මේ ත්රෙඩ් 1 දාපු මමත් ඕව විශ්වාස කරන නෑ.. අපේ තාත්තත් එහෙමයි.. එත අපේ තාත්ත අපි එක්ක මෙහෙම කතාවක් කියල තියනවා..
අපේ තාත්තා දැන් අවුරුදු 17 කට කලින් (1993) හිටියේ සෞදියේ. ලොකු කන්ටේනර් රියදුරෙක් විදියට.. එයාලට ලෝඩ් එකෙක් හම්බුනාම ඒවා ගෙනියන්න තියෙන්නේ කිලෝ මීටර් 4000, 5000 වගේ දුරවල් වලටලු. ඉතින් මෙහෙම වාහනේ අරන් සති ගණන් එක දිගට යනවලු. වාහනේ ඇතුලේ ඇඳක්, ෆ්රිජ් එකක්, ගෑස් ලිපක්, කෑමට ඕන දේවල් තියනවලු. සමහර දවස් වලට කාන්තාර මදින යනකොට මිනිස් පුළුටක් දකින්න නෑලු.. විටින් විට මගදී හම්බෙන වාහන ඇරෙන්න. ඒ පාරවල් වල වාහන හම්බෙන්නෙත් දවසට 5 කටත් වඩා අඩුවෙන්ලු..
දවසක් මෙහෙම යනකොට හවස 7 ට විතර ඇතිලු, කළුවර වැටීගෙන එනවලු කිලෝ මීටර් 8 ක විතර කන්දක් නග්ගගෙන එනවලු ඒ කන්ද ඉවර උනාම හම්බෙන්නේ කාන්තරයක්ලු. ඉතින් මේ විදියට කන්ද නැගල කාන්තාරෙට එනකොටම ඔටුවෙක් පාර හරහා පැන්නලු. තාත්ත හිතුවේ ඌ හැප්පුනා කියලලු (ඒ රටවල් වල ඔටුවෝ හප්පන්න තහනම් ලු , එහෙම හැප්පුනොත් හිරේ යන්ඩ වෙනවලු) තාත්ත වාහනේ නවත්තල බැහැල බැලුවාලු ඔටුවෙක් නෑලු, වාහනේ යට, දෙපැත්තේ තියන කාන්තාරේ ටෝර්ච් ගහල බැලුවාලු. එත නැති නිසා උ බේරෙන්න ඇති කියල හිතාගන ආයි ගමන පටන් ගත්තලු.
එදා රෑ වාහනේ පාර්ක් කරන තැනට ගියාම තව කට්ටිය හම්බෙනවනෙ, ඉතින් එහෙම ඒ අය එක්ක කතා කරනකොට ඇහුවලු මොන පාරෙන්ද අවේ කියල, තාත්ත ආපු පාර කිවලු එයාල ඇහුවලු අර විදියට කන්ද නැග්ගම ඔටුවෙක් පැන්නේ නැද්ද කියල. තාත්ත කිවලු පැන්න, හැප්පුනා වගේ දැක්කේ, බැහැල බැලුව හිටියේ නෑ කියල. එතකොට කිවලු ඒ අය, මේ ගැන දන්නා අය ඒ පාරෙන් එන් නෑලු. එතන තියෙන්නේ ඔටු අවතාරයක්ලු.
අපේ තාත්ත හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි, එත අදටත් කියන්නේ එදා ඔටුවා පනිනවා නම හොදටම දැක්ක කියල..