තුන්වන ලෝක යුද්ධය අත ළඟ?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    තුන්වන ලෝක යුද්ධය අත ළඟ?

    nuclear_blast-550x420.jpg

    අප කුඩා කාලයේදී පිරිසිදු ජලයේ ඇති වටිනාකම කියා දීමට ගුරුවරුන් සුලබව භාවිතා කළ වැකියක් වුයේ අනාගතයේ තුන් වන ලෝක යුද්ධය ඇති විය හැක්කේ ජලය බෙදා ගැනීමට නොහැකිව වනු ඇත යන්නයි.

    එහෙත් වර්තමානයේ ජලයට වඩා ආගම පෙරට පැමිණ තිබේ. ආගම අබින් වැනියැයි කාල් මාස්ක්ද වරෙක කිවේය.ලෝකය කුමන මොහොතක භයානක යුධ පිටියකට පෙරළේදැයි කිව නොහැකි තරම් දැඩි අවිනිශ්චිතතාවයක් මේ අන්තවාදී ආගම්වාදය නිසා නිර්මාණය වී තිබේ.

    පසුගිය නොවැම්බර් 13 ආදරයේ නගරය ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ප්‍රහාරයත් සමඟින් මේ යුධ උණුසුම තීව්‍ර වී තිබේ. පැරිස් ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සිස් හොලන්දේ ප්‍රකාශ කර සිටියේ තම රට විශාල යුද්ධයකට ඇද දමා තිබෙන බවයි.

    එහෙත් ඊට පෙට ලෙබනනයේ බේරුට් අගනුවරටද අයි එස් සංවිධානය ඉතා කුරිරු ප්‍රහාරයක් දියත් කර තිබුණි.

    ඒ අතරවාරයේ IS සංවිධානය, ඔවුන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන සිටි චීන ජාතිකයෙකු හා නෝර්වේජියානු ජාතිකයෙකුද ඝාතනය කරනු ලැබීය. ත්‍රස්තවාදය ලෝකයේම සතුරා බව චීනය ප්‍රකාශ කල අතර නොර්වේ විසින්ද අදාළ සිදුවීම දැඩිව හෙලා දකිනු ලැබීය.

    IS සංවිධානය සිදුකල ආසන්නතම ප්‍රහාරය වන්නේ පසුගිය අඟහරුවාදා, ඊජිප්තුවේ ස්විස් ඉන් හෝටලයේ ආසන්නයේ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි. ඉන්, විශේෂ පොලිස් හා හමුදා ආරක්ෂාව යටතේ එම හෝටලයේ රැඳී සිටි විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුද ඇතුළුව හත්දෙනෙකු මිය ගියහ.

    මේ අතරවාරයේ පසුගියදා අන්තර්ජාලය තුල හුවමාරු වූ පුවතකින් කියවුනේ IS සංවිධානයේ මහා මොලකරු ලෙස සැලකෙන අබු බකර් අල්බග්දාදී සිරියානු ජාතිකයෙකු නොව, ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන මොසාඩ්හි නියෝජිතයෙකු බව ප්‍රංශ රහස් ඔත්තු සේවා මඟින් අනාවරණය කරගෙන ඇති බවයි.ඔහු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය රහස් ඔත්තුසේවා සමඟද සම්බන්ධතා පවත්වා ඇති බව එම වාර්තා වල සඳහන් කර තිබුණි.

    මේ නිසා ඉස්ලාම් ආගම්වාදී ත්‍රස්තවාදී කල්ලි පිලිබඳ කතාන්දරය දැන් පැටලුනු නූල් බෝලයක තත්වයකට පත්ව ඇති අතර කෙසේවෙතත් අයිඑස් සංවිධානයේ අරමුණ විවිධාකාරයේ මනුෂ්‍ය ඝාතන සිදු කරමින් ඒ ඒ රටවල් කුපිත කරවමින් යුද්ධයකට පටලවා ගැනීම බව නම් පැහැදිලිය.

    IS ත්‍රස්තවාදී භීතිකාවෙන් මුළු ලෝකයම ඇලලී ගොස් ඇති අතර, කොරියාවද පසුගියදා, මේ ත්‍රස්තවාදී උවදුරෙන් තමන් ආරක්ෂාකාරී නොවන බව ප්‍රකාශ කර තිබුණි.
    IS සංවිධානය විසින් අමෙරිකාවේ වොෂින්ටනයට, ප්‍රංශයේ ජනාධිපතිවරයාටද තර්ජනය කරමින් වීඩියෝ පට නිකුත් කර ඇති අතර ත්‍රස්තවාදීන් සෙවීමේ මෙහෙයුම් වලින් බෙල්ජියමද කැළඹී සිටී.
    ඒ අතරවාරයේ රුසියානු ප්‍රහාරක යානයකට තුර්කිය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර හේතුවේන්, රුසියන් ජනපතිවරයා දැන් තුර්කිය සමඟද පසුවන්නේ අමනාපයෙනි.

    IS සංවිධානයට එරෙහිව සටන් වැදීමට ලොව සියලුම රටවල් එකතුවිය යුතුය යන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව මේ වන විට ඒකමතිකව සම්මත වී තිබෙන අතර එය IS සංවිධානයට කල අනතුරු ඇඟවීමක් ද වෙයි.

    IS සංවිධානය විසින් පළ කරන Dabiq සඟරාවේ ,ලංකාවේ 16 දෙනෙක්ද එහි සාමාජිකත්වය ලබාගෙන ඇති බව පළ කර තිබීමෙන්, ලංකාවද දැන් මෙම ගැටලුවට මැදිව තිබේ.

    IS ත්‍රස්තවාදයට එරෙහිව කරන ලෝක බලවතුන්ගේ යුධ මෙහෙයුම් දිනෙන් දින උග්‍ර වන අතරේ, ලෝක සාමය හා ආරක්ෂාවද බරපතල තර්ජනයකට මුහුණ පා සිටි. දැන් පවතින තත්වය තවත් ලෝක යුද්ධයකට පෙරලීමේ අවධානමද, පවතින්නේ ඉහල අගයකය. යම්හෙයකින් ලෝක බලවතුන් තමන්ගේ න්‍යෂ්ටික අවි ආයුධ කරළියට ගතහොත් නිර්මාණය විය හැකි තත්වය හෝ සිදුවිය හැකි විනාශයද සුළුපටු නොවනු ඇත.


    salakala yanna kollane :no::no::no:

    source
    http://www.wedabima.lk/%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA-%E0%B6%85%E0%B6%AD-%E0%B7%85%E0%B6%9F#.VlbF-3zkhJI.facebook
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ අතරවාරයේ පසුගියදා අන්තර්ජාලය තුල හුවමාරු වූ පුවතකින් කියවුනේ IS සංවිධානයේ මහා මොලකරු ලෙස සැලකෙන අබු බකර් අල්බග්දාදී සිරියානු ජාතිකයෙකු නොව, ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන මොසාඩ්හි නියෝජිතයෙකු බව ප්‍රංශ රහස් ඔත්තු සේවා මඟින් අනාවරණය කරගෙන ඇති බවයි.ඔහු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය රහස් ඔත්තුසේවා සමඟද සම්බන්ධතා පවත්වා ඇති බව එම වාර්තා වල සඳහන් කර තිබුණි.


    1280x720-FlK.jpg

    isis_035.jpg
     
    • Like
    Reactions: manjulabw

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ISIS un iran walata gahanne natthe aei ban iran wala ne shia un inne

    eka thami terum ganin. ISIS eka kiyanne muslim sanvidanayak nevi.
    muslim sanvidana thami Taliban, hamas, al qaeda kiyanne ISIS kiyanne US/Isreal plan ekak Middle east unstable karanna. ethakota unta tel ganna puluwan. godak un muslim unta vaira karana nisa unta penne hama trasta sanvidanayakma muslim unge kiyayai. anna ethanai varadda. muslim un hoda un kiyanava nevi. namuth US/Israel un ita vada hapan.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    eka thami terum ganin. ISIS eka kiyanne muslim sanvidanayak nevi.
    muslim sanvidana thami Taliban, hamas, al qaeda kiyanne ISIS kiyanne US/Isreal plan ekak Middle east unstable karanna. ethakota unta tel ganna puluwan. godak un muslim unta vaira karana nisa unta penne hama trasta sanvidanayakma muslim unge kiyayai. anna ethanai varadda. muslim un hoda un kiyanava nevi. namuth US/Israel un ita vada hapan.
    Isis un kuliyata wada karanne. Unta gewanawa. Ayuda American karayo denne. Meke lokema dannawa eth Muslim un wenuwen kauruth kata karanna kamathi ne. Russian wadeta basse muslim unta adareta nemei america ekka tiyena tarahati. Habei oken wenny balawath ratawal bedila passe loku war ekak ati weida kiyalai (nuclear) use kaloth me loke apahu goda ganna amaruyi
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම නං කියන්නේ 3 වන ලෝක උද්දයක් එන්න ඕනා බං. දැන් මේ ලෝකේ refresh කරන්න කාලේ හරි. 2 වන ලෝක යුද්දෙන් පස්සේ දැන් අවරුදු 70+ විතර උනා නේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,566
    17,615
    113
    Auckland
    බෑග්ඩාඩි CIA ඩබල් ඒජන්ට් කෙනෙක් විදියට එකට වැඩ කරපු එකෙක්. ඌ ඇමරිකන් tactics හොදට දන්නව
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම නං කියන්නේ 3 වන ලෝක උද්දයක් එන්න ඕනා බං. දැන් මේ ලෝකේ refresh කරන්න කාලේ හරි. 2 වන ලෝක යුද්දෙන් පස්සේ දැන් අවරුදු 70+ විතර උනා නේ

    තුන්වැනි ලෝක යුද්ධයක් ආවොත් ඉතුරු වෙන්න ලෝකෙකුත් නෑ. නියුක්ලියර් බෝම්බයක් පිපිරුනාට පස්සේ ඇතිවෙන විකිරණශීලි තාව අවුරුදු දස දහස් ගාණක් ගියත් යන්නේ නෑ. වතුර, වාතය, ගස් කොළන්, පස ,ගොඩ නැගිලි, මේ ඔක්කොම විකිරණශීලි වෙනවා, ඉතුරු වෙන මිනිස්සු පිළිකා හැදිලා මැරිලා යනවා. බෝම්බේ පිපිරුණ ළග පාතක වත් ජීවත් වෙන්න බෑ අවුරුදු ලක්ෂ ගාණක් ගියත් විකිරණශීලි තාව නිසා. දෙවැනි ලෝක යුද්ධයට මේක සමාන කරන්න එපා. මේක නිසා තමයි මොන වළි ගියත් කිසිම එකෙක් ලෝක යුද්ධයක් ඇති කරන්නේ නැත්තේ. නමුත් මෝඩ යකෙක් මොකක් හරි ප්‍රබල රටක ජනාධිපති වුනොත් ඉවරයි.
     
    Last edited:

    Similar threads