තිස්‌ස, ආණ්ඩු පක්ෂයේ ආසනයක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    තිස්‌ස, ආණ්ඩු පක්ෂයේ ආසනයක්

    :angry:
    :no:
    :angry:
    :no:
    :angry:
    :no:
    :angry:
    එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරයකු වන තමන්ට ආණ්‌ඩු පක්‌ෂයේ අසුනක්‌ වෙන්කර නැති බව පවසමින් තිස්‌ස අත්තනායක මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේ සභා ගැබට නොපැමිණ යළි හැරී ගොස්‌ ඇත.

    පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන ආකාරයට තිස්‌ස අත්තනායක මහතා මේ පිළිබඳව මහ ලේකම් ධම්මික දසනායක මහතාගෙන්ද විමසීමක්‌ කර තිබේ. මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ සභානායකවරයා විසින් ලබාදුන් මන්ත්‍රී ලැයිස්‌තුවට අනුව අසුන සකස්‌ කළ බවය.

    ඉන්පසුව තිස්‌ස අත්තනායක මහතා කථානායක චමල් රාජපක්‌ෂ මහතා හමුවී මේ පිළිබඳව විමසා ඇත. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා හමුවී ගැටලුව විසඳා ගන්නා ලෙසට කථානායකවරයා අත්තනායක මහතාට දැනුම්දී තිබේ. අත්තනායක මහතාට විපක්‌ෂයේ අසුනක්‌ ලබාදිය හැකි බව මහලේකම්වරයා ප්‍රකාශ කළ බව තිස්‌ස අත්තනායක මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය.

    තමන් එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරයෙකු බැවින් විපක්‌ෂයේ අසුන් ගතහොත් සිය මන්ත්‍රීධුරය අහිමිවීමේ අවදානමක්‌ ඇතැයි ප්‍රකාශ කර ඇති තිස්‌ස අත්තනායක මහතා විපක්‌ෂයේ අසුන් ගැනීම ප්‍රතික්‌ෂේප කර පාර්ලිමේන්තුවෙන් පිටව ගොස්‌ ඇත.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පව් බං මේ මනුස්සයට ආණ්ඩු පක්ෂයේ වාඩි වෙන්න පිනක් ඇත්තෙම නැද්ද කොහෙද :baffled:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    ම්ම්ම්ම්

    අපි බලමු මොකද වෙන්නේ කියලා ....