තිස්ස කුට්ටිආරච්චි.... REDDA LEFT PART 02

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ.

    පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් සිය ලිපිය යොමු කර ඇති සභාපතිනිය සදහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සිදුවී ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක යහපත් පූර්වාදර්ශයක් නොවන බවයි. නීති සම්පාදනයට දායක වන මහජන නියෝජිතවරියන් කාන්තාවක් වීම තුළ එම ස්ථානය තුළදීම හිංසනයට ලක්වන්නේ නම් එමගින් පෙන්නුම් කරනුයේ සමස්ථ සමාජයක පරිහාණිය බව පෙන්වාදී ඇති එතුමිය, ගෘහස්ථ, පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන හිංසනයන් පිළිබදව සාකච්ඡා කෙරෙන, එවැනි දෑ වැළැක්වීමට කටයුතු කරන උත්තරීතර ආයතනයක මන්ත්‍රීවරියන්ට එරෙහි වාචික හිංසනය සිදුවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සභ්‍යත්වය අගයන කිසිවෙකු අනුමත නොකරන්නක් බවද පෙන්වා දී ඇත.

    සිය ලිපිය මගින් ඇය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙවැනි තත්වයක් තුළ ජනගහනයෙන් 52%ක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි තමන් නොසිතන බවත් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දැක්වීමට උත්සාහ කිරීම තුළින් හදුනාගත හැකි බවයි. එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම් වල නිරත වීම අධෛර්යය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන බව වැඩිදුරටත් පෙන්වා දෙයි.

    කාන්තාවන්ට දේශපාලනයේ යෙදීමට තිබෙන හිමිකම පිළිගැනීම, කාන්තාවන් වීම හේතුවෙන් දේශපාලන කාර්යයේදී අවමානයට ලක් නොකිරීම, කාන්තාවන්ගේ දේශපාලන හිමිකම් උල්ලංඝනය නොකිරීම සහ සමාන පාර්ශවකරුවන් ලෙසින් කාන්තාවන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ස්ථාපිත කිරීම, ප්‍රවර්ධනය කිරීම දියුණු දේශපාලන සංස්කෘතියක් අගයන සමාජයක අපේක්ෂාව විය යුතු බව විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කථානායකවරයා වෙත යවන ලද ලිපිය මගින් පෙන්වා දී ඇත.

    කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සංකීර්ණ සමාජීය ගැටලුවක් මෙන්ම මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් බවට අද පත්ව ඇති බවත් කායික, වාචික හෝ මානසික හානියක් සිදු කරන ඕනෑම ක්‍රියාවක් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ලෙස නිර්වචනය කළ හැකි බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ. මෙහිදී කථානායකවරයාගේ විශේෂ අවධානයට ලක්කරමින් සදහන් කර ඇත්තේ වාචික අපයෝජන, තර්ජනය කිරීම, අපහාස කිරීම, විවේචනය කිරීම, හාස්‍යයට උපහාසයට ලක් කිරීම බහුල වශයෙන් දැකිය හැකි අතර එය උත්තරීතර පාර්ලිමේන්තුව තුළද සිදුවීම කණගාටුදායක තත්වයක් බවයි.

    කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය අවම මට්ටමක පවතින අවස්ථාවක පාර්ලිමේන්තුවට ‌තේරී පත්වූ මන්ත්‍රීවරියන් 12 දෙනාගේ ගෞරවය ආරක්ෂා වෙන අයුරින් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ නිකුත් කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමට කථානායකතුමාගේ කාරුණික අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටියි
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    hmm too bad they didn't have this enthusiam
    when a girl set herself on fire in a mp s home
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පාර්ලිමේන්තුවේ වැදගත් විදිහට කතා කරන්න බැරි. කාන්තාවකට ගරු කරන්න දන්නේ නැති තක්කඩි පන්නල දාන්න ඕන. නැත්නම් වෙන්නේ ඉස්සරහටත් තව තව ජරා තක්කඩි එන එක, මූ කරපු දේ නිකම් අතැරලා දැම්මොත් ඉස්සරහට එන උන්, ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුව ඇතුළේ රේප් එකක් කළත් මොකුත් කරගන්න බැරි වෙයි. මේකා වගේ උන් නිසා ව්‍යවස්ථාදායකයේ පිළිගැනීම බාල්දු වෙන එක වලක්වන්න ඉම්පීච් කරලා පන්නන්න ඕන.