තෙල් හොයන හැටි,,,,

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    තෙල් හොයන හැටි,,,,

    අපේ රටට මොනවද අඩු. පිරිසිදු වතුර , ගස් වැල්, ගගා දිය ඇලි, මුතු මැණික්, යපස්, පොස්පේටේ, යුරේනියම්, තෝරියම්, ටයිටේනියම්, ඉල්මනයිට්, රූටයිල්, රට වටේටම මූද, ඕනි තරම් අල්ලගන්න මාලු ඒ මේ අස්සෙ ලොකුම තල්මස්සු රෑනකුත් ඉන්නවලු. ඒ විතරද ලේ වලට විතරක් දෙවෙනි වෙන තෙල්,,, දැන් දැන් එළිවෙන විදියට ලංකාව වටේටම තෙලුත් තියනව.මේ පොස්ට් එක දාන්නේ මුහුද යට තියන තෙල් උඩ ඉදන් හොයාගන්න විදිය සරලව කියන්න.
    ඇත්තටම එක ක්‍රමේකට වඩා සාමාන්‍යයෙන් ක්‍රම තුනක සංකලනයක් තමයි යොදා ගන්නෙ. එතකොට අඩු වියදමකින් වැඩි විස්වාස දායකව ස්ථිර කරගන්න පුළුවන්.
    මුල්ම වැඩේ පොළවේ ගුරුත්වබලය සොයා බලන එක. අපි හිතන් හිටියට හැම තැනම එක වගේ කියල බොහෝම සියුම්ව බැලුවොත් ගොඩාක් වෙනස්කම් තියනව. මේ තෙල් විශාල ප්‍රමාන වලින් තියන තැන් වලත් ලාක්ෂනිකව ගුරුත්ව බල වෙනස් වෙනව. ඔය ක්‍රමෙන් තමා මුල්ම අදහස ගන්නෙ.
    උඩ ක්‍රමේට හොයා ගත්ත ප්‍රදේශ තවදුරටත් පරික්ෂාවට විද්‍යුත් චුම්බක බල වෙනස්කම් උපයෝගී කරගන්නව. සරලව කීවොත් තෙල් තියන තැන්වල මැග්නටික් ෆීල්ඩ් එකත් අනිත් තැන්වලට වඩා අපගමන පෙන්නනව. ඔන්න ඔය වෙනස්කම් වලින් මුලිකවම තෙල් තියෙන්න පුළුවන් තැන් මැප් කර ගන්නව.
    අන්තිමට හදුනාගත් තැන්වලට ද්වනි තරංග (අල්ට්‍රා සවුන්ඩ්) යොමු කරල ඒව නැවත පැමිණෙන වේලාවන් ඇසුරු කරගෙන පොළොවේ තියන ද්‍රව්‍ය ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් තෙල් වගේ දෙයක් තිබුනොත් කරදරයක් නැතුව අහුවෙනව. නමුත් ඔය අති ද්වනි යවන වැඩේ ලේසි කියල හිතුවට මේකට ටිකක් වැඩි ප්‍රමාණවලින් යවන්නත් ඕනි, අනික මුදේ වගේ නම් තවත් ටිකක් අමාරු වෙනව.
    අන්තිමට කියපු අල්ට්‍රා සවුන්ඩ් ක්‍රමේ තහඩුවල ගනකම හොයාගන්න මහා පරිමාණයෙන් පාවිච්චි කරනව. ඒකම ටිකක් ඇඩ්වානස්‌ විදියට තමයි යොදාගන්නෙ.
    ඔන්න ඔහොම තමා දෙවියනේ කියල මුලිකවම තෙල් තියන තැන් හොයාගන්නෙ. තව තව ක්‍රම ඇති නමුත් මම දන්න විදිය තමා පැහැදිලි කලේ.
    මගේ ඔලුවට තෙල් කතාව ඇදිල ආවේ නිකම්ම නෙමේ. ඊයේ ගල්කිස්ස බීච් එකට ගිය වෙලාවේ වෙනද දකිනවට වඩා අමුතු තාලෙ ලයිට් දාල නත්තලට හදාපු වගේ බෝට්ටුවක් තිබුන ටිකක් ඈතින්. "අම්මට සිරි අන්න සිරා බෝට්ටුවක් " කියනකොට රෙස්ටුවරන්ට් එකේ මැනේජර් උන්නැහෙ කියනව "මහත්තයෝ, ඕක අර තෙල් ගැන හොයන්න ආපු නැවනෙ" කියල.




    එහෙනම් හෙට අනිද්දා ලබන නත්තලත්, ඊලගට එන අලුත් අවුරුද්දත් ප්‍රීතිමත් තෙල් මිල අඩු එකක් වෙන්න කියල දූපත් වැසියා ප්‍රාර්ථනා කරන ගමන් ලංකාවෙ මුලින්ම තෙල් හොයපු හැටි, තෙල් සහ ගෑස් නිදිවල තියන රේඩෝන් වගේ වායූන් ගැන රසවත් සහ රහස් කතා ටිකක් ලබන අවුරුද්දෙ ලියන්න හිතේ තියනව කියලත් කියන්න කැමතියි.

    Source:-Click Here
     
    Last edited: