අනිවා අපේ ටීම් එකෙ එකෙක්ට එක දිගට ඔවර් 50 ගහන්න බෑ ෆස්ට් ඉනින්ග් බෝල් කරාට පස්සෙ දැක්කනෙ ඊයෙ ඔවර් 35යි සෙල්ලම් කරේ තරංගයි ඩිලයි මැච් එක ගහල ඇවිද ගන්න බෑ දිල්ශාන් කරෙන් ගියේ
මීට වඩා ටීම් එකේ ෆිට්නස් ගැන සැලකිලි මත් වෙන්න ඕනෙ සංග මහේල ඇරුනම එක දිගට හති වැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන් එකම එකා තිලාන් විතරයි ඒ ඌ ටෙස්ට් ගහල කට්ට කාල තියෙන පුරුද්ද හින්ද
ඒ උනාට කොච්චර චාටර් උනත් ඔසී ටීම් එකේ උන්ගෙ ෆිට්නස් තියෙනව අපිත් ඒ ත්ත්වෙට තියෙන්න විස්ස විස්ස වත් ටාගට් කරල ෆට්නස් හදවන්න ඕනෙ
ඊයෙ කැච් මිස් කරපු අය අතර ඇන්ජලෝ මැතිවුස් ලුත් හිටියා මම කැච් මිස් කරපු අයට බයින්නෙ නෑ ඇත්තටම උන්ට බයින එක සාධාරණ නෑ
උන් කොච්චර පෙසර් එකකද ඉන්න ඇත්තෙ තමන්ගෙ රටේ ගහල සෙනග දෙනෝ දාහක් මැද්දෙ මැච් එක ගොඩ දාගන්න ඕනෙ උනාම අනික එන්ගලන්තෙ ටීම් එක දුර්වල ටීම් එකක් නෙවේ උන්ට හිටපු ගමන් ලක් එකට වදිනව එහෙම වැදුනොත් සොරි තමා ඒක මතක් වෙද්දි අපේ උන්ට චකිතයක් තිබ්බෙ නෑ කියන්න පුලුවන් කාටද?
දග පන්දු යවන්නන් 3ක් තෝර ගත්ත එක සාර්ථක කරගන්න තිබ්බ අතිරේක වේග පන්දු යවන්නෙක් ටීම් එකේ හිටිය නම් තව මහරූෆ් ස්කොඩ් එකේ හිටියනම් චාමර සිල්ව හරි තිලාන් හරි වෙනුවට ඊයෙ දාන්න තිබ්බා (හුගක්ම සිල්ව වෙනුවට තිලාන් සිල්ව තරම් බෝල කන්නෙ නෑ මොකද අපිට අමතක කරන්න බෑ
ඔසි මැච් එකේ මුලු විකට් 3නම ගියාම සංග එක්ක තිලාන් එකතු වෙලා ලකුණු 170කට ගෙනාව ඔවර් 30කදි )
මුරලිව නිවුසීලන්ඩ් මැච් එකෙන් අයින් කරල විවේක ගන්න දෙන්න ඕනෙ ෆයිනල් ගස්සන්න හැබැයි අපේ අයට එදාට මීට වඩා කල්පනාවෙන් සෙල්ලම් කරන්න වෙනව මොකාට නැති උනත් නවසිලන්තෙ මුරලිට ප්රාණ බයයි

හැබැයි මුරලි ගෙ තත්ත්වෙ ටිකක් භයානකයි ඊයෙ සහ පෙරේද උන දේ දැක්කම කියල හිතෙනව