තිලකවර්ධන

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පහුගිය 12 වෙනිදා මාත් මිතුරාත් ජාඇළ තිලකවර්ධන රෙදි කඩයට ගියා. අපි දෙන්නා අපගේ අවශ්‍යතාවයට අවශ්‍ය රෙදි පිළි මිලට ගෙන අප පහත මාලය වෙත පැමිණියා බිල් කරන්න. එතන ඔරලෝසු විකීණීමට තිබුණා. අපි එතනට ගොස් ඔරලොසු මිල ගණන් විමසූ විට එහි සිටි සේවයකයන් ඉතාමත් නොසැලකිලිමත් ලෙසත් ආයතනයේ ගෞරවයට හානිකර ලෙසත් හැසිරුණා. එතනම කමිස තබා තිබුණා. ඒවා තෝරා ගැනීමට බලත්තදි එහි සිටි තරුණ සේවකයෙක් ඉතාමත් පහත් ආකාරයට හැසිරුණා. 15 1/2 කමිස අප බලන්නේ කියා පැවසූ විට දෙවන තට්ටුවට ගොස් කොලර් සයිස් එක බලාගෙන එන්නැයි පැවසුවා. ඔහු හැසිරුණු ආකාරයට නම් මොහු ආයතනය අපකීර්තියට පත් කිරීමට සැලසුම් සහගතව කටයුතු කරන අයෙකු ලෙසයි හැගී ගියේ.