑහ.

    කවුරු බෑන්නත් මම තරහ ගත්තොත් මට අකුසල් සිත් එනවා.
    ඉතින් ජපන් වලින් හරි , චීන වලින් හරි කවුරු හරි මොනව හරි කිව්වම උබ කොහොමද දන්නේ බනිනවද වෙන දෙයක් කියනවද කියලා ?
    ඇතිවෙන සිතක් ඇතිවෙන්න කියන දේ තේරෙන්න ඕන බන් මුලින්ම
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    එක කියන්නෙ මොන භශවෙන්ද අදාල නෑහ. තමන්ගේ සිතෙ ඈති වෙන්නේ අකුසල් නම් විපාක අකුසල්. කියන දෙ තෙරෙන්නම ඔනි නෑහ නෙ. Facial expression වලින් සහ tone එකෙන් තෙරෙනව බනිනව කියල
    ඉතින් ජපන් වලින් හරි , චීන වලින් හරි කවුරු හරි මොනව හරි කිව්වම උබ කොහොමද දන්නේ බනිනවද වෙන දෙයක් කියනවද කියලා ?
    ඇතිවෙන සිතක් ඇතිවෙන්න කියන දේ තේරෙන්න ඕන බන් මුලින්ම
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    එක කියන්නෙ මොන භශවෙන්ද අදාල නෑහ. තමන්ගේ සිතෙ ඈති වෙන්නේ අකුසල් නම් විපාක අකුසල්. කියන දෙ තෙරෙන්නම ඔනි නෑහ නෙ. Facial expression වලින් සහ tone එකෙන් තෙරෙනව බනිනව කියල
    ඉතින් කියන දේ තේරෙන්න ඕන නත්නම් බණ කිව්වත් එකයි හිනාවෙලා කුණුහරප කිව්වත් එකයි නේ බන් තිරිසන් සත්තුන්ට.
    උන්ට tone එකෙන් නම් ඔය කියන කුසල් සිත් ඇතිවෙන්නේ. :rofl:
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    දර්මයට කුසල් සිත් එන්න තෙරෙන්නම ඔනි නෑහ.. එක තෙරුම් ගන්න තව ගොඩක් දෙවල් තියෙනව. මොකද කෙනෙක් සංසරෙ බන අහල, දර්මය පුරුදු කරල තියෙ නම් එයා තිරිසන් ලොඅකෙ උපත් ලබුවත් දර්ය අහෙනකොට එක පුරුද්ද නිසා කුසල් සිත් ඈති වෙන්න පුලුවන්.
    උදහරනයක් ගත්තොත් සින්ඩුවක් අහනකොට සමහරුන්ට එකෙ කියන දෙ තෙරුනේ නෑතත් එක රස වින්දිනවා වෙන්න පුලුවන්. මෙ උදහරනේ perfect එකෙක නෙමෙ. නමුත් මට මතක් වෙච්ච එකක මෙක