තේමීය ජාතකය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    එක් කලෙක අප මහා බෝසතාණන් වහන්සේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ පුත් කුමරෙක් වී උපන්නා. ඒ කුමාරයාගේ නම තේමිය.



    z_p11-Adhitana.jpg
    දිනක් රජතුමා තේමිය කුමරු උකුලේ හිඳුවාගෙන රාජ සභාවේ දී සොරුන්ට දඬුවම් නියම කරමින් සිටියා. ඒ දඬුවම් ඉතා දරුණු යි. එක් සොරෙක් සිර කරන්නටත්, තව කෙනෙකුට ආයුධවලින් පහර දෙන්නටත්, තව කෙනෙක් උල තබන්නටත් අණ කළා.

    පුංචි තේමිය කුමාරයා හරිම නුවණක්කාර යි. විමර්ශනශීලි යි. ඔහුට මෙසේ සිතුණා.

    ”මගේ පියා මේ රටේ රජතුමා යි. අනේ! ඒත් ඔහු මොනතරම් නම් පව් කර ගන්නවා ද?” මෙසේ කල්පනා කරමින් සිටින කුමාරයාට පෙර ජාති සිහි කිරීමේ හැකියාව ඇති නුවණ පහළ වුණා. තමා මීට පෙර ජාතියක දී අවුරුදු විස්සක් රජකම් කර ඇති බවත්, ඒ කාලයේ දී කරගත් පව් ගෙවන්නට ඔසුපත් නමැති අපායේ ඉපදී අවුරුදු අසූ දහසක් විපාක විඳි බවත්, පුංචි කුමාරයාට සිහිවුණා. ඒ වෙලාවේ සිටම මේ කුමාරයා කල්පනා කළේ මේ ජීවිතයේ දී රජකම නො ගෙන එයින් ගැලෙන්නේ කෙසේද යනුවෙනු යි.

    පෙර ජාතියක මේ කුමරුගේ අම්මා දේවතාවියක් වී ඉපදී සිටියා. ඇය කුමාරයා ඉදිරියේ පෙනීසිට මෙසේ කීවා.

    ”පුතේ රජකමෙන් ගැලවෙන්නට ඕනෑ නම් ගොළුවෙක්, බීරෙක්, කොරෙක් වගේ ජීවත් වෙන්න කියලා”. කුමාරයා ඒ වදන් හිතට අරගෙන අධිෂ්ඨානයක් ඇතිකර ගෙන ඒ දේවතාවිය කී ආකාරයටම ජීවත් වුණා.

    රජතුමාත්, බිසවත් තම කුමාරයාට යම් අසනීපයක් යැයි සිතා නොයෙක් වෙදකම් කළා. ඒ කිසිවකින් ඵලක් වුණේ නැහැ. වෛද්‍යවරු කියන්නේ මේ කුමාරයාට කිසිදු රෝගයක් නැති බවයි.

    ”කුමරු මේ ආකාරයට හැසිරෙන්නේ සිතා මතාම යි”. රජතුමාට තේරුණා. මේ කුමාරයා සිතන ආකාරය වෙනස් කරන්න උපක්‍රම යෙදුවා. නොයෙක් ආකාරයට වද හිංසා දුන්නා. රජතුමා දවසක් සම වයසේ ළමයින් පිරිසක් සමඟ සෙල්ලම් කරන ලෙස දන්වා එක් ගෙයකට දමා ඒ ගේ වටේට ගිනි තිබ්බා. රජතුමා එසේ කළේ කුමාරයා එවිට හෝ නැගී දුව යනු ඇතැයි සිතමින්. අවට සිටි අනෙක් කුමාරවරු බයේ පැන දිව්වා. නමුත් තේමිය කුමාරයාගේ අධිෂ්ඨානය එලෙසම යි. නො සෙල්වී එතැන ම සිටියා.

    දැන් කුමාරයාට සොළොස්විය සම්පූර්ණ යි. එහෙත් අධිෂ්ඨානය නම් එලෙසම යි. රාජ කුමාරයෙක් වුණත් ගොළුවෙක්, බිහිරෙක්, කොරෙක් නම් ඇති ප්‍රයෝජනය මොකක් ද? කුමාරයා මෙසේ හැසිරෙන්නේ සිතාමතාම යි. ඒ නිසා මොහු සොහොනට ගොස් දමන්නට ඕනෑ යි කියා රජු කල්පනා කළා. එසේ කරන්නට යයි වධකයාට අණ කළා.

    කුමාරයාගේ මෑණියන් මේ අණ අසා මහත් සේ ශෝකයට පත්වුණා. ඇය රජු අසළට ගොස් ඇවිටිලි කළා.

    ”රජතුමනි, තව දින හතක් ඉවසන්න. මම කුමාරයාගේ සිත වෙනස් කරන්නම්” කියා කුමාරයා අසළට ගොස් අඬමින් වැළපෙමින් කරුණු කියා සිටියා. ඒත් කුමාරයා නොවෙයි අධිෂ්ඨානය වෙනස් කළේ.

    මව් බිසවට කුමාරයාගේ අධිෂ්ඨානය වෙනස් කරන්න බැරි වුණා. කුමාරයා අමු සොහොනට ගෙන ගොස් වළ දමන ලෙස රජතුමා නියෝග කළා. කුමාරයාට තමන්ගේ අම්මා ගැන කෙතරම් දුකක් ඇතිවුණත් ඔහු ඒ දුක යටපත් කර ගත්තා.

    ”මේ ජීවිතයේ දී මේ දුක වින්දත් කවදා හරි දවසක මම මගේ අම්මාත්, අනෙක් සියලු දෙනාමත් දුකෙන් මුදා ගන්නවා” කියා සිතුවා. කුමාරයා අවුරුදු දහසයක් පිරූ අධිෂ්ඨානය පළ දැරුවා. කුමාරයා සතුටු වුණා.

    කුමාරයා වළ දමන්නට සුනන්ද නම් රියදුරෙකුට නියම කළා. ඔහු කුමාරයා වළ දමන්නට සැරසෙද්දී කුමාරයා ඔහුට තමන්ගේ අධිෂ්ඨානය ගැන කියා කරුණු පහදා දී රියදුරා නුවරට යැව්වා. තේමියා කුමාරයා තවුසකු ලෙස පැවිදි වුණා. අවසානයේ දී කරුණු වටහා ගත් රජතුමාත්, රටවැසියනුත් එතුමා ළඟට ඇවිත් බණ දහම් අසා යහමඟට හැරුණා. ඒ අවස්ථාවේ දී තාපසතුමා මෙසේ ප්‍රකාශ කළා.

    මාතා පිතා නමෙ දෙස්සා
    නපි මෙ දෙස්සං මහා යසං
    සබ්බඤ්ඤුතා පියා මය්හං
    තස්මා වතමධිට්ඨහිං


    මට මව්පියන් අපි‍්‍රය නැත. මට රජ සැප ද අපි‍්‍රය නැත. ඒත් බුදු බව ඒ සියල්ලට ම වඩා පි‍්‍රය වෙයි. ඒ නිසා මේ ගොළුවත රැක්කෙමි. කියා තාපසතුමා ප්‍රකාශ කළා.

    තේමිය ජාතකය තුළින් අපට කියා දෙන උපදේශය වන්නේ බෝධි සත්ත්වයන් වහන්සේ නමකගේ සිතෙහි ඇති දැඩි අධිෂ්ඨානය පිළිබඳවයි. තමන් ගත් තීරණයක් කවර හේතුවක් නිසාවත් වෙනස් නො කරන ආකාරය පිළිබඳව මෙයින් පැහැදිලි වෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    මේ වගේ ටයිප් කරලා දාපන් බන. නිකන්ම වීඩියෝ එකක් ෂෙයාර් කරන්නේ නැතුව.
     
    • Like
    Reactions: Rankira