තෙල් මිල යළි ඉහළට?
ලංකා ඛනිජ තෙල් සංස්-ථාව වැඩිපුරම ඉන්ධන මිලදී ගන්නේ ඉරානයෙනි. සපුගස්-කන්ද තෙල් පිරිපහදුව සැකසී ඇත්තේද ඉරානයෙන් ගෙන්වන බොර තෙල් පිරිපහදු කිරීම සඳහාය. ‘ඉරාන් ලයිට්’ නමැති බොර තෙල් වර්ගය පරිපහදු කිරීම සඳහාම මෙම පිරිපහදුව වෙන්ව ඇත. එමනිසා මෙමගින් වෙනත් රටක බොර තෙල් පිරි-පහදු කිරීමෙන් ලැබෙන පිරිපහදු ඉන්ධන ප්‍රමාණය අඩු වේ.ලංකාවට ඉරානය සමග ගැටලුවක් නැත. නමුත් ඉරානය සමග ඇමෙරිකාව ගැටුමක් ඇති කරගෙන තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාව ඉරානයට ආර්ථික සම්බාධක පැනෙව්-වේය. ඒ අනුව ඉරානයෙන් තෙල් ලබාගන්නා රටවල්වලට ඇමෙරිකානු බැංකු සමග ගනු-දෙනු කිරීමට බාධා ඇතිවෙයි. ඒ අනුව ජුනි 30 දායින් පසුව ලෝකයේ අනෙකුත් රටවලටද ඉරානයෙන් තෙල් ලබා ගැනී-මේදී ඇමෙරිකානු ඩොලර් මාර්ගයෙන් ගනුදෙනු කිරීම අවහිර වෙයි. කෙසේ වෙතත්, ඊට විකල්පයක් ඇමෙරිකාව එම රටවලට ලබාදී ඇත. එනම් ඉරා-නයෙන් මිලදී ගන්නා තෙල් ප්‍රමාණයෙන් කොටසක් අඩු කළහොත් ඉතිරි ප්‍රමාණය මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන බවයි. උදාහරණයක් ලෙස ඇමෙරිකාව ජපානයට දැනුම් දී ඇත්තේ ඔවුන් ඉරානය සමග කරන ගනුදෙනු ප්‍රමාණය 15 කින් අඩු කළහොත් ඉතිරි ගනුදෙනු ප්‍රමාණය කරගෙන-යාමේ ගැටලුවක් නොපවතින බවයි.
මේ තත්ත්වය තුළ ලංකාවට ඉරානයෙන් තෙල් ලබා ගැනී-මේදී මතුවන ගැටලුව සම්බන්ධ-යෙන් ලංකාව තවම ස්ථිර පිළියමකට පැමිණ නැත. ඔවුන් ඉරානයෙන් ලබා ගන්නා බොර තෙල් ප්‍රමාණය ඕමානයෙන් ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි. ඒ ගැන සාකච්ජා කිරීම සඳහා මෙරට දූත පිරිසක් ඕමානය බලා පිටත්ව ගිය බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
කෙසේ නමුත් ඉරානයෙන් ලබා ගන්නා බොර තෙල් ප්‍රමා-ණයෙන් පිරිපහදු කරන ප්‍රමාණ-යට වඩා ඕමානයෙන් හෝ වෙනත් රටකින් මිලදී ගන්නා බොර තෙල්වලින් ලබාගත හැකි පිරිපහදු තෙල් ප්‍රමාණය අඩුය. එක් තෙල් බැරලයකින් දශම ගණනක අඩුවක් හටගැනීම අවසානයේ මෙරටට අවාසියක් ගෙනෙන බව තෙල් සංස්ථා සේවකයෝ පවසති.
ඉරානය සමග රජය ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සිද්ධ කළේ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු-වක් ලෙසය. ඕමානය සමගද එසේ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු-වක යෙදීමට රජය අපේක්ෂා කරයි. ඉරානයට සම්බාධක පැනවීමේ සිද්ධිය සේම ඩොල-රයේ අගය ඉහළයාම අවසා-නයේ බලපාන්නේ මෙරට ඉන්-ධන මිලටය. මීට මාස කිහිපය-කට ඉහත දී ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කළේය.
පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 කින්ද, ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් හා භුමිතෙල් ලීටරයක් රුපියල් 35 කින් ආදී මිල ගණන් වලින් තෙල් මිල ඉහළ ගියේය. මූලිකව මේ තත්ත්වය සියලු භාණ්ඩ හා සේවා මිල වැඩි කිරී-මට හේතු විය. ඉරානයෙන් තෙල් නොගෙන වෙනත් රට-කින් ලබා ගන්නා බොර තෙල් මගින් පිරිපහදු වන තෙල් ප්‍රමා-ණය අඩුවීමේ අවාසිය තුළ ඉරානයෙන් ලබා ගන්නවාට වඩා වැඩියෙන් තෙල් ලබා ගැනීමට ලංකාවට සිදුවේ.
එවිට තෙල් ගෙන් වීම සඳහා අප වැය කළ යුතු මුදල් ප්‍රමාණය ඉහළ යනු වැළැක්විය නොහැක. ඒ සඳහා අප ගෙවන්නේ ඇමෙරිකානු ඩොලර් වලිනි. අපේ රුපියල අවප්රමාණයවීම හේතුකොට ගෙන ඩොලරයට ගෙවීමට සිදු-වන රුපියල් ප්‍රමාණයද අධිකය. එවිට නැවතත් මෙරට තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ඇතිවිය හැකි බවටද අදහස් පළවෙමින් තිබේ.
කෙසේ නමුත් රජය තවමත් ඉරානයෙන් තෙල් මිලදී ගන්නේ නැතැයි කියා තීරණයකට පැමිණ නැත. ඉරානයෙන් මිලදී ගන්නා තෙල් වෙනුවෙන් වෙනත් රටක් හරහා මුදල් ගෙවීමේ ක්‍රමයක් පවතින්නේද යන්න ගැනද රජය සොයා බලමින් සිටියි. මෙය බොහෝ දුරට භාණ්ඩ හුවමාරු ක්රමයකි. වෙනත් රටකින් ඉරානය භාණ්ඩ ලබා ගන්නේ නම් අප ගන්නා තෙල් වල මිල ඉරානය වෙනු-වෙන් අපට එම රටට ගෙවිය හැකිය.
තවත් ක්‍රමයක් නම් ඉරානය ලංකාවේ සිදු කරන ව්‍යාපෘති වෙනුවෙන් ලබාදෙන ආධාර මුදල් තෙල් වෙනුවට හුවමාරු කරගැනීමය. එවැනි ක්‍රම ගණනාවක් ගැන රජය කල්පනා කරමින් සිටියි. නැතිනම් ගත හැකි ඉතිරි පියවර වන්නේ ඇමෙරිකාව කියන ආකාරයට, ඉරානයෙන් ලබා ගන්නා සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණයෙන් කොටසක් අඩු කොට ඉතිරිය ලබා ගැනීමට කටයුතු කිරීමයි.
කෙසේ වුවද මෙම තත්ත්වය තුළ නැවත ඉන්ධන මිල වැඩි වීමේ අවදානමක් පවතී. ඉන්දි-යානු තෙල් සමාගම මේ වන-විටත් ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ඉල්ලා ඇත. ඔවුන් ඩිසල් හා පෙට්‍රල් මිල රුපියල් 15 කින් වත් වැඩි කළ යුතුයැයි කියා සිටියි. ඛනිජ තෙල් සංස්ථාවද තෙල් මිල වැඩි කිරීම කෙරෙහි නැවත අවධානය යොමු කරමින් සිටින බව එහි වෘත්තීය සමිති පවසයි.
ඉරානයට සම්බාධක පැන-වීම තුළ ඉරානයද එකට එක කිරීමට සැලසුම් කරමින් සිටියි. ඔවුන් ලෝකයට අරාබිකරයෙන් තෙල් ගෙනයන නාවික මාර්ග වසා දමන බවට අනතුරු අඟ-වමින් සිටියි. එයද ලෝක තෙල් සැපයුම අඩුවීමට සහ තෙල් මිල ඉහළයාමට බලපෑ හැකි කරු-ණකි. මේ තත්ත්වය වැඩිපුරම බලපාන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලටය. කෙසේ නමුත් සිංහල හින්දු අලුත් අවුරුද්දට පසුව බොහෝ දුරට තෙල් මිල ඉහළ යාමේ ඉඩක් ඇතැයි තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.
http://www.lankacnews.com/sinhala/news/55174/
Kattia monadee hithanneee?????
- lakbima

Last edited: