තෙල් හිගයට වරද කාගේද? අර්ජුන ගෙදර යායුතුද? (Sr

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    තෙල් හිගයට වරද කාගේද? අර්ජුන ගෙදර යායුතුද? (Sr

    තෙල් හිගයට වරද කාගේද? අර්ජුන ගෙදර යායුතුද? (Sri Lanka's fuel shortage)

    දෙගොල්ලොම හොරු . අශාර්තකයි . දෙපැත්තේම ඉන්නෙ එහෙට මෙහෙට පනින එක ම අය .


    කැබිනට් මණ්ඩලයේ දී අර්ජුනට පෝරියල්..! අර්ජුන සිතා මතා අර්බුදයක් ඇති කළ බව හෙළි වේ..!!


    (ලංකා ඊ නිව්ස් -2017.නොවැ.08, පෙ.ව.7.20) පෙට්‍රල් හිඟයක් හේතුවෙන් රටම අංශභාග රෝගියෙකුව සිටියදී ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග ගේ මෝඩ හේතු දැක්වීම් නිසා අනෙකුත් ඇමැතිවරු රැසක් අර්ජුන රණතුංග දැඩි ලෙස විවේචනය කර තිබේ.

    අර්ජුනගේ හේතු දැක්වීමේ දී තමා ඔක්තෝම්බර් 18 වෙනිදා සිටම මෙවැන්නක් ඇති විය හැකි යැයි දැන ගෙන සිටි බව හෙළි විය. ඉන්දියානු තෙල් සමාගමේ තෙල් නැව ප්‍රතික්ෂේප වීම මේ අර්බුදයට හේතුව බවද ඔහු පැවසීය. ඒ අතරම ඔහු අර්බුදයට ප්‍රධාන හේතුවක් ලෙස කීවේ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට අද දෙරණ විසින් නිකුත් කරන ලද එස්එම්එස් පණිවුඩයයි. එම හේතුව නිසා දිනකට සාමාන්‍යයෙන් මෙ.ටො.2600 ක් ව පැවැති පෙට්‍රල් ඉල්ලුව මෙ.ටො.4000 ක් දක්වා වැඩි විනැයි ඔහු පැවසීය.

    මේ හේතු දැක්වීම් වලට විරුද්ධව කතා කළ චන්දිම වීරක්කොඩි හිටපු ඛනිජ තෙල් ඇමැතිවරයා කියා සිටියේ 18 වෙනිදා සිට දැන සිටියා නම් අදාල තෙල් සංචිත සකසා නොගත්තේ මන්ද කියාය. ඔහු ඇමැතිව සිටියදී සෑම විටෙකම සතියකට අවශ්‍ය තෙල් සංචිත රට තුල රඳවා ගත් බවත් සෑම සතියකට වරක්ම ඒ පිළිබඳ වාර්තාවක් කැඳවූ බවත් පැවසූ වීරක්කොඩි ඇමැතිවරයා අමාත්‍යාංශයේ එකී සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුගමනය නොකෙළේ මන්දැයි ප්‍රශ්න කෙළේය.

    මලික් සමරවික්‍රම ඇමැතිවරයා අර්ජුන රණතුංගගේ හේතු දැක්වීම් ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඉන්දීය තෙල් සමාගම වෙළඳ පොලේ සියයට 16 ක් පමණක් දරද්දී ඔවුන්ගේ තෙල් නැවක් ප්‍රතික්ෂේප වීම නිසා සියයට 84 ක් වෙළඳ පොළ ධාරිතාවක් ඇති ඛනිජ තෙල් සංස්ථාවට එය බලපාන්නේ කෙසේද කියාය. අර්ජුනගේ හේතු දැක්වීම බොරුවක් බව කී මලික් සමරවික්‍රම ඇමැතිවරයා “මි්ස්ටර් රණතුංග මෙතැන නිකම් විහිළු කරන්න එපා“ යයි කීවේ ය.

    මේ අතර තවත් හිටපු ඛනිජ තෙල් ඇමැතිවරයෙකු වූ අනුර ප්‍රියදර්ශන යාපාද අර්ජුන රණතුංගේ පලු අරිමින් විමසා සිටියේ මෙවැනි අවස්ථාවක ලංකාව අනුගමනය කරන සැලසුම් පිළිවෙතක් තිබෙන බවත් එයවත් අනුගමනය නොකෙළේ මන්ද කියා ය. එම සැලසුම් පිළිවෙත නම් ලංකාවේ යම් ඉන්ධන අර්බුදයක් ඇති වූ සැනින් ඉන්දියාවෙන් තෙල් ආනයනය කිරීමය. ඒ සඳහා ඉන්දියාවේ ‘එලායන්ස්‘ නමැති සමාගම සමග ගිවිසුමක්ද අත්සන් කර තිබෙන බවත් අර්බුදයක් වූ සැනින් ඔවුනට දැනුම් දුන් විට දින 3 ක් ඇතුලත ලංකාවට තෙල් සපයන බවත් අනුර ප්‍රියදර්ශන යාපා හිටපු ඛනිජ තෙල් ඇමැතිවරයා හෙළි කෙළේය.

    ඇමැති මණ්ඩල රැස්වීමේ අර්ජුනගේ ක්‍රියා මාර්ගය දැඩි ලෙස විවේචනය කෙළේ දයාසිරි ජයසේකර ඇමැතිවරයා ය. “රටේ ප්‍රශ්න විසඳීමට කලින් රැවුල කපාගෙන මනුස්සයෙක් වගේ ඉන්න“ යි ද දයාසිරි අර්ජුනට කීවේය.

    පාඨලී චම්පික ද තෙල් මාෆියාවක් ගැන කරුණු කියමින් අර්ජුන රණතුංගට එරෙහිව අදහස් දැක්වීය.

    ඔක්තෝම්බර් 18 වෙනිදා සිටම අර්බුදයක් ගැන දැන දැනත් එය විසඳීම සඳහා අර්ජුන රණතුංග ඉහත කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුනේ නැත්තේ සිතා මතා රට තුල අර්බුදයක් ඇති කිරීමට බව ඕනෑම කුඩා දරුවෙකුට වුව තේරුම් යන්නේ ය.

    කෙසේ වෙතත් තවමත් විසඳී නැති පෙට්‍රල් අර්බුදය විසඳීම සඳහා ඇමැතිවරු 4 කින් යුත් කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ක්‍රියා කළහ.

    මේ අතර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජවිපෙ නායක අනුර දිසානායක පෙට්‍රල් අර්බුදයට එක් හේතුවක් ලෙස කියා සිටියේ දිගු කාලීන ටෙන්ඩර් සැපයුම් කරුවන් සිටියදී දිගින් දිගටම ස්පොට් ටෙන්ඩර් මගින් වැඩි මිලට තෙල් මිලදී ගැනීමට යෑම නිසා මෙවැනි අර්බුදයක් හට ගත් බවයි. ස්පොට් ටෙන්ඩර් වලින් මිලදී ගැනීම නිසා පසුගිය මාස කිහිපයක් තුල ඩොලර් මිලියන 40 ක් රටට පාඩු සිදුව ඇතැයිද ජවිපෙ නායකයා පැවසීය.

    lankaenews.com
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    23172620_814936022012068_6615788539529160613_n.jpg