තුරු ඇන්ඩ්‍රොයිඩ් ඇප්. ලාංකීය නිර්මානයක්

BosE

Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    තුරු ඇන්ඩ්‍රොයිඩ් ඇප්. ලාංකීය නිර්මානයක්


    මොකද්ද මේ තුරු කියන්නේ ?

    ThuruApp-aniwa-03.jpg


    තුරු විප්ලවය කියන්නෙ අපේ වර්තමානයට වගේම අනාගතයටත් බලපාන ප්‍රශ්නයකට විසඳුමක් හැටියට බිහි කරපු වැඩසටහනක්. සරළ විදිහට කියනවනම් මේකෙන් කරන්නෙ අපේ රටේ ගස් වවන එක වැඩි කරන එකයි, ඒ වගේම ගස් වවන්න අනිත් අයව උනන්දු කරන එකයි. මේ උනන්දු කිරීම, දැනුවත් කිරීම කරන්නෙ ඇප් එකක් මාර්ගයෙනුයි. පසුගිය නොවැම්බර් 15 වැනිදා ඇරඹුව මේ වැඩසටහන බිහිවෙන්නෙ ඩයලොග් ආයතනයේ ස්වේච්ඡා ජාලය හරහායි. ලංකාවෙ තවත් ස්වේච්ඡා සංවිධානයක් වෙන සර්වෝදයත් මේ වැඩසටහන මෙහෙයවන තුරු කණ්ඩායම එක්ක මේකෙදි අත්වැල් බැඳගෙනයි ඉන්නෙ.

    මොකද්ද මේකේ අරමුණ?



    තුරු විප්ලවයේ ප්‍රධාන අරමුණ තමයි සීග්‍රයෙන් ක්ෂය වෙමින් පවතින අපේ රටේ වනගහණය රැක ගැනීමට කටයුතු කිරීම. 1990 වෙනකොට ලංකාවේ වනගහණය හැටියට සටහන් වුණු 37%ක ප්‍රමාණය 2016 වසර වෙද්දි 28%ක් දක්වා පහත වැටී තිබෙනවා. පරිසර විද්‍යාඥයින් කියන ආකාරයට මේ ප්‍රමාණය 25% දක්වා පහත වැටුනොත් ඒක අපේ රටේ ජෛව විවිධත්වයට විශාල වශයෙන් ගැටලු ඇති කරන්න පුලුවන්. මේ විනාශය ඇති වන්නට නොදී ඒ සඳහා නවීන තාක්ෂණයේ උපකාරීත්වයත් ඇතුව ක්‍රියාත්මක වීම තමයි තුරු විප්ලවය මගින් සිදු කරන්නට බලාපොරාත්තු වන්නේ. තුරු විප්ලවයේ ප්‍රධාන ඉලක්කය තමයි 2018 වර්ෂය වෙද්දි වෙනකොට සාමාජිකයින් අතින් ගස් මිලියන දෙකක ප්‍රමාණයක් සිටුවීම

    මේ ඉලක්කය සපුරා ගන්න ලංකාවෙ අපිට විතරක් නෙමෙයි, ලෝකය පුරා විසිරී සිටින පරිසරයට ආදරේ කරන ඕනෑම කෙනෙකුට මේ සද්කාර්යය සඳහා දායක වෙන්න පුලුවන්. මොකද අපේ ලස්සන රට විතරක් නෙමයි මේ ලෝකයත් අපේ උරුමයක්නෙ. හැබැයි මේ මිලියන දෙකේ ඉලක්කය ලංකාවේ ඇතුලෙදිම සපුරගත්තොත් ඒක අපිට විශේෂිත වෙන්නත් වෙනමම කාරණයක් තියනවා. ඒ තමයි මේ මිලියන දෙකේ ඉලක්කය අපි සපුරගත්තොත් 2018 වෙද්දි අපේ වනගහණය 32% මට්ටමට එනව. ඒ කියන්නෙ ලෝකයේ සාමාන්‍ය වනගහණ මට්ටමට අපි ළඟාවෙනව කියන එකයි

    ඇප් එකෙන් කොහොමද ගස් වවන්නේ?

    ඔබ මුලින් කරන්න ඕනෙ ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය භාවිතා කරල මේ තුරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න එකයි. ඊට පස්සෙ ඔබේ ෆේස් බුක් ගිණුම හරහා මේ තුරු ඇප් එකට සම්බන්ධ වන්න පුලුවන්. සම්බන්ධ වෙලා විතරක් මදි මේක තවත් ඉස්සරහට ගෙනියන්න නම් ඔබට වෙනවා පැළයක් හිටවන්න. මේ පැළය හිටවලා ඒකෙ තොරතුරු ඇප් එක හරහා අනිත් අයත් එක්ක බෙදාගන්න තමයි තියෙන්නෙ. ලංකාව පුරා තුරු විප්ලවයට එක්කාසු වෙලා ඉන්න, සොබාදහමට ගස්වලට ආදරය කරන අනිකුත් යාලු මිත්‍රයන්ව හඳුනාගන්නත් මේ හරහා ඔබට අවකාශ ලැබෙනව. විවිධ ශාක ගැන තොරතුරු බෙදාහදාගන්න, දැනුවත් කමක් ලබාගන්නත් මේ මගින් පහසුකම් සැලසෙනව.

    තුරු ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගතකරගන්න

    තුරු යූ ටියුබ් චැනල් එක

    උපුටා ගත්තේ aniwa.lk