අඩෝ පෝලිම පැනලා ගහනවා බං. හරියටම ෂෙඩ් එක ළඟින්ම දාන්නෙත්. ත්රී විල් ඩයල් එකක් ඉන්නවා. පොර බයික් එක එහෙන් මෙහෙන් දාලා තුන් සැරයක් විතර ගැහුවා. වරදක් කියන්න බැහැ ඌත් මැච් එකක් ගහලා ගෑනිට ළමයින්ට කන්න බොන්න දෙන්න එපැයි. නැත්නං ලිමිට් ගහලා ගේ වටේ යන්න තමා වෙන්නේ. මටත් දාලා දුන්නා මැදින්. ගෑනුත් පෝලිමේ පාස්සහා ඉඳන් එනවා. තෙල් ගැහුවට හිතට පට්ට අවුල් බං. ඇහැට කදුලක් ඉනුවා. මොන දුකක්ද බං මේ.
