තෙල් පෝලිමේ සාමාන්‍ය මිනිස්සූ

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    අඩෝ පෝලිම පැනලා ගහනවා බං. හරියටම ෂෙඩ් එක ළඟින්ම දාන්නෙත්. ත්‍රී විල් ඩයල් එකක් ඉන්නවා. පොර බයික් එක එහෙන් මෙහෙන් දාලා තුන් සැරයක් විතර ගැහුවා. වරදක් කියන්න බැහැ ඌත් මැච් එකක් ගහලා ගෑනිට ළමයින්ට කන්න බොන්න දෙන්න එපැයි. නැත්නං ලිමිට් ගහලා ගේ වටේ යන්න තමා වෙන්නේ. මටත් දාලා දුන්නා මැදින්. ගෑනුත් පෝලිමේ පාස්සහා ඉඳන් එනවා. තෙල් ගැහුවට හිතට පට්ට අවුල් බං. ඇහැට කදුලක් ඉනුවා. මොන දුකක්ද බං මේ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ත්‍රී විල් ඩයල් එකක් ඉන්නවා. පොර බයික් එක එහෙන් මෙහෙන් දාලා තුන් සැරයක් විතර ගැහුවා??
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ත්‍රී විල් ඩයල් එකක් ඉන්නවා. පොර බයික් එක එහෙන් මෙහෙන් දාලා තුන් සැරයක් විතර ගැහුවා??
    බයික් එකෙන් ඇදලා ත්‍රී විල් එකට දාගන්නවා. මූ විනාඩි 5ක් යන්න කලිං එනවා ආයෙත්. 🙉
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මම දැකපු සිද්දි

    මට ඉස්සරහිං ඖඩියක් ගියා පොම්පෙට , අරූ ගහනව සෑහෙන වෙලාවක්, අන්තිමේ පෙට්‍රල් එලියට වැක්කෙරෙනකම්ම ගැහුව , මට හික් ගෑවුනා :rolleyes:

    ඊට පස්සෙ මම යන්න යනකොට පෝලිමක් නැතුව බී එම් ඩබ්ලිව් එකක් ඇවිල්ල ගහ ගත්ත, vip එකෙක්

    ඔන්න මම ගහන්න සෙට් උනා , දැං අරූ ගහනව, මම පොම්පෙ මීටරේ බලං ඉන්නව. 6500 න් නැවැත්තුව. මට තරු පෙනුන. අරූගෙං ඇහුව ඇයි 7000 ගැහුවෙ නැත්තෙ කියල. නෑ නෑ ඔයාට නෙමේ ගැහුවෙ කිව්ව. බැලින්නං බුලියකට ගහල. නේවි කොලුව බුලිය හෙමීට උස්සල බංකුවක් යටට දැම්ම.

    ඔය ඔක්කොම උනේ QR code බලල ගහපු දවසක. කෝඩ් නැති හුදී ජනයා හරවා යවන්න තරං වැඩකරන මහත්තුරු නීතිගරුක උනා.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,586
    6,134
    113
    අසාදානේට කතාකරපල්ල බන්.. තනියම බැරිනම් 3ක් 4ක් වත් එකතු කරගනින්කෝ මගුල...
     
    • Like
    Reactions: batwise

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    3 ක් 4 ක් එකතු කරං කතා කරහං යකෝ මෙතන ඇවිත් වැලලෙන්නේ නැතුව