තෙවැනි ඇස (Wisdom Eye) කියන්නෙ මොකක්ද ?

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මචන්ලා තෙවැනි ඇස නැත්නම් wisdom eye කියන්නෙ මොකක්ද ?
    එතකොට pineal gland කියන්නෙ මොකක්ද ?
    තව ශරීරයේ චක්‍ර හතක් ගැන කියනවා නේද ?

    මේවා ගැන දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කරන්නකො.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඕක කුන්ඩලනි වල නම් ටිකක් හොදටම පැහැදිලි කරල තියනව මටත් දැන් මතක නෑ වැඩිය
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ඕක කුන්ඩලනි වල නම් ටිකක් හොදටම පැහැදිලි කරල තියනව මටත් දැන් මතක නෑ වැඩිය
    දන්න දේවල් ටිකක් කියන්න මේ ගැන. ඒක වටිනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    horus_.jpg

    ඕකට තමයි pineal gland කියලා කියන්නෙ. ෆ්ලෝරයඩ් වලින් ඕක වැහෙනවලු. ඒ හන්දා ඒවා තියන ටූත්පෙස්වලින් දත්මදින්නෙ නෑ සමහරු.
    චක්‍ර විදියට ගත්තොත් හයවෙනි චක්‍රයවෙන ආඤාචක්‍රය කියන්නෙ ඕකටලු. මූල ඉදන්ම චක්‍ර අවධි නොකරත් ඕක අවධි කරොත් ඕකට යටින් තියන අනිත් චක්‍ර ඔක්කොම අවධිවෙනවලු. ඊට පස්සෙ ටෙලිපති , ඇස්ටරල් ට්‍රැවල් පුළුවන්ලු.
    ආනාපාන සති භාවනාවෙන් හතරවෙනි ධ්‍යානයට සමවදින එක තමයි හොදම දේ

    ඕන කියෙව්වාට නමක් නෑ වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා ඕවා ගැන, මන් දැක්කා යූටියුබ් වීඩියෝ එකක් කමෙන්ට් කරලා තිබුනා කොල්ලෙක් ඌ දෙපාරක් ඒලෙවල් මැත්ස් කරලා කෙලවගෙන පස්සෙ චක්‍රයක් අවදිකර ගෙන එක්සෑම් ගොඩදාගන්න ට්‍රයි කරලා පාඩම් වැඩත් අතෑරලා, පස්සෙ චක්‍ර අවධි වෙලත් නෑ එක්සෑම් එකත් කෙලවෙන මට්ටමට ඇවිත්, ඒලෙවල් වලට සතියකට කිට්ටුව ඩිප්රෙස්වෙලා උදව් ඉල්ලලා කමෙන්ට් එක දාලා තිබුනෙ
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    තෙවෙනි ඇස කියන්නේ නුවණ නේද?
    මසැස (සාමාන්‍ය ඇස්) සහ මනස නිවැරදිව මෙහෙයවීමෙන් බුද්ධිය/ ඥානය/ ප්‍රඥාව අවදි කරන එක තමයි තෙවෙනි ඇස අවදි කිරීම.

    ඔය ගැන youtube/ එක එක තැන්වල අමුතු අමුතු දේවල් තියනවා. මට නම් පේන්නේ ඒවා සල්ලි හොයන්න හදාගත්ත විකාර කතන්දර විතරක් වගෙ.
    ඕකට එන භාවනා වලින් සමහරවිට හොඳ බලපෑම් ඇති. ඒත් සාමාන්‍යයෙන් නම් කෙරෙන්නේ සුපර් පවර් ගන්න තියන අපේ ආසාව පාවිච්චි කරලා කරන බිස්නස්!
     
    ස්තූතියි මිත්‍රයා විස්තර වලට

    ස්තූතියි මිත්‍රයා
    ------ Post added on Aug 7, 2021 at 9:44 PM
     
    • Like
    Reactions: s.p.n