තේරුම් ටිකක්....අධිකරණමය, නීතිමය තේරුම්..???

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    නීති යාලුවනේ මට සිංහල තේරුම් ටිකක් දැන ගන්න ඕන...
    උදා:- මෝසම, සිතාසි, ඇපෑල, වරෙන්තුව, පොල්මක්කාර්, අධිමිනිස්කාර, පිස්කල්....

    නීති විද්‍යාව තුල භාවිතා වන වචන වල තේරුම් තමයි දැනගන්න ඕන.
    බ්ලොග් එකක් හෝ වෙනයම් ලින්ක් එකක් හොයල දෙන්න...

    ස්තූතියි...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,684
    113
    Mother Earth
    සිතාසිය(citation) - සිතාසියක් කියන්නේ යම් පුද්ගලයෙක්ට විරුද්ධව තවත් අයෙකු විසින් උසාවියේ නඩුවක් ගොනු කර තිබෙන බවත්, එම නඩුවට යම් නිශ්චිත දිනයකදී උත්තර සැපයිය යුතු බවත් නිල වශයෙන් අනෙක් පාර්ශවය දැනුවත් කෙරෙන ලිපියකටයි.

    මෝසම(motion) - මෝසමක් යනු උසාවිය යම් තීරණයකට එළබීමකට පෙර ඒ පිළිබඳ නැවත සලකා විමසන ලෙස ඉල්ලා කරනු ලබන ප්‍රකාශණයයි.

    ඇපෑල(appeal) - එනම් උසාවිය විසින් දැනටමත් ගනු ලැබූ තීරණයක් / ක්‍රියාත්මක වන තීරණයක් නැවත සලකා බලන ලෙස හෝ එම තීරණය වැරදි ඇති නම් එය නිවැරදි කිරීමක් හෝ ඉල්ලා නිකුත් කරන ප්‍රකාශනයයි.

    වරෙන්තුව(warrant) - එනම් සැක කරුවෙකු හෝ චූදිතයෙකු(උසාවිය මගින් වරදකරුවෙකු ලෙස නම් කර ඇති පුද්ගලයෙක්) අත්අඩංගුවට ගැනීමට සම්පූර්ණ නීති බලතල සහිත ලියවිල්ල වරෙන්තුව ලෙස හැඳින්වේ.

    පොල්මල්ලක්කරු(executor) - කිසියම් පුද්ගලයෙකුගේ ධනයක් බූදලයක්(දේපළක්) ඔහුගේ කැමැත්ත පරිදි හෝ ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව ඔහු නම් කරන ලද පුද්ගලයන්ට ඒ ඒ ආකාරයෙන් බෙදනු ලබන නීතිමය පැතිකඩ භාර නිලධාරියා මේ නමින් හැඳින්වේ.

    අද්මිනිස්ත්‍රාත්කරු(administrator) - දේපළ බෙදී යන ආකරය සඳහන් අන්තිම කැමති පත්‍රයක්/නීතිමය ලියවිල්ලක් නොතිබෙන අවස්ථාවකදී අදාළ දේපළ ඒ ඒ පුද්ගලයන් අතර සමානව හෝ අභිමත පරිදි බෙදා හරීමට නීතිය භාර ගත් තැනැත්තා මේ නමින් හැඳින්වේ.

    පිස්කල් නිලධාරියා(Fiscal officer) - කිසියම් ආයතනයක වාර්ෂික ආදායම අනුව රජයට හිමි විය යුතු /ගෙවිය යුතු බදු මුදල් පිළිබඳ තීරණය අනුමත කරනු ලබන තැනැත්තා මේ නමින් හැඳින්වේ.
     
    • Like
    Reactions: ryandok

    බොහෝම ස්තූතියි යහලුවා.... ඔබගේ කැපකිරීම අගය කරමි... 🙂🙂🙂
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    In Sri Lanka Fiscal Officer s are supporting staff in Court who serve Summons and who assist in the execution of judgment after delivery of it. Registrars of respective courts (Magistrates' Courts, District Courts , and High Courts) are also Fiscal Officers and this is an additional duty and they are appointed for that purpose . They do not participate in service of summons but always participate in the execution of judgments in District Court.
    So the meaning for Fiscal Officer in sri lanka are different .