මචං ඉංග්‍රීසි දන්නැත්තං බොරුවට පොෂ් වෙන්නැතුව සිංහලෙන් තියෙන එක කියවපං.
1. ද්වේමේ භික්ඛවේ පුග්ගලා ලෝකේ උප්පජ්ජමානා උප්පජ්ජන්ති බහුජනහිතාය බහුජනසුඛාය බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං.
1. පින්වත් මහණෙනි, බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත්, අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස මේ ලෝකයෙහි උපදින පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා.
කතමේ ද්වේ: තථාගතෝ ච අරහං සම්මාසම්බුද්ධෝ, රාජා ච චක්කවත්තී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ පුග්ගලා ලෝකේ උප්පජ්ජමානා උප්පජ්ජන්ති බහුජනහිතාය බහුජනසුඛාය බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානන්ති.
ඒ දෙදෙනා කවරහුද ? අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේත්, සක්විති රජුත්ය. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත් අර්ථය පිණිස, යහපත පිණිස, සැපය පිණිස මේ ලෝකයෙහි උපදින පුද්ගලයෝ දෙදෙනා.
2. ද්වේමේ භික්ඛවේ පුග්ගලා ලෝකේ උප්පජ්ජමානා උප්පජ්ජන්ති අච්ඡරියමනුස්සා. කතමේ ද්වේ: තථාගතෝ ච අරහං සම්මාසම්බුද්ධෝ රාජා ච චක්කවත්තී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ පුග්ගලා ලෝකේ උප්පජ්ජමානා උප්පජ්ජන්ති අච්ඡරියමනුස්සාති.
2. පින්වත් මහණෙනි, මේ ලෝකයෙහි ආශ්චර්යවත් මනුෂ්‍යයන් ලෙස උපදින පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙදෙනා කවරහුද? අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේත්, සක්විති රජුත්ය. පින්වත් මහණෙනි, මේ තමයි ආශ්චර්යවත් මනුෂ්‍යයන් හැටියට ලෝකයෙහි උපදින පුද්ගලයින් දෙදෙනා.
3. ද්වින්නං භික්ඛවේ පුග්ගලානං කාලකිරියා බහුනෝ ජනස්ස අනුතප්පා හෝති. කතමේසං ද්වින්නං: තථාගතස්ස ච අරහතෝ සම්මාසම්බුද්ධස්ස, රඤ්ඤෝ ච චක්කවත්තිස්ස. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං පුග්ගලානං කාලකිරියා බහුනෝ ජනස්ස අනුතප්පා හෝතීති.
3. පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනෙකුගේ කළුරිය කිරීම බොහෝ ජනයාගේ පසුතැවිල්ලට හේතු වෙනවා. ඒ කවර පුද්ගලයන් දෙදෙනෙකුගේද යත්? අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේගේත්, සක්විති රජුගේත්ය. පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනාගේ කළුරිය කිරීම බොහෝ ජනයාගේ පසුතැවිල්ලට හේතු වෙනවා.
4. ද්වේමේ භික්ඛවේ ථූපාරහා. කතමේ ද්වේ: තථාගතෝ ච අරහං සම්මාසම්බුද්ධෝ, රාජා ච චක්කවත්තී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ථූපාරහාති.
4. පින්වත් මහණෙනි, ස්ථූප කරවා වැඳුම් පිදුම් කිරීමට සුදුසු මේ දෙදෙනෙක් ලෝකයෙහි ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? අරහත් සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේත්, සක්විති රජුත්ය. පින්වත් මහණෙනි, මේ තමයි ස්ථූප කරවා වැඳුම් පිදුම් කිරීම සුදුසු දෙන්නා.
(කරුණු දෙක බැගින් සඳහන් දේශනාවක්)
............................................
10. ද්වින්නං භික්ඛවේ ධම්මානං අතිත්තෝ අප්පටිවානෝ මාතුගාමෝ කාලං කරෝති. කතමේසං ද්වින්නං: මේථුනසමාපත්තියා ච විජායනස්ස ච. ඉමේසං ඛෝ භික්ඛවේ, ද්වින්නං ධම්මානං අතිත්තෝ අප්පටිවානෝ මාතුගාමෝ කාලං කරෝතීති.
10. පින්වත් මහණෙනි, කරුණු දෙකකින් තෘප්තිමත් නොවී, එපා නොවී තමයි ස්ත්‍රිය කළුරිය කරන්නේ. ඒ කවර කරුණු දෙකක්ද යත්? මෛථූන සේවනයේ යෙදීමත්, දරුවන් වැදීමත් ය. පින්වත් මහණෙනි, මේ කරුණු දෙකෙන් තෘප්තිමත් නොවී, එපා නොවී තමයි ස්ත්‍රිය කළුරිය කරන්නේ.
https://tripitaka.online/sutta/7372