******තීරණ ගැනිම******

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    තීරණ ගැනිම

    අභියෝග වලට මුහුණ දීමේ දි නිවැරදි තීරණ ගැනීම වැදගත් වේ.මිනිසුන් තීරණ ගැනිමේදි නොයෙක් ක්ර ම අනුගමනය කරයි. ඒවා අතර හදිසි තිරණ ගැනිම , ආවේගයන් මත තීරණ ගැනීම , සියලු කරුණු සොයා බලා තිරණ ගැනිම හා සමහර විට තිරණ ගැනිම කල් දැමීම හෝ තමා වෙනුවෙන් අන් අයට තිරණ ගැනිමට ඉඩ හැරීම උදාහරණ ලෙස දැක්විය හැක. වඩාත් වැදගත් වනුයේ නිවැරදි තිරණ නිවැරදි වේලාවට ගැනිම සදහා අප තුල ඇති නිපුණතාවයයි.
    ගැටලු නිරාකරණය

    ගැටලුවකට මුහුණ දුන් කෙනෙකුට එය නිරාකරණය කර ගැනිමට නොහැකි විම තුල බොහෝ අපහසුතාවයන් ට මුහුණ දීමට සිදුවන බව නොරහසකි. ගැටලු නොවිසදි තිබිම මානසික අසහනයට හේතු වේ. එහි ප්රදතිඵලයක් ලෙස සමහර විට එය ජිවිතයට හානි වන අන්දමින් කෙළවර වන අවස්ථා ද අප දැක ඇත. එම නිසා ගැටලු නිරාකරණය සදහා ඇති ක්රනම වේදය ද ගැටලු විසදීමේ දි විකල්පයන් පිළිබද සිතීමේ වැදගත් කම ද මෙහි දි වැදගත් වෙයි.

    නිර්මාණශීලි චින්තනය

    ලෝකය නිරන්තරව වෙනස් වෙන්නේ නිර්මාණශිලි පුද්ගලයන් නිසාය. අභියෝග වලට මුහුණ දිමේ දි ස්ථානෝචිත ප්රනඥාවෙන් යුතුව කටයුතු කිරිමත් , අපහසු අවස්තා වල දි උපක්ර ම ශීලිව කටයුතු කිරිමේ වැදගත් කමත් නිර්මාණශීලි චින්තනය උපයෝගි කර ගන්නා අවස්ථාවන් ලෙස දැක්විය හැක.

    මානසික ආතතියට මුහුණ දීම

    ඕනෑම සිද්ධියක් හෝ අවස්ථාවක් නිසා පුද්ගලයෙකු තුල ඇති වන නොසන්සුන්තාවය හෝ අපහසුතාවය මානසික ආතතිය ලෙස හැදින්විය හැකකිය. යම්කිසි ප්රසමාණයක ආතතියක් තිබීම ඵලදායි වන අතර එය සිමාව ඉක්මවා වැඩිවිම ඵලදායි නොවන ආතතියක් ලෙස දැක්විය හැකිය. පාලනය කර ගැනිමට නොහැකි මට්ටමේ ආතතීන් පුද්ගලයෙකුගේ සෞඛ්‍යය පිරිහීමට හේතු වේ. එම නිසා ආතතින් පාලනය කර ගැනිම සදහා ඇති විවිධ ක්‍රමවේදයන් භාවිතා කිරිමට දැන සිටිම ප්‍රයෝජනවත්ය.

    මෙය උපුටා ගෑනිමකි...
     

    Similar threads