තෙල් ගහනකොට හොර කරන හැටි මෙන්න

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    තෙල් ගහනකොට හොර කරන හැටි මෙන්න

    download.jpg


    වාහනයකට ඉන්ධන ලබාගනිද්දි ඕනෑම රියදුරෙක් ගේ ඇස් දෙක තියෙන්නේ මීටරය මත. මොකද ඒ මීටරයෙන් වාහනයට පොම්ප කරන තෙල් ප්‍රමාණය සහ එහි වටිනාකම සටහන් වෙනවා. අපි ගෙවන මුදල එහි සටහන් වුණාම නියමිත තෙල් ප්‍රමාණය වාහානයට ඇතුළත් කළා කියලා හිතනවා. නමුත් ඒක එහෙම වෙන්නේ නෑ.ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ වසර තිහකට අධික කාලයක් පළපුරුද්ද සහිත නිලධාරියෙක් “රිවිර“ පුවත්පතට මේ ගැන හෙළි කරලා තිබුණා.
    “ පෙට්‍රෝලියම් එකේ ෂෙඩ් 1200 ක් විතර ලංකාවේ තියෙනවා . මේවා බොහොමයකින් ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නෑ. ලංකාවේ ගොඩාක් ෂෙඩ් වලින් ගෙව ප්‍රමාණයට ඉන්ධන පොම්ප කරන්නේ නෑ. මං හිතන්නේ මේකට වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සහ සංස්ථාවේ ප්‍රාදේශිය පරිපාලනය සහ සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ.
    ලංකාවට ගේන ඕනම පොම්පයක් ඉන්ධන හලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන.මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව.ඒ දෙපාර්තෙමේන්තුවේ අනුමැතිය නැතිව කිසිම පිරවුම්හලක පොම්පයකින් ඉන්ධන නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්. නමුත් ගොඩාක් පොම්ප වල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු තියෙනවා. එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ් වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමිලේ. ඒ නිසා එතන තරඟයක් ඇති වුනා.අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එක්ක හැප්පෙන්න. අවසානයේදී අපිත් ඉන්ධන හල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා අඩු මුදලට බාල පොම්ප ගෙන්නලා ෂෙඩ් වල හයි කළා. ඇත්තටම සෙල්ලම් බඩු වගේ ඒවා මේවා.මේ පොම්ප එකක් වත් සීල් කරලා නෑ. මොකද අර කිරුම් මිනුම් එකේ මාදිලි අනුමැතියට දාලා නෑ.තවත් එකක් කිරුම් මිනුම් එකෙන් මේවා සීල් කළත් ඒ සීල් සංස්ථාවේ නිලධාරින් අතින් ගැලවෙන්න පුළුවන්.එහෙම වුන හැම වෙලාවකම කිරුම් මිනුම් එකෙන් ෂෙඩ් වලට ඇවිත් පොම්ප සීල් කරන්නේ නෑ. මොකද එයාලගේ නිලධාරීන් ඉන්නේ ටික දෙනයි.වාහන හිඟයි.ඒත් එහෙම කියලා කිරුම් මිනුම් එකට නිදහස් වෙන්න බෑ.
    “ඔය තෙල් පොම්ප වල කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. ඒකට කියන්නේ “කැලිබරේට්“ කරනවා කියලා.ඔය කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ.ඒක අඩු වැඩි කරන්න පුළුවන්.මේ කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ ගොඩාක් තැන්වල වෙන්නේ. උදාහරණයක් විදිහට ඉන්ධන ලීටර් හතරහමාරක් එළියට යනකොට අර “කැලිබරේට්“ එකෙන් එක් ලීටර් 5ක් විදිහට පෙන්වන්න හදන්න පුළුවන්.



    petrol-price-1024x627.jpg



    මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ පොම්පය ඇතුළේ.මේ කොටසයි සීල් කල යුත්තේ.මේක සීල් කරන්නේ කිරුම් මිනුම් එකයි, තෙල් සංස්ථාවය එකතු වෙලා.කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. ඒක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ.නීතිය එහෙම වුනත් මං අර කලිනං කිව්වා වගේ ගොඩාක් පොම්ප වල මේ සීල් එක නෑ. තෙල් සංස්ථාවේ ප්‍රාදේශිය කාර්යාල 9ක් තියෙනවා. මේවාට ෂෙඩ් හිමිකරුවන්ගෙන් පැමිණිලි එනවා තෙල් වැඩියෙන් යනවා කියලා. ඉතින් අර සංස්ථා නිලධාරින් යනවා ෂෙඩ් එක චෙක් කරන්න.එහෙම ගිහිල්ලා සීල් කඩලා කැලිබරේට් යුනිට් එක එජස් කරනවා. මෙහෙම කරද්දි ඉතිං තිරය පිටිපස්සේ තව කථා ගොඩාක් සිදු වෙනවා. අවසානයේ ඉන්ධන හල් හිමියට වාසි වෙන විදිහට හැම දෙයක්ම සිදු වෙනවා.
    තමන් ලබාගන්න ඉන්ධන ප්‍රමාණය ගැන පාරිභෝගිකයින්ට සැකයි නම් ඒවා මනින්න වෙනම ඒකකයක් හැම පිරවුම්හලකම තිබිය යුතුයි. ඒක සුදු යකඩින් හදපු කෑන් එකක්. ඒකට ලීටර් 5ක් දාන්න පුළුවන්.ඒකට කියන්නේ ටෙස්ටින් කෑන් කියලා.උඩට හෝ පහළට දශම දෙකයි පහක් විතරයි වෙනස් වෙන්නේ.හැබැයි දැන් තියෙන සමහර පිරවුම් හල් වල මේ ටෙස්ටින් කෑන් එකත් වෙනස් කරනවා.මොකද මේ කැන් එක ගොඩාකැ තැන්වල පතුලෙන් උඩට උස්සනවා. ඒ ගාන මීටරෙන් බැලන්ස් කරලා තියෙන්නේ. එහෙම පරීක්ෂාවකට යනවා නම් පතුලෙන් උඩට උස්සපු නැති සුදු යකඩ ටෙස්ටින් කෑන් එකක් ඉල්ලන්න. හැබැයි මේ කියන සුදු යකඩ භාජනය හැම ඉන්ධන පිරවුම් හලකම නෑ.
    මුලින්ම චීනයෙන් ගෙනාපු ඉන්ධන පොම්ප හයි කළේ අවුරුදු 5කට හැබැයි දැන් සමහර ෂෙඩ් වල දැන් ඒ යන්ත්‍ර අවුරුදු 15කට වැඩි කාලයක් භාවිත වෙනවා. වෙනස් කළත් නැතත් ඒ වගේ යන්ත්‍ර වලින් තෙල් යන්නේ අඩුවෙන්.කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කියලා තිබුණා 2015 වෙනකොට අළුත් යන්ත්‍ර සවි කරන්න නැත්තං සංස්ථා ෂෙඩ් වල පොම්ප සීල් කරන්නේ නෑ කියලා. මේ අනතුරු ඇඟවීමට සංස්ථාව පොම්ප වෙනස් කරන්න කියලා 2012 දී කමිටුවක් පත් කරලා අළුතින් පොම්ප 500 ක් ගෙන්වන්න ලෑස්ති කළත් 2015 ජනවාරි 9 වෙනිදගෙන් පස්සේ යම් පුද්ගලයෙක් අමාත්‍යංශය හරහා බලපෑම් කළා ඔහුගේ පොම්ප ටික ගන්න කියලා.මේ නිසා ඒ පොම්පවැඩේ එතනින්ම නැවතුනා. 2014 දී සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂ වරයා කමිටුවක් පත් කරලා අහඹු විදිහට පොම්ප 495 ක් පරීක්ෂා කළා. මේ පරීක්ෂණ වාර්තාවට අනුව පරීක්ෂා කළ පොම්ප වලින් 40% කට වැඩි ප්‍රමාණයකින් ඉන්ධන නිකුත් කරන්නේ අඩුවෙන්.
    උපුටා ගැනීම – රිවිර පුවත්පතේ නිල වෙබ් අඩවිය
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒකට කියන්නේ “කැලිබරේට්“ කරනවා කියලා

    Calibrate or Calibarate :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සිනමන් ලේක් සයිඩ් එක ගාව ප්‍රෙට්‍රල් ෂෙඩ් එකෙන් ගහන කොට පොඩ්ඩක් පරිස්සම් වෙයන්