තිස්ස අත්තනායක අත්අඩංගුවට

hitback

Member
Nov 15, 2014
6,177
350
0
තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...
 
ඉක්මනින් ඇප ලැබිල සාධාරණ නඩුවකට යන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ඇත්තටම දැන් තියෙන්නේ යහපාලනයක් නම් ඒක තමයි වියයුත්තේ. දඬුවම වරදට මිස මිනිසාට නොවේවා :D
 

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    අංගුලිමාල;17834946 said:
    කන්න දුන් අත සපා කන සුනඛයා පොලු පහරට ලක් වීම සාමාන්‍ය දෙයකි.

    happiest day of my life. next namal rajapaksha and mahinda. when that happened, I'll throw a party .

    dayasirige thissa thissa iwarai........ :)

    Mun wage ayonta mona pakshe hitiyath daduwan karanna ona.. :angry:
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,582
    28,515
    113
    තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්

    2015 පෙබරවාරි මස 02 15:28:00 | . , ලක්මාල් සූරියගොඩ , ඉෂාන් සංජීව

    කූඨ ලේඛන සකස් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධාන ආණ්ඩුවේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද නියෝග කළේය.

    අත්තනායක මහතා ප්‍රසිද්ධියට කළ ලියැවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පරීක්ෂණවලින් තහවුරු වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

    සැකකරුට ඇප ලබා දුනහොත් සාක්කිකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවත්, මේ සිද්ධිය ලෙස බොහෝ දෙනකු බලා සිටින නිසා ඇප දුන්නොත් මහජන කැළඹීමක් ඇති විය හැකි බවත් රහස් පොලිසිය කීවේය.

    කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ඔහු වැරදිකරුවකු වුවහොත් හත් අවුරුදු සිරදඬුවම් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වේය.


    DSC0565.jpg

    DSC0547.jpg
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,582
    28,515
    113
    සුමනේගේ සාස්තර අසා හිරේ වැටුනු තිස්ස ඇමැතිකමේ සිටි දින 20ට ලක්ෂ 12 ක පුටුවක් ඇනවුම් කරලා..!

    (ලංකා ඊ නිව්ස් -2015.පෙබ.02, ප.ව.7.10) මුදල් කුට්ටියකට පක්ෂය පාවා දී මෘග චෞර රාජපක්ෂලාගේ තුරුලට ගොස් වත්මන් ජනාධිපතිගේ සහ අගමැතිගේ අත්සන් හොරට ගසා කූඨ ලේඛන සකසා ජනතාව මුලා කිරීමට උත්සාහ කළ තිස්ස අත්තනායක තමාට ලැබුනු දින 20 ඇමැති කාලයේදී ද කර ඇත්තේ ජනතාවට සෙතක් නොව මහජන මුදලින් බඩ වඩා ගැනීම බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    රාජපක්ෂලා විසින් තිස්සට මෛත්‍රීපාල සිරිසේන දැරූ සෞඛ්‍ය ඇමැති ධූරය පිදූ අතර ඔහු වැඩ බාර ගත් සැනින් කර ඇත්තේ එතෙක් මෛත්‍රී හිඳගැනීමට භාවිතා කළ පුටුව සැප මදි යැයි කියා නව පුටුවක් ඕඩර් කිරීමයි. මොහු ඇණවුම් කර ඇත්තේ ඇදහිය නොහැකි මිලක පුටුවකි. එහි මිල රුපියල් ලක්ෂ 12 කි. එම පුටුව රස්නේ අවස්ථාවේදී සිසිල දනවන සීත අවස්ථාවේදී උණුසුම සපයන අමුතුම තාලයේ ‘සක්කර පුටුවකි.‘

    කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය කිරීම් භාර නිලධාරිනිය තිස්ස අත්තනායකට දැනුම් දී ඇත්තේ කිසිසේත්ම ඒ තරම් මිලක පුටුවක් මිලදී ගත නොහැකි බවයි. එවිට තිස්ස අත්තනායක ඇණවුම් කර ඇත්තේ රුපියල් 1,70,000/- ක පුටුවකි. පසුව ඒ පුටුව මිලදී ගෙන තිස්ස අත්තනායකට ලබා දී ඇත.

    නමුත් අවසානාවන්තයාට ඒ සුපිරි පුටුවේ සැපය තම පශ්චිම භාගයට ලබා දීමට හැකි වූයේ දින කිහිපයක් පමණි. ඇමැති පුටුවෙන් විසි වී ගිය තිස්ස අත්තනායක අද නතර වූයේ රිමාන්ඩ් බන්ධනාගාරයේ ය.

    මෙහි ඇති අපූරුම කතාව නම් තිස්ස අත්තනායකද පසුගිය කාලයේ තම කේන්දරය බලාගෙන ඇත්තේ මහින්ද රාජපක්ෂගේ රාජකීය දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන හෙවත් සාස්තර සුමනේගෙන් වීමයි. පක්ෂ මාරු කිරීමෙන් තිස්සගේ පක්ෂියා රජ වන බවත් ඒ සඳහා සුබ නැකැත් වේලාවන්ද සකසා දී ඇති සාස්තර සුමනේ, තිස්ස ඇමැති ධූරය ලබා ගත් දිනයේ වැඩ බාර ගැනීමේ වේලාව පමණක් නොව පුටුව තැබිය යුතු දිශාව පවා පැමිණ සකස් කර දී ඇත.

    තිස්ස අත්තනායක රිමාන්ඩ් බන්ධනාගාර ගත වන වේලාව නම් කිසිවෙක් හෝ සකසා නොදුන්නද නක්ෂස්ත්‍රකරුවන් නොවන ලංකා ඊ නිව්ස් ජනවාරි 10 වෙනිදාම කියා සිටියේ තිස්ස අත්තනායක හිරේ යෑම නම් වලකාලිය නොහැකි බවයි.

    (තිස්ස අත්තනායක හිරේට යෑම සහ පරාජය වාර්ගිව විග්‍රහ කිරීම තරම් ම්ලේච්ඡ ක්‍රියාවක් තවත් නැත - විසල්ගේ විග්‍රහය -ජනවාරි 10 ලංකා ඊ නිව්ස්)
     
    • Like
    Reactions: arsehole-froce

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    මු වැරදි කරා නම් හිරේට දාන්න ඕනේ, ඒ උනාට ඇයි භාරත ලක්ෂ්මන් මරපු, කොළඹ කුඩු නාවන කුඩු දුමියා වගේ එවුන් තාම එළියේ ඉන්නේ? අපි යහපාලානේට කතිරේ ගැහුවේ හොර අත්සන් අල්ලන්න විතරක් නෙමෙයි. ඇයි තාමත් බල්ලෝ නිදැල්ලේ ඉන්නේ?

    PS: යහපාලනෙට තමයි මමත් කතිරේ ගැහුවේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,582
    28,515
    113
    මු වැරදි කරා නම් හිරේට දාන්න ඕනේ, ඒ උනාට ඇයි භාරත ලක්ෂ්මන් මරපු, කොළඹ කුඩු නාවන කුඩු දුමියා වගේ එවුන් තාම එළියේ ඉන්නේ? අපි යහපාලානේට කතිරේ ගැහුවේ හොර අත්සන් අල්ලන්න විතරක් නෙමෙයි. ඇයි තාමත් බල්ලෝ නිදැල්ලේ ඉන්නේ?

    PS: යහපාලනෙට තමයි මමත් කතිරේ ගැහුවේ

    වෙලේ සුදා ගැන සී.අයි.ඩී. පරීක්‍ෂණ සතියක්‌ ඇතුළත අවසන් කරන්න
    - පොලිස්‌පති උපදෙස්‌ දෙයි


    චමින්ද සිල්වා

    මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන ගම්පොල විදානලාගේ සමන්ත කුමාර හෙවත් "වෙලේ සුදා" සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී. අයි. ඩී.) සිදු කරන පරීක්‍ෂණ සතියක්‌ ඇතුළත අවසන් කරන ලෙස පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් උපදෙස්‌ දී ඇත.

    වෙලේ සුදා සම්බන්ධ පරීක්‍ෂණ බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා යටතේ සිදු කෙරේ. ඒ අනුව පරීක්‍ෂණ සතියකින් අවසන් කරන ලෙස ඔහුට උපදෙස්‌ දී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (2 වැනිදා) ප්‍රකාශ කළේය.

    කලකට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි පූජිත් ජයසුන්දර මහතාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව නිසි අවබෝධයක්‌ තිබීම සැලකිල්ලට ගෙන සිදු කරන පරීක්‍ෂණවලදී මේ වනවිට වෙලේ සුදා සම්බන්ධකම් පැවැත්වූ තිස්‌දෙනකුගේ පමණ නම් හෙළි වී ඇතැයිද හෙතෙම කීය.

    ඒ අතර කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා සහ හිටපු පොලිස්‌පතිවරයකු ඇතුළු විවිධ පුද්ගලයන්ගේ නම් හෙළි වී ඇතැයි කී මාධ්‍ය ප්‍රකාශක ඔවුන් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවද කීය.

    පුද්ගලයකුට චෝදනා එල්ල වූ පමණින් සාක්‍ෂි නොමැතිව ඔහු අත්අඩංගුවට ගෙන නිදහස්‌ කිරීමට වඩා සාක්‍ෂි සහිතව අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීම පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කාර්ය බව පැවසූ අජිත් රෝහණ මහතා මත්කුඩු චෝදනාවට වැරදිකරුවන් වන අයට අවුරුදු විස්‌සක සිර දඬුවම් හෝ මරණ දඬුවම දක්‌වා දඬුවම් දීමට අධිකරණයට හැකියාව ඇතැයි ද කියා සිටියේය.

    - http://www.divaina.com/2015/02/03/news08.html
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    tissa attanayakawa saka pita aran kuduwata danna puluwan..ai ara kudu wikunapu matriyawa allanae nathe sakapita..:angry::angry::angry::angry::angry:

    සැක පිට නෙමෙයි ඇතුලට දැම්මේ. අත්සන බොරු එකක් කියලා ඔප්පු වෙලා තියෙන්නේ.