Marketing Guru

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,062
    25,136
    113
    Cult






























    Tuesday, July 23, 2019​

    මගේ මාර්කටින් ගුරු​




    බුදුන් දැන හෝ නොදැන තමන්ගේ දර්ශනය පතුරන්න පාවිච්චි කරපු මාර්කටින් ටෙක්නික් ගැන මං ටිකක් දුර කල්පනා කළා. බුදුන් නොදන්නා කිසිවක් තියෙන්න බැරි නිසා ඒවා නොදැන කළා කියන්නත් බෑ. ඒත් ඕනම දැවැන්ත කැම්පේන් එකක් ගැන කල්පනා කරද්දි මට නැවත හැරිලා බලන්න හිතෙන තරමට බුදුන්ගේ මාර්කටින් ආකර්ශනීයයි.

    දුක නැති කිරීමට මග තණ්හාව නැති කිරීමයි.

    මතුපිටින් ගත්තොත් දුක නැති කිරීමේ මාර්ගය කියද්දිම බුදුන් මාර්කටින්වල පදනමම ඉවර කරනවා. තණ්හාව, නැත්තං ආශාව කියන්නෙ මාර්කටින්වල මූල. ඒ කියන්නෙ බුද්ධත්වයට පත්වුන කෙනෙකුට කිසි දවසක අපිට බඩු විකුණන්න බෑ. හොඳ වෙලාවට ලෝකෙ බුදුවරු ඉන්නෙ නොසලකා හැරිය හැකි තරම් පොඞ්ඩයි. වැඩියෙන් ඉන්නෙ බුදුවරුන්ටත් ආශාවෙන් බැඳෙන නිවනටත් තණ්හාවෙන් පෙලෙන ආගමිකයොයි.
    බුදුන් කියන හැටියට තණ්හාව ඇතිවෙන්නෙ නොදන්නාකම නැත්තං මෝහය හින්දයි. බුදුන් අද හිටියා නම් කියාවි මාර්කටින් කියන්නෙ මේ මෝහයෙන් වැඩගන්නා මිකැනිසම් එකක් කියල.

    අද සිවුරේ නමින් කොයිතරම් පිස්සු කෙලියත් බුදුන්ගේ අදහස් අනෙක් ආගමික අදහස් එක්ක සාපේක්ෂව ගනිද්දි ඉතාම ගැඹුරුයි වගේම ප‍්‍රායෝගිකයි. මවාගත් දෙවි කෙනෙක්, දේවතාවක් හෝ බ‍්‍රහ්මයෙක් නැතුව හේතුඵල වශයෙන් කාරණා අවබෝධයට ගනිමින් බුදුන්ගේ දහම තමන්ගේ ඇතුලට යොමුවෙනවා. ඒ කියන්නෙ ලෝකය වෙනුවට තමන්ව අවබෝධ කර ගැනීම කියන දිශාවට හැරෙනවා. මට ඕනවුනේ බුද්ධාගම ගැන කතා කරන්න නෙමෙයි. බුද්ධත්වයට පත්වූ උතුමෙක් තමන්ගේ දහම මිනිස්සු අතරට අරගෙන ගිය විදිහ දිහා බලලා මාර්කටින් ඉගෙන ගන්න. බුදුන් සහ මාර්කටින් කියන්නෙ ඒ කොන මේ කොන තියෙන විශ්වයන් දෙකක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් මේ විශ්වයන් එකමත එක අතිපිහිත වෙන වෙලාවලූත් තියෙන්න පුළුවන්.

    බ‍්‍රෑන්ඩින්ග් සහ තමන් ගැන අවබෝධය

    බුදුන් කියනවා තමන්ව අවබෝධ කරගන්න කියල. බ‍්‍රෑන්ඞ් එකකත් පලවෙනි වැඬේ වෙන්නෙ ඒක. තමන් කවුද, තමන්ගෙ වටිනාකම් මොනවද, තමන් පෙනී ඉන්නෙ මොකක් වෙනුවෙන්ද.. මේ දේවල් බ‍්‍රෑන්ඞ් එකක් හදද්දි මූලිකයි. එහෙම තමන් ගැන අවබෝධයක් නැතුව මාර්කට් එකට වැටෙන බ‍්‍රෑන්ඞ් නිකං බාල හුලං බෝල විතරයි. බ‍්‍රෑන්ඞ් එකක් නම් ඒකට අයිඩෙන්ටිටි එකක් සහ එය විසින් අලූතෙන් එකතු කරන වටිනාකමක් තියෙන්න ඕන.

    තමන්ව අවබෝධ කර ගැනීමෙන් පස්සෙ මොකක්ද ඒ අවබෝධයෙන් කරන්න තියෙන්නෙ? ඒක ලෝකෙට කියන්න ඕන. බ‍්‍රෑන්ඞ් එකක් මේක කරන්නෙ පුළුවන් තරම් සද්දෙට තමන් පවතින වග මාර්කට් එකට පෙන්නන එකෙන්. ඒත් බුදුන් කියන්නෙ නිකංම පවතින්න කියලයි. බුදුන් අවබෝධයට පත්වුනාට පස්සෙ ඒක කාටවත් නොකියා නිකංම හිටියා. ඒත් පස්සෙ ඒක දේශනා කළ යුතුයි කියල තීරණය කළා. ඒකට සන්නිවේදන ක‍්‍රම හෙව්වා.

    මාර්කටින් සහ ආශාව

    බ‍්‍රෑන්ඞ් එකක් ගැන ලෝකෙට කියන්න අපිට සිද්ද වෙනවා පාරිභෝගිකයාගේ, ශ‍්‍රාවකයාගේ ආශාව තේරුම් ගන්න. අපේ අවබෝධය හෝ අපි විසින් යෝජනා කරන වටිනාකම, දර්ශනය, ශ‍්‍රාවකයාගේ ආශාව එක්ක සමපාත නොවෙනවා නම් ඒක වැරදි ටාර්ගට් ඕඩියන්ස් එකක් වෙනවා. ලෝකෝත්තර දහමක් වුනත් කියන්න වෙන්නෙ පෘතගත්ජනයන්ටයි. බුදුන් මුලින්ම කල්පනා කළේ තමන්ගේ ටාර්ගට් ඕඩියන්ස් එක ගැන. වඩාත්ම ලේසියෙන් තමන්ට මැනිපියුලේට් කල හැකි ශ‍්‍රාවක පිරිස ගැන. පස්වග මහණුන් තෝරාගන්නෙ එතනදි.

    මෙතනදි බ‍්‍රෑන්ඞ් එකට සිද්ද වෙනවා පාරිභෝගිකයාට තේරෙන තැනින්, අදාල තැනින් පටන් ගන්න. ඒකට පාරිභෝගිකයාගේ හෝ ශ‍්‍රාවකයාගේ විශ්වය තේරුම් ගන්න ඕන. තමන් ගැන තමන්ට තියෙන අවබෝධයට බැහැරින් පාරිභෝගිකයාට, ශ‍්‍රාවකයාට තමන්ව පේන හැටි ගැනත් අවබෝධයක් පවතින්න ඕන. බුදුන් ඒ ඒ අයට තේරෙන මට්ටමෙන්, භාෂාවෙන් දේශනා කළා කියන්නෙ ඒකට. ඒ ඒ අයගේ ආශා විශ්වය අනුව බුදුන් තමන්ගේ දහම කියන ප්‍රොඩක්ට් එක මාර්කට් කරනවා.

    මගේ බ‍්‍රෑන්ඞ් එක ආශාව නැති කිරීම වුනත් මට ඒක කියන්න වෙන්නෙ ශ‍්‍රාවකයාගේ ආශාව ඇතුලෙයි. මගේ බ‍්‍රෑන්ඞ් එක වුනත් බුදුන් වුනත් කියන දේ මිනිස්සුන්ට ඇහෙන්නෙ මට කියන්න අවශ්‍ය දේ වෙනුවට අනෙකාට අහන්න අවශ්‍ය දේ ගැන තේරුමක් මට (හෝ බුදුන්ට) තිබුනොත් විතරයි.

