තුන්වන ලෝක යුද්ධය අත ළඟ?

අප කුඩා කාලයේදී පිරිසිදු ජලයේ ඇති වටිනාකම කියා දීමට ගුරුවරුන් සුලබව භාවිතා කළ වැකියක් වුයේ අනාගතයේ තුන් වන ලෝක යුද්ධය ඇති විය හැක්කේ ජලය බෙදා ගැනීමට නොහැකිව වනු ඇත යන්නයි.
එහෙත් වර්තමානයේ ජලයට වඩා ආගම පෙරට පැමිණ තිබේ. ආගම අබින් වැනියැයි කාල් මාස්ක්ද වරෙක කිවේය.ලෝකය කුමන මොහොතක භයානක යුධ පිටියකට පෙරළේදැයි කිව නොහැකි තරම් දැඩි අවිනිශ්චිතතාවයක් මේ අන්තවාදී ආගම්වාදය නිසා නිර්මාණය වී තිබේ.
පසුගිය නොවැම්බර් 13 ආදරයේ නගරය ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ප්‍රහාරයත් සමඟින් මේ යුධ උණුසුම තීව්ර වී තිබේ. පැරිස් ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්සිස් හොලන්දේ ප්‍රකාශ කර සිටියේ තම රට විශාල යුද්ධයකට ඇද දමා තිබෙන බවයි.
එහෙත් ඊට පෙට ලෙබනනයේ බේරුට් අගනුවරටද අයි එස් සංවිධානය ඉතා කුරිරු ප්‍රහාරයක් දියත් කර තිබුණි.
ඒ අතරවාරයේ IS සංවිධානය, ඔවුන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන සිටි චීන ජාතිකයෙකු හා නෝර්වේජියානු ජාතිකයෙකුද ඝාතනය කරනු ලැබීය. ත්‍රස්තවාදය ලෝකයේම සතුරා බව චීනය ප්‍රකාශ කල අතර නොර්වේ විසින්ද අදාළ සිදුවීම දැඩිව හෙලා දකිනු ලැබීය.
IS සංවිධානය සිදුකල ආසන්නතම ප්‍රහාරය වන්නේ පසුගිය අඟහරුවාදා, ඊජිප්තුවේ ස්විස් ඉන් හෝටලයේ ආසන්නයේ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි. ඉන්, විශේෂ පොලිස් හා හමුදා ආරක්ෂාව යටතේ එම හෝටලයේ රැඳී සිටි විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුද ඇතුළුව හත්දෙනෙකු මිය ගියහ.
මේ අතරවාරයේ පසුගියදා අන්තර්ජාලය තුල හුවමාරු වූ පුවතකින් කියවුනේ IS සංවිධානයේ මහා මොලකරු ලෙස සැලකෙන අබු බකර් අල්බග්දාදී සිරියානු ජාතිකයෙකු නොව, ඊශ්‍රායලයේ රහස් ඔත්තු සේවය වන මොසාඩ්හි නියෝජිතයෙකු බව ප්‍රංශ රහස් ඔත්තු සේවා මඟින් අනාවරණය කරගෙන ඇති බවයි.ඔහු ඇමෙරිකා හා බ්‍රිතාන්‍ය රහස් ඔත්තුසේවා සමඟද සම්බන්ධතා පවත්වා ඇති බව එම වාර්තා වල සඳහන් කර තිබුණි.
මේ නිසා ඉස්ලාම් ආගම්වාදී ත්‍රස්තවාදී කල්ලි පිලිබඳ කතාන්දරය දැන් පැටලුනු නූල් බෝලයක තත්වයකට පත්ව ඇති අතර කෙසේවෙතත් අයිඑස් සංවිධානයේ අරමුණ විවිධාකාරයේ මනුෂ්‍ය ඝාතන සිදු කරමින් ඒ ඒ රටවල් කුපිත කරවමින් යුද්ධයකට පටලවා ගැනීම බව නම් පැහැදිලිය.
IS ත්‍රස්තවාදී භීතිකාවෙන් මුළු ලෝකයම ඇලලී ගොස් ඇති අතර, කොරියාවද පසුගියදා, මේ ත්‍රස්තවාදී උවදුරෙන් තමන් ආරක්ෂාකාරී නොවන බව ප්‍රකාශ කර තිබුණි.
IS සංවිධානය විසින් අමෙරිකාවේ වොෂින්ටනයට, ප්‍රංශයේ ජනාධිපතිවරයාටද තර්ජනය කරමින් වීඩියෝ පට නිකුත් කර ඇති අතර ත්රස්තවාදීන් සෙවීමේ මෙහෙයුම් වලින් බෙල්ජියමද කැළඹී සිටී.
ඒ අතරවාරයේ රුසියානු ප්‍රහාරක යානයකට තුර්කිය විසින් එල්ල කරනු ලැබූ ගුවන් ප්‍රහාර හේතුවේන්, රුසියන් ජනපතිවරයා දැන් තුර්කිය සමඟද පසුවන්නේ අමනාපයෙනි.
IS සංවිධානයට එරෙහිව සටන් වැදීමට ලොව සියලුම රටවල් එකතුවිය යුතුය යන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව මේ වන විට ඒකමතිකව සම්මත වී තිබෙන අතර එය IS සංවිධානයට කල අනතුරු ඇඟවීමක් ද වෙයි.
IS සංවිධානය විසින් පළ කරන Dabiq සඟරාවේ ,ලංකාවේ 16 දෙනෙක්ද එහි සාමාජිකත්වය ලබාගෙන ඇති බව පළ කර තිබීමෙන්, ලංකාවද දැන් මෙම ගැටලුවට මැදිව තිබේ.
IS ත්රස්තවාදයට එරෙහිව කරන ලෝක බලවතුන්ගේ යුධ මෙහෙයුම් දිනෙන් දින උග්‍ර වන අතරේ, ලෝක සාමය හා ආරක්ෂාවද බරපතල තර්ජනයකට මුහුණ පා සිටි. දැන් පවතින තත්වය තවත් ලෝක යුද්ධයකට පෙරලීමේ අවධානමද, පවතින්නේ ඉහල අගයකය. යම්හෙයකින් ලෝක බලවතුන් තමන්ගේ න්‍යෂ්ටික අවි ආයුධ කරළියට ගතහොත් නිර්මාණය විය හැකි තත්වය හෝ සිදුවිය හැකි විනාශයද සුළුපටු නොවනු ඇත.
salakala yanna kollane

source
http://www.wedabima.lk/%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA-%E0%B6%85%E0%B6%AD-%E0%B7%85%E0%B6%9F#.VlbF-3zkhJI.facebook

Last edited: