තුරුල්ලේ උන් කිරිල්ලි... 🥲🥲🥲

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    තුරුල්ලේ උන් කිරිල්ලි
    යයි පියා සලා ඉගිල්ලි
    නව ලොවක් වෙත නෙත් යොමන්නට
    ඈතකට යයි ඉගිල්ලි

    ආලයෙන් ජනත වූ ඈ
    ස්නේහයෙන් නැහැවුනු ඈ
    ල⁣තෙත් පියුමන් පෑ
    වෙන්ව යයි අද ඈ

    කදුලු වාලුකා ගංගා
    මවුගෙ නෙතින් ගැලුවත්
    පියෙකු ලෙස මා හට
    කදුලද තහනම් වේ.

    සිත ගල් වි නැත්තෙ
    මන සිසිරණය නොවේ
    රැකුමට තැනුමට තවත් අණුත්
    ඇති බව සිහිවේ.

    ඒ නිසා ම නම්
    ඉවසිය යුතු වේ
    තව දැඩිකම් මතුවේ
    ගල් නොවු සිතත්
    හිමිහිටම හැහේ..

    ඉතින් මගේ සුරගන
    පෙරලා එන තුරු
    ඇවිත් බදාගෙන
    ⁣මනරම් කෙලිකම්
    මදපස පානතුරු
    පිය සිත් පත්ලෙන්
    සුසුම් ගෙතුම්
    ලමි.


    - emoji,
    බණ්ඩා⁣ගේ හට් එකේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    ඕවා වැඩක් නෑ . කුක්කු ෆොටෝ ටිකක් දාලා රිටාලින් පෙත්තක් එව්වනම් මරු
     
    • Wow
    Reactions: Stimulus mind

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,335
    2,980
    113
    william shakespeare confetti GIF by FilmStruck
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    ළමයි බැදලා යද්දි යවන්නේ හිතේ සතුටක් එක්ක.
    නමුත්
    දුර නොදන්න රටකට යවද්දි හිතට සැහෙන්න අමාරුයි..

    මලගෙවල්වල බොරුවට අඩන මිනිස්සු පවා
    ඇත්තටම අඩන්නේ එයාපෝට් එකේ.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,794
    2
    15,542
    113
    තුරුල්ලේ උන් කිරිල්ලි
    යයි පියා සලා ඉගිල්ලි
    නව ලොවක් වෙත නෙත් යොමන්නට
    ඈතකට යයි ඉගිල්ලි

    ආලයෙන් ජනත වූ ඈ
    ස්නේහයෙන් නැහැවුනු ඈ
    ල⁣තෙත් පියුමන් පෑ
    වෙන්ව යයි අද ඈ

    කදුලු වාලුකා ගංගා
    මවුගෙ නෙතින් ගැලුවත්
    පියෙකු ලෙස මා හට
    කදුලද තහනම් වේ.

    සිත ගල් වි නැත්තෙ
    මන සිසිරණය නොවේ
    රැකුමට තැනුමට තවත් අණුත්
    ඇති බව සිහිවේ.

    ඒ නිසා ම නම්
    ඉවසිය යුතු වේ
    තව දැඩිකම් මතුවේ
    ගල් නොවු සිතත්
    හිමිහිටම හැහේ..

    ඉතින් මගේ සුරගන
    පෙරලා එන තුරු
    ඇවිත් බදාගෙන
    ⁣මනරම් කෙලිකම්
    මදපස පානතුරු
    පිය සිත් පත්ලෙන්
    සුසුම් ගෙතුම්
    ලමි.


    - emoji,
    බණ්ඩා⁣ගේ හට් එකේ.

    AI කෑල්ලගෙ voice.. 🤭

     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    එමොජි අයියයි අක්කයි තනි උනා එහෙහම්..
    දෙවැනිත් ඉන්නවා. එයගේ ඇගෙන් බාගයක් ගියා වගේ ඉතින්. අක්කා නැනේ. මායි වයිෆුයි වැඩිදුර ඉගනිමට ලොකු කාලයක් බැර කරපු එක නිසා ලොකු ලමයා තමයි දෙවැනිව රැකබලාගත්ත අම්මා උනේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    දෙවැනිත් ඉන්නවා. එයගේ ඇගෙන් බාගයක් ගියා වගේ ඉතින්. අක්කා නැනේ. මායි වයිෆුයි වැඩිදුර ඉගනිමට ලොකු කාලයක් බැර කරපු එක නිසා ලොකු ලමයා තමයි දෙවැනිව රැකබලාගත්ත අම්මා උනේ.
    වැඩේ ගොඩ දාගෙන ආපහු එන්න ද නොඑන්න නම ද ගියෙ?
     
    • Sad
    Reactions: emoji diaries

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    නොරටක තනියම ඉන්නකොට හෝම් සික් එක එනවා තදින්ම, හරිම අමාරුයි එතකොට.

    දුවට සුබ අනාගතයක් වේවායි පතමි!!!
     
    • Love
    Reactions: emoji diaries

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    ඉතින් මගේ සුරගන
    පෙරලා එන තුරු
    ඇවිත් බදාගෙන
    ⁣මනරම් කෙලිකම්
    මදපස පානතුරු
    පිය සිත් පත්ලෙන්
    සුසුම් ගෙතුම්
    ලමි.
    දෛවය නම්
    වාලුකා කතරේ
    කෙම් බිම සොයා
    පියඹන්නට
    පුංචි කැදැල්ලක්
    තනන්නට
    මොහොතක ඉසිඹුවක
    ඔබ තුරුළේ නිදන්නට
    යළි ඉගිළී
    හනි හනිකට එන්නට
    මගේ ලොවේ වීරයාණෙනි
    යන්නට අවසර.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    දෛවය නම්
    වාලුකා කතරේ
    කෙම් බිම සොයා
    පියඹන්නට
    පුංචි කැදැල්ලක්
    තනන්නට
    මොහොතක ඉසිඹුවක
    ඔබ තුරුළේ නිදන්නට
    යළි ඉගිළී
    හනි හනිකට එන්නට
    මගේ ලොවේ වීරයාණෙනි
    යන්නට අවසර.
    Sad Tobey Maguire GIF
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සරුංගලේ වරල් සැලේ
    නිසංසලේ ගුවන් තලේ
    අපෙන් මිදී වෙන රටකද
    යන්න හදන්නේ
    උපන් බිමට වැඩිය තැනක්
    කොහෙද තියෙන්නේ

    සරුංගලේ බට පතුරින්
    නුඹ සැදුවේ අපේ ළමයි
    සරුංගලේ ලාටු උලා
    රැලි කෙරුවේ අපේ ළමයි
    සරුංගලේ කොළ අලවා
    හැඩ කෙරුවේ අපේ ළමයි
    සරුංගලේ නුඹ අහසේ
    අපේ ළමයි තාම බිමයි

    සරුංගලේ නුඹ වෙනුවෙන්
    ගුටි කැවේ අපේ ළමයි
    සරුංගලේ නූල් යොදා
    උඩ ඇරියේ අපේ ළමයි
    සරුංගලේ උඩ ගිය දා
    මතක නැතේ අපේ ළමයි
    සරුංගලේ නුඹ වාගෙයි
    රට හැර යන අපේ ළමයි

    ගායනය සහ සංගීතය: නන්දා මාලිනි
    පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න