තුන් දෙනකුගේ දරුවෙක්

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    තුන් දෙනකුගේ දරුවෙක්

    පුද්ගලයන් තුන් දෙනකුගේ ජාන උපයෝගී කර ගනිමින් දරුවකු බිහිකරීම

    පුද්ගලයන් තුන් දෙනකුගේ ජාන උපයෝගී කර ගනිමින් දරුවකු බිහිකර ගැනීමේ අයිවීඑෆ් ( IVF) තාක්ෂණයට අවසර ලැඛෙන ව්‍යවස්ථා කෙටුම්පතක් මේ වසර අවසාන භාගයේදී ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

    මේ අනුව තුන් දෙනකුගේ ජාන යොදා දරුවන් බිහිකර ගැනීමට අවසර දෙන පළමු රට බවට බ්‍රිතාන්‍යය පත් වනු ඇත.මෙම තාක්ෂණ වැඩ පිළිවෙලේ බලාපොරොත්තුව, ඉතාම බරපතල මට්ටමේ ආබාධිත දරුවන් බිහිවීම වළක්වා ගැනීමට දෙමව්පියන්ට උපකාර වීමයි.
    බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී මහාචාර්ය සැලී ඩේවිස් නව අයිවීඑෆ් (IVF) තාක්ෂණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින්, නව ක්‍රියාමාර්ගය යටතේ දෙමව්පියන්ගෙන් ලබා ගන්නා ඩීඑන්ඒ(DNA) ජානවල වෙනස් කමක් සිදු නොකෙරෙන බවයි සඳහන් කළේ .

    මහාචාර්ය සැලී ඩේවිස් විස්තර කරන ආකාරයට මෙහිදී සිදුවන්නේ නිරෝගී දරුවකු සඳහා හේතු නොවන දුර්වල මාතෘ සෛල වලට වෙනත් මවකගේ සෛල රැගෙන කළලය සඳහා මුහු කිරීම.

    මේ අනුව එක් පුරුෂයකු සහ කාන්තාවන් දෙදෙනෙක් එවැනි දරු උපතකදී සෛල මගින් දායක වෙති.
    article-1378486-0BB1BAFD00000578-741_468x523.jpg


    මහාචාර්ය සැලී ඩේවිස් පවසන්නේ, දරුවාගේ ජෛවීය උරුමය තීන්දු කෙරෙන දෙමව්පියන්ගේ ජානවල වෙනසක් මෙහිදී සිදු නොකෙරෙන බවයි.
    වැඩිදුරටත් අදහස් දක්වන මහාචාර්ය සැලී ඩේවිස්, මෙම නව තාක්ෂණය විග්‍රහ කළේ ශාරීරික බලය ලබාදෙන ජෛව විද්‍යාත්මක සරළ ක්‍රියා මාර්ගයක් හැටියටයි.

    ThreeParentIVFTreatment.jpg
    Link

     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    වැඩේ හොඳයි,දරුවෙක්ට අම්මලා දෙන්නෙක් ඉන්නවා කියන්නෙ මොනතරම් දෙයක්ද...... 6+