    වෙනස තමයි මුල

    තමන්ගේ අනන්‍යතාවය ප‍්‍රකාශමාන වෙන වෙනසක් බ‍්‍රෑන්ඞ් එකකට තියෙන්න ඕන. බුදුන් තමන්ගේ සාසනයේ ඇඳුමෙන් පැළදුමෙන් ඉඳුමෙන් හිටුමෙන් සක්මනෙන් පවා මේ වෙනස සලකුනු කරනවා. මග දකින කෙනෙකුට බ‍්‍රෑන්ඞ් එකේ මැසේජ් එක දැනෙන විදිහෙ පැකේජින් එකක් පාවිච්චි කරනවා. මේ සංසුන් ඉඳුරන් ඇති, ප‍්‍රියමනාප ඉරියව් ඇති ශ‍්‍රමනයා කවුද කියල හැරිලා බලන තරමෙ වෙනසක් මේක.

    ඇස්පිරේෂන් එක වැදගත්

    කොයිතරම් වුනත් බුදුන් තමන්ගේ දහම මුලින්ම අරගෙන යන්නෙ රජවරුන්ට සහ සිටුවරුන්ට. එතන ඉඳන් පහලටයි දහම පැතිරෙන්නෙ. අපි බ‍්‍රෑන්ඞ් එකක් පොසිෂන් කරද්දි වුනත් මුලින්ම ඒ හෝ බී සමාජ පංතීන් ගැන අවධානය යොමු කරනවා වගේමයි. ඒ ඉහළ සමාජ පංතීන් විසින් භාවිතා කරන දහමක්, ප්‍රොඩක්ට් එකක් අනෙක් සමාජ පංතීන් අතරට විසරණය වෙන්නෙ ඒ පාංතික වටිනාකමත් එක්කමයි.

    ගෙයින් ගෙට ඇක්ටිවේෂන්

    බුදුන් දහම පැතිරීමට ආකාර දෙකක් යොදාගත්තා. එකක් විශාල පිරිසක් රැුස්වෙන මහා දේශනා. ඒක බ‍්‍රෑන්ඞ් එකේ විශාලත්වය මතු කරන ප‍්‍රවේශයක්. තමන් වටා සිටින බ‍්‍රෑන්ඞ් ලෝයල් පිරිස එක් කරන, ඒ බලය විදහාපාන, ඒ අනුහසින් අන් අයද බැතිමත් කරන ප‍්‍රවේශයක්. ඊට අමතරව ගෙයින් ගෙට පාරක් පාරක් ගානෙ යන හවුස් ටු හවුස් කැම්පේන් එකකුත් බුදුන් කරනවා. එක මග දෙදෙනෙක් නොයන්න කියලත් උපදෙස් දෙනවා. පනිවුඩය හැකිතරම් දුර ගෙනියන්න තමන්ට ඇති සීමිත සම්පත් ප‍්‍රමානය පාවිච්චි කරනවා වගේම හැකි තරම් පිරිසකට තමන්ගෙ බ‍්‍රෑන්ඞ් එකත් එක්ක ඍජු සම්බන්ධයක් අත්විඳින්න දෙන්නත් මේ ක‍්‍රමය හරහා පුළුවන් වෙනවා. යම් දනක් හෝ පිළිගැන්වීමක් කියන ඇක්ටිව් එන්ගේජ්මන්ට් එකත් එක්කයි බුදුන්ගේ දහම ශ‍්‍රාවකයා වෙත යන්නෙ. ක‍්‍රියාවත්, ඒ ක‍්‍රියාවට අදාල හැගීමත්, ඒ හැගීම හා සමපාත තමන්ගේ දර්ශනය හෝ බ‍්‍රෑන්ඞ් එකත් කියන සියල්ල මනාව ගැලපෙන තැනක් ඒක.

    සීරෝ ප්‍රොෆිට්

    බුද්ධ කියන්නෙ ආධ්‍යාත්මික ගුරුවරයෙක්. එයා වැඩකරන්නෙ සීරෝ ප්‍රොෆිට් පොලිසි එකක. ඒත් සෙත් ගෝඩින් කියන විදිහට මාර්කටින් කියන්නෙ අදහස් බෙදාහැරීම නම් බුද්ධ ඉන්නෙ මාර්කටින්වල මාර තැනක. අවුරුදු 2500ක් වෙනකල් පවතින බ‍්‍රෑන්්ඞ් එකක් හදපු කෙනෙකුගෙන් මිස මාර්කටින් ඉගෙනගන්නෙ වෙන කාගෙන්ද?

    වර්ඞ් ඔෆ් මවුත්

    බුදුන් පාවිච්චි කරන්නෙ වර්ඞ් ඔෆ් මවුත් කියන සන්නිවේදනය. ඒ කාලෙ ටීවී රේඩිොය් හෝර්ඩින් ඩිජිටල් නෑ. ඒත් අදටත් තියෙන ප‍්‍රබලම මාර්කටින් උපකරණය කටවචනය, කෙනෙක් විසින් අනෙකාට තමන්ගේ අත්දැකීම ඇසුරෙන් දෙන ඇෂුවරන්ස් එක බුදුන් පාවිච්චි කරනවා.

    පර්පස් එක

    බුදුන් තමන්ගේ බ‍්‍රෑන්ඞ් එකට පර්පස් එකක් දුන්නා. ඒ කියන්නෙ ඒක අවශ්‍යතාවයක් කළා. හැමෝම දුක විඳිනවා කියන ඉන්සයිට් එක උඩ ඉඳන් දුක නැති කිරීමේ මාර්ගය විදිහට තමන්ගේ දර්ශනය බ‍්‍රෑන්ඞ් කළා. පර්පස් එකක් නැත්තං කිසිම බ‍්‍රෑන්ඞ් එකකට පැවැත්මක් නෑ. එතනදි බුදුන් තමන්ගේ බ‍්‍රෑන්ඞ් එක හදන්නෙ සදාකාලික පර්පස් එකක් උඩ.

    බුදුන් තමන් සත්‍යාවබෝධය කළාට පස්සෙ මුලින්ම මුහුණ දෙන, අපිත් බ‍්‍රෑන්ඞ් එකක් අතට ගත්ත ගමන් මුහුන දෙන ලොකුම අභියෝගය සමාන එකක්.

    කොහොමද මේක කියන්නෙ?

    අපිට තියෙන්නෙ ටොපියක් ලොසින්ජරයක් වගේ ප්‍රොඩක්ට් එකක්. ඒත් බුදුන්ට තිබුනෙ අතින් අල්ලන්න බැරි, කිව්වට තේරෙන්නෙ නැති, කවුරුවත් අත්විඳලා නැති ප්‍රොඩක්ට් එකක්. ඒකෙ නමත් කිසිවක් නැත කියන එක. බුදුන් මේ තරමට මාර්කට් කළේ මොකුත් නෑ කියන ලෝකෙ අමාරුම ප්‍රොඩක්ට් එක.

    අනික තමයි තමන්ට අදාල සමාජ තීරුව තෝරගන්න එක. නිවන හැමෝටම අවශ්‍ය වුනත් බුදුන්ගෙ ටාර්ගට් ඕඩියන්ස් එක හැමෝම වුනේ නෑ. එයා හරියටම අවශ්‍ය පිරිස තෝරගත්තා. බුද්ධි මට්ටම, ආර්ථික මට්ටම ආදිය වගේම කාලද බීලද කියන එක ගැන පවා සැලකිලිමත් වුනා. තමන්ගේ ප්‍රොඩක්ට් එක විඳින්න නම් යම් බුද්ධි මට්ටමක් තිබිය යුතුයි කියන වටහා ගැනීම තිබුන. ලෝකෙම ගලවාගැනීමේ නිෂ්පාදනය වුනත් බුදුන් මාර්කට් කළේ තෝරාගත් ඉහල පිරිසකට.

    ඒ වගේම එක එක කැම්පේන් එකේදි එක එක ඇක්ටිවේෂන් පාවිච්චි කළා. නන්ද වගේ අයගෙ අතට පාත්තරේ දීලා නිහඩව ආපහු වැඩියා, මගදි දිව්‍යාංගනාවො පෙන්නුවා. තව වෙලාවක යමා මහ පෙලහර පෑවා. ප්‍රොඩක්ට් එක හොඳ වුනාට විතරක් මදි. ලෝකෙ පරමාර්ථ සත්‍යය කියන්නත් බුදුන්ට ජිමික් පාවිච්චි කරන්න වුනා.

    තවත් වැදගත්ම දෙයක් තමයි පැහැදිලි සන්නිවේදනය. කොයිතරම් සංකීර්ණ ප්‍රොඩක්ට් එකක් වුනත් බුදුන් ඒක ඉතාම සරලව පැකේජ් කළා. ආර්ය සත්‍ය හතරකට, අට වැදෑරුම් මගකට ආදී වශයෙන් පිලිවෙලට කොටස් කළා. අවශ්‍යම තැන්වලදි සබ්බ පාපස්ස අකරණං වගේ ෆයිව් සෙකන්ඩර්ස් පවා පාවිච්චි කළා.

    මැදුම් පිලිවෙත

    බුදුන් තමන්ගේ මාර්ගයට කිව්වෙ මැදුම් පිලිවෙත කියල. ඒ වෙද්දි ආධ්‍යාත්මික වෙළඳපොලේ ප්‍රොඩක්ට් අනන්ත ගානක් තිබුන. ඒ අතර පැහැදිලි වෙනසක් සලකුනු නොකර අවධානය ගන්න කොහොමවත් බෑ. දැඩි අල්ලා ගැනීමේ ක‍්‍රම සහ අත්හැරීමේ ක‍්‍රම කියන දෙක උඩ සියලූ ආධ්‍යාත්මික නිෂ්පාදන පදනම් වෙලා තිබුනා. එතනදි බුදුන් අලූත්ම හඳුන්වාදීමක් තමන්ගේ නිෂ්පාදනයට කරනවා. ඒක තමයි මැද මාවත. එහෙම දෙයක් ඒ මාර්කට් එකේ නෑ.

    බුදුන්ට හොඳ බිස්නස් මොඩල් එකක් තිබුන. ඒක මොකක් හරි විකුනලා ලාබ ගැනීම නෙමෙයි. ඒ වෙනුවට දානය මත යැපීම. ත්‍යාග ආර්තිකය. අපි මාර්කටින් කියල දකින්නෙ කැපිටලිසම් වලට අදාල නිෂ්පාදන හෝ සේවා අලෙවියෙන් ලාබ ලැබීම විතරයි. ඒත් සෙත් ගෝඩින් මේක ලස්සනට කියනවා.

    අද අපි ජීවත්වන හයිබි‍්‍රඞ් ආර්ථිකය පවතින්නේ කැපිටලිසම් සහ ගිෆ්ට් ඉකොනොමි යන දෙක මනාව පෑහීමෙනි.
    -සෙත් ගෝඩන්

    නිෂ්පාදන හා සේවා අලෙවි කරන වෙළඳපොලක හොඳ හිතින් දෙන දේ කියන එකටත් ඉතා පැහැදිලි ආර්තිකයක් තියෙනවා. මේ වෙද්දි පන්සල්වල ධනවත්බව දිහා බැලූවම බුදුන් විසින් වදාල ඉකොනොමික් මොඩල් එකේ සාර්ථකත්වය හිතාගන්න පුළුවන් වෙන්න ඕන.

    කල්ට් එක

    අනික තමයි බුදුන් කල්ට් එකක් ඇති කිරීමේ අවශ්‍යතාවය හරියටම තේරුම් ගත්තා. ඒ කියන්නෙ තමන්ගේ ප්‍රොඩක්ට් එක හා බැඳුනු, ඒ වෙනුවෙන් පෙනී සිටින, ඒක ෆලෝ කරන පිරිස. භික්ෂු, භික්ෂුනි, උපාසක, උපාසිකා කියල හැඳින්නුවෙ මේ ෆලෝවර්ස්ලා. බුදුන් යන තමාත්, ධර්මය යන තමාගේ ප්‍රොඩක්ට් එකත්, සංඝ යන එය ෆලෝ කරන පිරිසත් තමයි බුදුන් ත‍්‍රිවිධ රත්නය විදිහට හැඳින්නුවෙ. මේක ඕනම ප්‍රොඩක්ට් එකකට වුනත් මේ විදිහටම අදාලයි. උදා විදිහය ඇපල් ගත්තොත්, ස්ටීව් ජොබ්ස් තමයි බුද්ධ, ඇපල් බ‍්‍රෑන්ඞ් එක තමයි ධර්මය, ඇපල් අනුගාමිකයො තමයි සංඝ.

    ඇත්තටම බුදුන් දිහා බැලූවොත් අවුරුදු 2500ට කලින් කොයිතරම් පරිණත මාර්කටින් දැනුමක් ඒ විදිහෙ විෂයක් නොපැවති කාලයක පවා පාවිච්චි වුනාද කියල තේරුම් ගන්න පුළුවන්. අපිට බුදුන්ගේ මාර්කටින්වලින් ඉගෙන ගන්න පුළුවන්. අවබෝධයට පත්වෙන්න පුළුවන්.




    Vyadhadeva at 7:35 AM
    Share

    https://c-u-l-t.blogspot.com/2019/07/blog-post_23.html?m=1

     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මේකට එකග වෙන්න බෑ

    බුදුන් වදාලේ අන්ත්‍යයි, දුකයි, අනාත්මයි කියල
    සැපත උනත් දුකක්ම තමයි ( උදාහරන රසම කෑමක්, දවස් 1000ක් කෑවොත් 1001 වෙනිදටත් එ කැම එකම හම්බුනොත් පොලෙ ගහන්න හිතෙනව, අන්න දුක, එතන සැපතක් නෑ, හැම දේම එ වගෙ තමයි )

    බිස්නස් වල එන දනය හෙවත් සැපත, දනය හම්බ කරනව කියන එකෙ කොන්සෙප්ට් එක අයිති වෙන්නෙ නිත්‍ය, සුක කැටගරියට
    සල්ලි හම්බ කරනකොට මොනක කෙනෙක් වත් අන්ත්‍යයි, දුකයි කියල හම්බ කරන්නෙ නෑ.

    නිෂ්පාදන හා සේවා වල හොද හිතක් නෑ, කොලිටියනෙ තියෙන්නෙ. ඒ කියන්නෙ වෙලදාම වැඩි කරගැනීම, ලව්කික සැපත
    බුදුන්ගෙ බිස්නස් මොඩෙල් එකෙ හොද හිත ( මේ කියල තියන විදියට ) කියන්නෙ මතු අර්මුණු තකා දීම, මෙලොව සැපතක් ගැන, ලෝකොත්තර සැපත
    ( පල දෙන එක මෙලොව, පරලොව ඕන එකක් වෙන්න පුලුවන් )

    එතකොට සෙත් ගෝඩන්ගෙ ඉකොනොමි මොඩෙල් එක බුදුන්ට බ්‍රිජ් කරන්න බෑ
    එතකොට පන්සල් දනවත් වෙලා තියෙන්නෙ බුදුන්ගෙ බිස්නස් මොඩෙල් එක මත කියන එකට කිසි සේත් එකග වෙන්නත් බෑ