තීරණය ඔබ සතුය ............ඔබ 9 වසර දක්වා හෝ නිදහස් අධ්R
ඔබේ තීරණයට පෙර මේ ගැනත් සිතන්න
ඔබත් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව උනන්දු කෙනෙක්ද ? එසේනම් මේ කරුණු පිළිබඳවත් කරුණාවෙන් සලකන්න .
ඔබ 9 වසර දක්වා හෝ නිදහස් අධ්‍යාපනය ලැබුවෙක්නම් , සමාජ අධ්‍යයනය වැනි විෂය වලදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන දර්ශක ඉතා ඉහළ අභිමානයෙන් ඉගෙනගෙන ඇති බව නිසැකය . සෙසු දර්ශක රැසකදී ඉතා පිටුපසින් පසු වූ අප , මෙම දර්ශක වලදී පමණක් ඉදිරියට පැමිණියේ දේශපාලකයාගේ කැපවීම නිසාමද ? කුමන රජයක් පැවතුනද මෙම දර්ශක ඉතා ඉහල අගයක පැවතුණි . C .W .W . කන්නංගර මැතිතුමන්ද දේශපාලකයෙකි . එහෙත් අදටත් ඉහළ දර්ශක අත්කිරීමට අඩිතාලම දැමූ , නිදහස් අධ්‍යාපනයේ පියා වූ එතුමන්ද මහජනතාව ප්‍රතික්ෂේප කළේ , දේශපාලනයට සුදුසු රට ගැන නොසිතන , තමාගේ සුඛවිහරණය පමණක් සිතන පිරිසක් බව ඔබ හා මා පිළිගන්නා බව පසක් කරමිනි .
ඔබ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ මැදිහත් සිතින් විමසන පුද්ගලයෙක් බව සිතමි . ඔබ ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව හසල දැනුමක් ඇත්තෙක්ද වියහැක . එහෙත් ඔබේ තීරණයට පෙර පහත කරුණු දන්නවාද යැයි කරුණාවෙන් සළකන්න .
රජයේ වෛද්‍ය පීඨ වලට ශිෂ්‍යයන් ඇතුළත් කර ගනු ලබන්නේ අ .පො .ස . උසස් පෙළ ප්‍රතිපල අනුවයි . මෙහිදී දිස්ත්‍රික්ක කුසලතාව සැළකිල්ලට ගනු ලබන්නේ ලංකාවේ දිස්ත්‍රික්ක වල සම්පත් පැතිරීම අසමාන බැවිනි . මේ මගින් ඈත ගමක දරුවෙකුට පවා වෛද්‍යවරයෙක් වීමේ හැකියාව ස්ථාපිත කරයි . මෙය නගරාසන්න තරඟකාරී පරිසරයේ අයට අසාධාරණ විය හැක . නමුත් ලංකාවේ බහුතරයක් තවමත් ග්‍රාමීය බව 9 වසර සමාජ අධ්‍යයනය කියවපු අයට මතක ඇත.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වන ශිෂ්‍යයෙක් , වසර 5 මාස 3 ක කාලයක් වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය ලබයි .මෙහිදී රජයේ රෝහල් වල සායනික පුහුණුව වසර 3කට වැඩි කාලයක් ලබාගනී . එහි සියලු විභාග සමත් වූ පසුව , වසරක කාලයක් විශේෂඥ වෛද්‍යවරුන් යටතේ වසරක කාලයක් House officer[HO ] ලෙස කටයුතු කරයි . එම කාලය සාර්ථකව සම්පුර්ණ කළ අයට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC ) අනුමැතිය ලැබේ . එම අනුමැතිය රහිතව ලංකාව තුළ රෝගී ප්‍රතිකාර කළ නොහැක . ඉන් පසුව Medical officer [MO], Resident house officer[RHO ], Senior house officer [SHO ]ආදී විවිධ මට්ටම් වලදී සේවය කරනු ලබයි . වෛද්‍ය පශ්චාත් උපාධි වල පළමු අදියර MD part 1 සමත් වූ විට Registrar[R ]ලෙසද , දෙවන අදියර MD part 2 සමත් වූ විට Senior Registrar [SR ] ලෙසද කටයුතු කරයි . Senior Registrar ලෙස කටයුතු කළ පසුව , විශේෂඥ පුහුණුව හා විදේශ විභාග සමත් වූ පසු විශේෂඥ වෛද්‍යවරයෙක් ( Consultant) වීමට සුදුසුකම් ලබයි .
ඔබත් ශික්ෂණ රෝහලකට ගිය අයෙක්නම් , සුදු පැහැති Clinical coat ඇඳගත් වෛද්‍ය සිසුන් ඔබ දැක ඇතුවාට සැක නැත . එසේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් තමාට වැදගත්ම රෝගී ප්‍රතිකාර දැනුම ලබා ගන්නේ රෝහලෙනි . වෛද්‍ය පීඨයෙදි ඔවූන් ඉගෙන ගන්නා Theory , ප්‍රායෝගිකව අත්විදින්නේ වාට්ටුව තුලයි . එහිදී ඔවූන්ගේ වැදගත්ම ගුරුවරුන් වන්නේ ඔබයි . වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීම, ඔවූන්ගේ නිවැරදි කිරීම් කරනු ලබන්නේ ඉහත සඳහන්කළ Consultant, SR , R , MO , SHO , RHO , HO යන සමස්ථ වෛද්‍ය ප්රජාවයි . වෛද්‍ය පීඨයට අනුයුක්ත අයට හැර , වෙනත් කිසිදු අයෙකුට මෙසේ ඉගැන්වීම සඳහා කිසිදු මුදල් ගෙවීමක් සිදු නොකරයි . නමුත් නිදහස් අධ්‍යාපනයෙන් උගත් වෛද්‍යවරුන් ලෙස , එයට කළගුණ දැක්වීමක් හා තම යුතුකමක් ලෙස සළකා මෙසේ වෛද්‍ය ශිෂ්‍යයන්ට ඉගැන්වීම සිදුකරනු ලබයි . ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අද්විතීය ලක්ෂණය එයයි . එවන් පද්ධතියක්
රහිතව , ලැබෙන ප්‍රතිපාදන වලින් පමණක් වෛද්‍ය වරුන් බිහිකරන්න සිහින දුටුවේනම් , ලොව ඕනෑම රටක සේවය කළ හැකි , නිපුණත්වයෙන් යුත් වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ බිහි නොවණු ඇති . එවන් වෛද්‍ය වරුන් බිහි කිරීමේ පදනම , මුදලට මිලදී ගත නොහැකි වූ , කළගුණ සැලකීම මත බිහිවූ පද්ධතියයි .
වෛද්‍ය පීඨ වලට අනුයුක්ත ආචාර්යවරු , ශිෂ්‍යයන්ට වෛද්‍ය විද්‍යාවේ මුලික කරුණු , නිපුණතා , රෝගී ප්‍රතිකාර ක්‍රම පිලිබඳව වෛද්‍ය ශිෂ්‍යයන්ට දැනුම ලබා දෙයි . මෙම ආචාර්යවරු බහුතරයක් විශේෂඥ වෛද්‍යවරු වේ . ඔවුන්ට ලැබෙන වැටුප , ඔවුන්ගේ වටිනාකමට වඩා ඉතා සුළු ප්රමාණයකි . නමුත් , විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වර්ජන කරන විටදී , වෛද්‍ය පීඨ ආචාර්යවරු බොහෝ විට ඊට සම්බන්ධ නොවන්නේ , එක් දිනක වර්ජනයකින් පවා ශිෂ්‍යයන්ගේ උපාධිය මාස ගණනකින් ප්‍රමාධ විය හැකි බැවිනි . ඔවුන් එසේ උගන්වනු ලබන්නේ ඔවුන්ද නිදහස් අධ්‍යාපනය තුලින්ම ඉගෙනගත් පිරිසක් බැවිනි .
එහෙත් දේශපාලඥයාට මෙවන් පද්ධතියක් දරා ගැනීම ඉතා අසීරු කාරණයකි . නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන , විශේෂඥ වෛද්‍යවරු වූ කූථ ව්‍යාපාරිකයන්ට මෙවැනි පද්ධතියක විවුර්ත හා සීමිත අවස්ථා නිසා , තම දරුවා මෙම පද්ධතියට ඇතුල් කිරීම අපහසු වී ඇත . මන්දයත් චන්දය පැරදී වුවත් ඇමැති වරුන් වන අයුරින් මෙම පද්ධතිය තුල අවස්ථා නැත .එබැවින් , මුදල් බලයෙන් වෛද්‍යවරයෙකු තැනීමේ සිහිනයෙන් වංචනික උපාධි කඩ ස්ථාපිත කරයි . ස්ථාපනයෙන් වසර ගණනක් යන විට , පිළිගැනීමක් නොමැති බව දැනගත්විට , මුදලට විකිණෙන දේශපාලකයෙක් ලවා "අනුමැතිය" යැයි කියාගන්නා ලියවිල්ලක් ලබා ගනී . මුදල් බලය , දේශපාලන බලය මතම යැපෙමින් , කෝටිපතියන්ගේ , දේශපාලන හිතවතුන්ගේ දරුවන් බඳවා ගනී . ලංකාවේ නීති වලට පටහැනිව "ශික්ෂණ රෝහලක් " යැයි කියාගන්නා ගොඩනැගිල්ලක් ඉදිකරයි . අනතුරුව තමාගේ ස්ථානයේ ප්‍රමිතිය සුපිරියැයි ඔවුන් මුදල් ගෙවා මාධ්‍යය මගින් පුරසාරම් බාමින් වෛද්‍ය සභාවට එය අධීක්ෂණයට ආරාධනා කරයි . වෛද්‍ය සභාව 2009න් වසර 6කට පසුව එය නැවත අධීක්ෂණය කරයි . එම වාර්තාවෙන්ද තත්ත්වය බාල බව සනාථ කරයි . ඒ ගැන මහජනතාව දැනුවත්කර , නොමග යැවීම වැලැක්වීමට පුවත්පත් දැන්වීම් පවා පළ කරයි . සෞඛ්‍ය ඇමැතිතුමාටත් නිර්දේශ ඉදිරිපත් කරයි . මීට පෙර වෛද්‍ය සභාව ප්‍රමිතිය රහිත බව , එවකට සෞඛ්‍ය ඇමති , වත්මන් ජනාධිපතිතුමාට දැනුම් දුන්විට , මෙම ආයතනයට සිසුන් බඳවාගැනීම නවත්වන ලෙස එතුමා පුවත්පත් නිවේදන නිකුත්කරයි . එසේ තිබියදී පවා නොනවත්වාම සිසුන් බඳවාගැනීම සිදුකරයි . පුදුමයටමෙන් , මෙවර වෛද්‍ය සභාව එම නිර්දේශයම ඉදිරිපත්කරන විට , වත්මන් සෞඛ්‍ය ඇමති රජයේ රෝහල් එම ආයතනයට විකිණීමට කැමැත්ත පළකරයි . [ කරුණාවෙන් සළකන්න : ඡන්දයට පෙර ඔවුන් මෙවැනි හොර ආයතන වසා දමන බවට පුරසාරම් දෙඩ වූ අතර , පවුල් සේවනය අධික ලෙස විවේචනය කරන ලදී . පසුව මොහු තම පක්ෂයෙන්ම තම පුතා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට කටයුතු කරන ලදී . දැන් ඔහුගේ පුතාගේ බිරිඳ, එම උපාධි කඩයේ ශිෂ්‍යයෙක් ලෙස ලියාපදිංචි කර ඇත .]
මෙසේ රජයේ රෝහල් ලබා දීමට හැකිද ? ඉහත කී පරිදි , මෙරට වෛද්‍ය අධ්‍යපනයේ කොඳු නාරටිය ස්වෙච්චාවෙන් තාම උගත් දේ ඉදිරි පරම්පරාවට ඉගැන්වීමයි . එම කොඳු නාරටිය බිඳ දැමුවිට වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය බාල වනු නියතයි . එසේ තමන් උගත් දේ පද්ධතියට කළගුණ සැලකීමක් ලෙස ඉගැන්වීමේ සම්ප්රදාය, මුදල් බලයෙන් වල්මත් වූ පිරිස් වලට විනාශ කිරීමට ඉඩ දිය යුතුද ? ඔබ රෝගී වී රෝහලකට ඇතුලත් වූ විට , මුදල් බලය පමණක් සුදුසුකමක් වූ පිරිසක් ඔබට ප්‍රතිකාර කරන යුගයකට ඔබ සුදානම්ද ?
මෙහි හාස්‍යට කරුණ නම් , රටේ වෛද්‍ය වරුන් ගේ ප්‍රමිතිය රකින ආයතනයේ නිර්දේශ , රටේ සෞඛ්‍ය ඇමතිතුමා විසින් තම ලේලියගේ නිර්දේශ මත පිලිනොගැනීමයි .
ඇතැම් නීතිඥයන් ,ගුරුවරුන් , ඉන්ජිනේරුවන් , ගණකාධිකාරිවරුන් මෙන්ම , ඇතැම් වෛද්‍යවරුන්ද වැරදි කරන බව නියතය . ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැත . හාස්‍යට කරුණ නම් , වෛද්‍ය සභාව යනු මහජනතාවගේ ; එනම් ඔබේ ආයතනයයි . වෛද්‍යවරයකු වරදක් කළ විට , ඔබේ පැමිණිලි විභාගකර වෛද්‍යවරුන්ට දඬුවම් දෙන ආයතනයයි . අවාසනාවකටමෙන් වෛද්‍ය සභාවේ හිටපු සභාපතිනිය වූ මහාචාර්ය ලලිතා මෙන්ඩිස් මැතිණිය ඉල්ලා අස්වූයේ , මෙම හොර උපාධි කඩයට හොර පාරෙන් අවසර ගන්න දේශපාලකයන් ඇයට එල්ල කළ තර්ජන නිසා යැයි ඇයම පවසයි . ඉන් අනතුරුව වුවත් , ප්‍රමිතිය නිසි පරිදි පවත්වාගත් වෛද්‍ය සභාව , මෙම හොර ආයතනය ප්‍රමිතියෙන් තොර බව පුවත්පත් දැන්වීම් වලින් දැනුවත් කලේ රටේ මහජනයා වන ඔබ හා මායි .
වෛද්‍ය සභාව යනු ඔබව රකින ආයතනයි . වෛද්‍යවරුන්ගේ ගුණාත්මකබව පවත්වන ආයතනයි .
ඉතින් , හසල බුද්ධියක් හා තර්කන ශක්තියක් ඇති ඔබ වැනි පුද්ගලයන් ,
වෛද්‍ය සභාව නැවත නැවත ප්‍රතික්ෂේප කරන , කූට දේශපාලකයන් හා ව්‍යාපාරිකයන් විසින් කෝටිපතියන්ට රිසි ලෙස ඔබ අප පාලනයට දොරටු විවර කර , ගිලින් වූ විට ජීවිත පවා බිල්ලට දෙන මෙවැනි ආයතන ගැන තවත් නිහඬව සිටිනවාද ? රටේ යහපත් පද්ධති සියල්ල විනාශ කරමින් , සෞඛ්‍යයත් , අධ්‍යාපනයත් විනාශයට ඉඩතබනවාද ?
නැත්නම් එක්ව ,
සෞඛ්‍යත් ,අධ්‍යාපනයත් රැකගනිමින් දේශපාලකයන්ට , ව්‍යාපාරිකයන්ට, අවස්ථාවාදීන්ට එරෙහිව ; රටට අනන්‍ය වූ , රටේ වෛද්‍ය අධ්‍යාපන පද්ධතිය සුරකිනවාද ?

තීරණය ඔබ සතුය .