තෙළිතුඩට අමතමි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
තෙළිතුඩට අමතමි

තෙළිතුඩට අමතමි

සැවොම කවියක්ව නික්ම යන සඳ
තනිව පාළුව ඉකිබිඳිනා සඳ
ඇනුම බැනුමද කඳුළු පැන් විඳ
නොවිඳි තෙලිතුඩ නුඹයි සෙනෙහස

දවන දහවල දුකින් ගිනිගෙන
විඩාපත් වී නොලැබ චාමර
ඇවිල මුසපත් හඬින් මොරදෙන
තුඩට දැනුනිද ඒ හැඬුම් හඬ

සියුම් අකුරින් පබඳනා ගී
හැඟුම් කරවා ප්‍රශංසා දී
ගැයුම් හඬකට මියුරු සර දී
ලැබූ තුට කිම මමත් නොදනී

නිහඬ හඬකට නුඹෙන් සවි ලැබ
සියලු අටලෝ දමට සුරු විය
වියරු වැලි තෙර එතෙර වන්නට
නුඹත් හෙට මා සමග එනවද

- මාලන් විදානපතිරණ
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මට හෙල්ප් එකක් දියන්කෝ ...මාස් මිඩියා මාස්ටර් එක ගැන විස්තර දන්නවනම් කියාපන්කෝ උබලගේ උනි එකේ
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    මට හෙල්ප් එකක් දියන්කෝ ...මාස් මිඩියා මාස්ටර් එක ගැන විස්තර දන්නවනම් කියාපන්කෝ උබලගේ උනි එකේ

    මාස් මීඩියා මාස්ටර් එක කතා කරන්න කොළඹ විශ්වවිද්‍යාලීයීය ශ්‍රීපාලි මණ්ඩපයට එන්න ඕනි.ඒ කියන්නේ අපේ කැම්පස් එකට.ඒක කරන ක්‍රමවේදය දැනගන්න හොරණ එන්නම වෙනවා.මොකද ඔයාගේ සම්පූර්ණ විස්තරය මට කියලා වැඩක් නැහැ.එතැනට තමයි කියන්න ඕනි. එක්කෝ කෝල් කරන්න ඕනි.මට නොම්මරේ නම් එවන්න පුළුවන්.එක්කෝ වෙබ් සයිට් එකේ ලින්ක් එක එවන්නම්.ඒකෙත් විස්තර තියෙනවා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මාස් මීඩියා මාස්ටර් එක කතා කරන්න කොළඹ විශ්වවිද්‍යාලීයීය ශ්‍රීපාලි මණ්ඩපයට එන්න ඕනි.ඒ කියන්නේ අපේ කැම්පස් එකට.ඒක කරන ක්‍රමවේදය දැනගන්න හොරණ එන්නම වෙනවා.මොකද ඔයාගේ සම්පූර්ණ විස්තරය මට කියලා වැඩක් නැහැ.එතැනට තමයි කියන්න ඕනි. එක්කෝ කෝල් කරන්න ඕනි.මට නොම්මරේ නම් එවන්න පුළුවන්.එක්කෝ වෙබ් සයිට් එකේ ලින්ක් එක එවන්නම්.ඒකෙත් විස්තර තියෙනවා
    ශිපාලි කියන්නේ ඔකේ කොටසක් ද එල ,මන් හිතුවේ වෙනම එකක් කියලා ,එවපන්කෝ එල