'තේ' කුරුමිණියා...

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    'තේ' කුරුමිණියා...

    tea1.jpg
    [FONT=Malithi_Web]
    ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්තියකට අනුව ශ්‍රී ලංකා රජය ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට තීරණයක්‌ ගෙන ඇත. ඒ අනුව 2020 වසර වන විට ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම රජයේ දැක්‌මයි. ඒ සඳහා රජය හා ජනපති ගොඩනඟා ඇති තර්කය ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු ස්‌වසන පිළිකා කාරකයකි යන්න වේ. 2020 ශ්‍රී ලංකා රජයේ දැක්‌මට රුසියානු පිළිතුරු 2017 අවසාන වීමටත් පෙර ලබා ගැනීමට හැකිවීම යහපාලනයේ තවත් ජයග්‍රහණයකි. ඇස්‌බැස්‌ටෝස්‌ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ රුසියාවෙනි. කිසිසේත්ම පිළිගත නොහැකි හේතුවක්‌ මත ශ්‍රී ලංකාවේ ඇස්‌බැස්‌ටෝස්‌ තහනම ගැන ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති ඇලෙක්‌සැන්ඩර් කර්චාවෝ විසින් ශ්‍රී ලංකා රජයට කොළඹ දී සිය අප්‍රසාදය පළ කොට තිබුණි. ශ්‍රී ලංකාවේ ඇස්‌බැස්‌ටෝස්‌ තහනමට ප්‍රධාන වශයෙන්ම සහය ලබා දෙන්නෙ ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු වැඩිපුරම පරිහරණය කරන ඇමෙරිකාවයි. ජිනීවා මානව හිමිකම් හා යුද අපරාද චෝදනා ශ්‍රී ලංකාවට එල්ල කළ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ උවමනාවට, රුසියාවෙන් ආනයනය කරන ඇස්‌බැස්‌ටෝස්‌ තහනම් කර, එම චෝදනාවලින් ශ්‍රී ලංකාව ආරක්‌ෂා කළ රුසියානු මිතුරා සමඟ හොඳ හිත පලුදු කර ගැනීම කොතරම් අඥාන ක්‍රියාවක්‌ දැයි වටහා ගැනීමට තානාපති සේවයේ අත්දැකීම් අවශ්‍ය නැත.[/FONT]

    [FONT=Malithi_Web] ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ මුදුන් මුල වන ලාංකික තේ අපනයනයෙන් 25% වැඩි ප්‍රමාණයක්‌ පසුගිය වසර 10-15 ක කාලයක්‌ තුළ නොකඩවා මිලදී ගන්නා රුසියානු සමුහාණ්‌ඩුවෙන් ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි ආනයන ප්‍රතික්‌ෂේප කිරීම අපගේ ආර්ථිකයට මරු පහරක්‌ වන බව රහසක්‌ විය නොහැක. රුසියාවද එකට එක කිරීමකට සූදානම් නොවුණත් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන රුසියාව ප්‍රතික්‌ෂේප කිරීම සිදුවිය හැකි බවට ඉඟියක්‌ අපට මුල් වරට ලබා දුන්නේ 2017 ජූලි මාසයේදීය. සිංහල භාෂාව හොඳින් කතා කරන, ලංකාව තම දෙවැනි නිජබිම සේ සලකන රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයකු සිටින අවස්‌ථාවක අපේ ගැටලු ගොඩින් බේරාගැනීම පිළිබඳ මනා පළපුරුද්දක්‌ අප තානාපති කාර්යාලයට තිබෙන බව විශ්වාස කළ යුතුය. එසේ වුවද ගැටලු පිළිබඳ අප රජය කිසිදු පියවරක්‌ නොගැනීම හේතුවෙන් රුසියානු රජයේ රේගු ස්‌ථාන හතරකම කෘෂි නිෂ්පාදන ආනයනය කිරීමේදී ඉදිරිපත් කළ යුතු රුසියානු නිරෝධායන සහතිකය ලබා ගැනීමට අවශ්‍ය පරීක්‌ෂණාගාර 4 ක්‌ ද පසුගිය නොවැම්බර් මාසයේදී වැඩ අවසන් කරන ලදී. 2012 පසුව ශ්‍රී ලංකාවේ තේ රුසියාවට ආනයනය කිරීමේදී රුසියානු නිරෝධායන සහතිකය අවශ්‍ය නොවී තිබිය දී මෙම පරීක්‌ෂණාගාර කුමට ද යන්න අපේ නිලධාරීන්ට සිතීමට අවශ්‍ය නොවීය. රුසියානුවන් මේ සියලු දේ සූදානම් කර අපගේ තේ වැඩියෙන්ම විකිණීම සිදුවන කාලයේදී, එනම් දෙසැම්බර් 18 දා සිට මෙම තහංචි ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. මේ සියලුම දේ සිදුවන තෙක්‌ අප තානාපති කාර්යාලය මෙන්ම මාසිකව ලක්‌ෂ 15 -20 වියදම් කරමින් නඩත්තු කරන මොස්‌කව් ශ්‍රී ලංකා තේ මණ්‌ඩලය පවා කිසිවක්‌ නොසළකා හැරී සිටීම අප කාගේත් වරදකි. රුසියානු රජය එය හදිස්‌සියේ සිදුකළ දෙයක්‌ නොවන බවත්, එයින් ශ්‍රී ලංකාවෙ තේ නිෂ්පාදන මිලට ගැනීමෙන් බිඳ වැටීමෙන් අපට සිදුවන ආර්ථික හානියට පිළිතුරු සෙවීමට ඇමෙරිකා එක්‌සත් ජනපදය ඉදිරිපත් නොවෙන බවත් ඊට වගකිවයුතු තානාපති අභ්‍යන්තරය දැනගෙන සිටීමද පුදුමයට කරුණක්‌ නොවෙයි. ඒ පිළිබඳ රටේ නායකත්වය දැනුවත් කිරීම හෝ නොකිරීම එම දේශපාලකයන්ගේ හැසිරීම මත නිලධාරීන් තීරණය ගන්නා බවද අද අප හොඳින් දන්නා කරුණකි. 2015 වර්ෂයේ යහපාලන රජය බලයට පත් වූ විගසම සමරවීර විදේශ අමාත්‍ය විසින් රුසියානු රජය යුක්‌රේනියානු කැරලිකරුවන් සඳහා ශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දී ඇති බවට චෝදනා කරමින් ජාත්‍යන්තරය වශයෙන් රුසියාවට සිදුකළ කෙනෙහිලිකම්වලට එදා රුසියාව පිළිතුරු නොදීමට හේතුව අවශ්‍ය පසුබිම සකස්‌ කිරීමයි. එදා ඡේ. ආර්. ජයවර්ධන රජයේ 1977 සමච්චලයට නිසි කල පිළිතුරු ලැබූ අයුරින් යහපාලනයට පිළිතුරු ලැබෙන කාලය දැන් උදාවී ඇත. මෙහිදී නිලධාරීන්ගේ තර්කයන් අධ්‍යයනය කිරීමේදී ජිපාර්ඩ් යුද්ධ නෞකාව සඳහා රුසියානු රොස්‌අබෝරෝන් ආයතනයට දැනටමත් ගෙවිය යුතු 10% අත්තිකාරම් මුදල් වසර අවසානයේ දී පවා නොගෙවීම මෙන්ම රුසියානු දුරස්‌ථව රහස්‌ ඔත්තු නිලධාරීන් ඇමරිකාවට හොර රහසේම භාරදීමට ලංකා රජය සූදානම් කිරීම වැනි ගැටලු ද දෙරටේ මිත්‍රත්වය සුළු වශයෙන් හෝ පලුදු කර ඇත. තවදුරටත් ඒ පිළිබඳ රුසියානු විරෝධී බටහිර උපදෙස්‌වලට මුල්තැන දීමෙන්ද අප සිදුකරන්නේද රාජතාන්ත්‍රික සම්බන්ධතාවයන්හි කැළැල් ඇති කරමින් රුසියානු රජය අවතක්‌සේරු කිරීමකි. එය පුටින් මතධාරී රුසියානුවන්ට අප සිදුකරන ලොකුම නිගරුවකි.[/FONT]

    tea2.jpg
    [FONT=Malithi_Web]

    රුසියානු රේගුවේ පළමු බිල්ල ලෙස තුර්කි රජයේ ලියාපදිංචි තේ ආයතනයට ලංකාවේ සිට ලැබුණු තේ කන්ටේනරයක්‌ තෝරාගැනීම පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. එහිදී අපට සිදුවන ලොකුම අසාධාරණය නම් මෙම කුරුමිණියන් සොයාගෙන ඇත්තේ ලාංකික තේවල නොව එම කන්ටේනරය තුළ තේවලට අමතරව රැගෙන යමින් තිබුණු තේ ඇසුරුම් කිරීමට අවශ්‍ය ලි�ත සහතික නොමැති කාඩ්බෝඩ් අමුද්‍රව්‍ය තුළ වීමයි. මේවා මෙසේ සිදුවීමට තවත් පුංචි පුංචි හේතු තියෙනවා. මොකද, එදා තුර්කිය රජය සිරියානු දේශසීමාවලදී රුසියානු ප්‍රහාරක ගුවන් යානාවට පහර දීමෙන් පසු රුසියාව තුර්කියට නොයෙක්‌ තහංචි දමන ලදී. පසුව තුර්කි ජනාධිපති රුසියාවට පැමිණ පුටින් ජනාධිපති හමුවීය ගැටලු නිරාකරණය කර ගත්තේය. නමුත් එම කාලයේදීම අප යුක්‌රේනියාවේ තානාපති ක්‍රියාකාරීත්වය රුසියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයෙන් ඉවත් කර තුර්කි රාජ්‍යයේ අප තානාපති කාර්යාලයට භාරදීමත් අපි දැනුවත්ව මෑත කාලයේදී රුසියාවට සිදුකළ තවත් පුංචි සමච්චලයකි. ඒ කෙසේ වෙතත් දැනටමත් රුසියාවේ සාන්තපීතර නගරයේ රුසියානු රේගුව භාරයේ අඩි 40 යේ තේ කන්ටේනර් 83 තිබෙන අතර ඒවා රේගුව විසින් ලබන සතියේදී නිදහස්‌ කිරීමට පරීක්‌ෂණ ගාස්‌තුවට පමණක්‌ එක්‌ කන්ටේනරයකින් රුපියල් ලක්‌ෂ 5ක්‌ පමණ පාඩුවක්‌ සිදුවන්නේය. නමුත් මෙතෙක්‌ ඒවා නිදහස්‌ කිරීමට කිසිදු අවසරයක්‌ ලබා දී නොමැති අතර අප තානාපති කාර්යාලය විසින් ඒවා නිදහස්‌ කිරීමට කිසිදු ඉල්ලීමක්‌ හෝ අදාළ රේගුව වෙත සිදුකර නොමැත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තේ වල කුරුමිණියන් පණුවන් සිටින බවට රුසියානු මාධ්‍ය අංශවලින් සිදුකරන පුවත්පත් හා රූපවාහිනී ප්‍රචාරය කටයුතු නිසා තේ පානය කරන රුසියානුවන් අතර ලාංකික තේ අප්‍රසන්න වීමේදී අපට සිදුවන දීර්ඝකාලීන වාණිජමය පාඩුව තක්‌සේරු කළ නොහැකිය. එවැනි අවස්‌ථාවක වාණිජමය වශයෙන් සිදුවන අපකීර්තියට තුඩුදෙන ප්‍රචාරයන් නැවැත්වීමට වහාම කටයුතු කිරීම හෝ ඒවා තමන්ට අදාළ නොවන බව පවසමින් මගහැර සිටීම තානාපති නිලධාරීන්ගේ දක්‌ෂ හෝ අදක්‌ෂතාවයි. දැනට වසර 3 කට කලින් ලාංකික තේ සඳහා රුසියානු තේ වෙළෙඳපොළෙන් 33% වැඩි කොටසක්‌ හිමි වූ නමුත් දැනටමත් එය 23% දක්‌වා පහත වැටී ඇති නමුත් සමස්‌ථ වශයෙන්ම රුසියාවට තේ අපනයන කිරීමෙන් වාර්ෂිකව අපට ලැබෙන ඩොලර් මිලියන 500 කට වැඩි ආදායම අපට සුළුපටු නොවෙයි. මෙහිදී අප රජයට පෙන්වාදිය යුත්තේ 2013 වර්ෂයේ දී රුසියාව ඉන්දියාව සමඟ ඇති වූ දේශපාලන මත ගැටීමක ප්‍රතිඵලයක්‌ ලෙස ඉන්දියානු සහල් අපනයනය සඳහා පැනවූ තහනම ඉවත් කිරීමට ඉන්දියානුවන්ට මාස 6 කට වැඩි කාලයක්‌ ගත වූ බවයි. එපමණක්‌ නොව යම් ලෙසින් ප්‍රමිතියෙන් බාල සහල් රුසියාවට අපනයන කිරීමේදී සිදුවිය හැකි හැකි පාඩුව ඉන්දීය රජය දරන බවට වගකීම් සහතිකයක්‌ ලෙස ඩොලර් මිලියන 50 ක වටිනාකම ඇති ද්විපාර්ශ්වික ගිවිසුමකට පවා අත්සන් කිරීමට ද සිදුවීමය. රුසියාවේ ලාංකික තේ ආනයනයට පනවා ඇති තහනම ඉක්‌මනින් විසදීම යෝග්‍ය බව අපට වැටහෙන්නේ රුසියානු-සිරියානු මිත්‍රත්වයේ ප්‍රතිපත්තියක්‌ ලෙස, සිරියාව ද මෙම තීරණය අනුගමනය කිරීමට ඇති අවධානය අධ්‍යනය කළ යුතුය. අපගේ තේ අපනයනයෙන් 10% වැඩි ප්‍රමාණයක්‌ මිලදී ගන්නේ සිරියාව බව එදාට අදාළ බලධාරීන් හට මතක්‌කර දීමටත් සිදුවෙනවා ඇත. [/FONT]

    [FONT=Malithi_Web] රුසියාවේ සිටින අපට මෛත්‍රීපාලගේ ඇස්‌බැස්‌ටෝස්‌ සෙවිලි තහඩු තහනම අද එක්‌ ගැටලුවකි. එහි එක්‌ අතුරු ඵලයක්‌ වූයේ ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද තේ ඇතුළු සියලුම කෘෂි නිෂ්පාදන ආනයනය දෙසැම්බර් 18 දා සිට තාවකාලිකව සීමා කිරීමට රුසියානු රේගුව විසින් පියවර ගෙන ඇති බව නිවේදනය කිරීමයි. රුසියානු සමුහාණ්‌ඩුවට ඇතුළුව කසකස්‌ථානය, බෙලොරුසියාව, කිර්ගිස්‌ථානය, ටජිකිස්‌ථානය යන රටවල් හතරේම තේ ආනයනය නතර කිරීමේ තීරණය ක්‍රියාත්මක වීම අනිවාර්යයි. එයට පිළිතුරු සෙවීමට නම් පළමුව යහපාලන රජය රුසියානු මිතුරාට සිදුකළ අසාධාරණයන් නිවැරදි කළ යුතුය. අදත් එසේ නොකර සුපුරුදු පරිදි මාධ්‍ය නිවේදන නිකුත් කරමින් යහපාලන වැවිලි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරුන් ඇතුළු පිරිස, ටෙකේව් ඇලෙක්‌සැන්ඩර් නිකොලයිවිච් රුසියානු කෘෂිකර්මාන්ත අමාත්‍යවරයාගේ ආරාධනාවක්‌ හෝ නොමැතිව ඔහු සමඟ සාකච්ඡා කිරීම සදහා මොස්‌කව් නගරයට සංචාරය කිරීමට නියමිතව ඇත්තේ රුසියානු නත්තල් හා නව අවුරුදු නිවාඩු කාලයේදීය. මෙම කාලයේදී මොස්‌කව් නගරයට පැමිණ ලාංකිකයන්ගේ තේ ගැටලු විසඳීම කෙසේ වෙතත් රුසියානු වොඩ්කා වීදුරුවක්‌ බීමටද රුසියානු ලලනාවන් දැක බලා ගැනීමටද මහඟු අවස්‌ථාවක්‌ උදාවනු ඇත. ඊට අමතරව අපගේ තේ කර්මාන්තයට නව වසරේ නිකං ලැබෙන ඇස්‌බැස්‌ටෝස්‌ 'තේ' කුරුමිණියා ඉතිහාසගත තෑග්ගක්‌ වනවා නොඅනුමානය. [/FONT]

    [FONT=Malithi_Web] මේවා පිළිබඳ රටේ නායකත්වය දැනුවත් කිරීම හෝ නොකිරීම එම දේශපාලකයන්ගේ හැසිරීම මත නිලධාරීන් තීරණය කර ගන්නා බවට එක්‌ උදාහරණයක්‌ මතක්‌ කර සිටිමු. 2015 වර්ෂයේ යහපාලන රජය බලයට පත් වූ විගසම සමරවීර විදේශ අමාත්‍ය විසින් රුසියානු රජය යුක්‌රේනියානු කැරලිකරුවන් සඳහා ශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දී ඇති බවට චෝදනා කරමින් ජාත්‍යන්තර වශයෙන් රුසියාවට සිදුකළ කෙණෙහිලිකම්වලට එදා රුසියාව පිළිතුරු නොදී අද එයට පිළිතුරු දී ඇති බව අපේ තානාපති තවමත් තේරුම් ගෙන නැත. එසේ නැතිනම් ඔහුගේ නායකයා රුසියාවේ ජනාධිපති පුටින්ට දුරකථනයෙන් කතා කරන බවට හෝ පුද්ගලික ඉල්ලීම් ලිපියක්‌ යොමු කරන බවට ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීමට පෙර, දෙරටේ තානාපති සම්බන්ධතාවන්ට හැට වසරක්‌ පිරීම සැමරීමට රුසියානු රජය නිකුත් කරන මුද්දර හා තේ තහනම එකම දිනයේදී සිදු වූයේ කෙසේද යන්න සොයා නොබැලීම රුසියානුවන් තවමත් තේරුම් නොගැනීමයි. [/FONT]

    [FONT=Malithi_Web] එදා ඡේ. ආර් ජයවර්ධන රජය කළ සමච්චලයට වසර 37 පුරාම අපේ රටේ නායකයකුට රුසියාවට ආරාධනා නොකිරීම තවත් එක්‌ පාඩමක්‌ බව අපේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අදවත් තේරුම් ගන්නේ නැත. නමුත් ඔවුන්ගේ අවබෝධයට මෙම කාරණාව කිව යුතුය. සමරවීර අමාත්‍ය විසින් රුසියානු රජය යුක්‌රේනියානු කැරලිකරුවන් සඳහා ශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දුන් බවට කළ චෝදනාවට මෙසේ පිළිතුරු දී ඇත. රුසියානු - යුක්‌රේනියාව අතර විපරමට එක්‌ ප්‍රධාන හේතුව යුක්‌රේනියාව පාලනය කළ ක්‍රිමියා ප්‍රාන්තය රුසියාවට එකතු කර ගැනීමයි. ක්‍රිමියාවට අමතරව රුසියාවේ වෙනත් ප්‍රදේශ අතර අපට ඓතිහාසික වශයෙන් සම්බන්ධයක්‌ ඇති ස්‌ථාන බොහොමයක්‌ ඇති බවට කිසිදු තර්කයක්‌ නොමැත. අද සමරවීර ඇමැතිවරයාට මෙසේ පිළිතුරු ලැබී ඇත. සෝවියට්‌ සමූහාණ්‌ඩුව සමයේ ඇරඹි දෙරට අතර තානාපති සබඳතාවලට වසර 60 ක්‌ සපිරීම නිමිත්තෙන් මෙම සමරු මුද්දර නිකුත්කිරීම. එනම් රුසියාවට අයත් ක්‍රිමියාවේ දී ඓතිහාසික වශයෙන් ශ්‍රී ලාංකියන්ට වැදගත් මුල් දින කවරයක්‌ සහිත මුද්දර දෙකක්‌ 2017 දෙසැම්බර් 18 දින නිකුත් කෙරිණි. රූබල් 35 බැගින් වූ වටිනාකමින් යුතු එම මුද්දර දෙකින් එකක්‌ අපගේ ඓතිහාසික දඹුලු රාජමහා විහාරය ද, දෙවැනි මුද්දරයෙහි ක්‍රිමියාවෙහි පිහිටි ඓතිහාසික දේවස්‌ථානයක්‌ ද විදහා දැක්‌වෙයි. රුසියානුවන් මේ සියලු දේ සුදානම් කර, එදිනම එනම් 2017 දෙසැම්බර් 18 දා සිට ශ්‍රී ලංකාවේ තේ ආනයනය කිරීමට තහංචි රුසියානු සමුහාණ්‌ඩුවට ඇතුළුව කසකස්‌ථානය, බෙලොරුසියාව, කිර්ගිස්‌ථානය, ටජිකිස්‌ථානය යන රටවල් හතරේම ක්‍රියාත්මක කරන ලදී. එවැනි අවස්‌ථාවක තේවලට වාණිජමය වශයෙන් සිදුවන අපකීර්තියට තුඩුදෙන ප්‍රචාරයන් නැවැත්වීමට වහාම කටයුතු කිරීම හෝ අවම වශයෙන් මාධ්‍ය නිවේදන නිකුත් නොකිරීම කිරීම හෝ රුසියානු ශ්‍රී ලංකා සමරු මුද්දර නිකුත් කිරීමේ උත්සවයට හෝ සහභාගී නොවීම තානාපතිගේ දක්‌ෂ හෝ අදක්‌ෂතාවයි. ජනපති මෛත්‍රිපාලගේ 2020 ශ්‍රී ලංකා රජයේ දැක්‌මට රුසියානු පිළිතුරු 2017 අවසාන වීමටත් පෙර මෙසේ ලබා ගැනීම යහපාලනයේ තවත් ජයග්‍රහණයකි. [/FONT]


    [FONT=Malithi_Web] උදයංග වීරතුංග [/FONT]
    [FONT=Malithi_Web] රුසියාවේ ශ්‍රී ලංකා තානාපති (හිටපු)[/FONT]
     
    Last edited: