තේ මිල යළි ඉහළ යනවා

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    තේ මිල යළි ඉහළ යනවා

    සැප්තැම්බර් වලින් පසු, තේ මිල යළි ඉහළ යනවා

    තේ මිල අඩුවුණේ, සැපයුම වැඩිවීම නිසයි - තේ මණ්ඩලය

    දැනට සුළු වශයෙන් අඩුවී ති‍බෙන තේ මිල ලබන සැප්තැම්බර් වලින් පසුව යළිත් ඉහළ නගිනු ඇති බවත් ලබන වසරේදී මෙරට තේ ප්‍රචාරය කිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙන බවත් ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියයි.

    ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රචාරණ අධ්‍යක්ෂ, හසිත ද අල්විස් “විමසුම” ට සඳහන් කළේ පසුගිය මාසවලට වඩා ගිය මාසයේදී තේ මිල ගණන් සුළු වශයෙන් අඩුවී තිබෙන්නේ ලංකාව, කෙන්යාව මෙන්ම ඉන්දියාවෙන් ලෝක වෙළඳ පොළට සැපයෙන තේ ප්‍රමාණය වැඩිවී තිබෙන නිසා බවයි.

    පසුගිය මැයි මාසයේදී පහත රට තේ කර්මාන්ත ශාලා අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් හැට තුනකට ආසන්න මිලක් ගෙවූවත් එය ජුනි මාසය වනවිට රුපියල් පහකින් පමණ අඩුවී රුපියල් පනස් අටක් වැනි මිලක් දක්වා පහළ ගියේය.

    තේ මණ්ඩලයේ ප්‍රචාරණ අධ්‍යක්ෂවරයා පවසන්නේ, ලබන වසරේදී මෙරට තේ රුසියාව, මැදපෙරදිග වැනි දැනටමත් විශාල ඉල්ලුමක් පවතින වෙළඳ පොළවල මෙන්ම චීනය වැනි සාම්ප්‍රදායික නොවන වෙළඳ පොළවල ප්‍රචලිත කිරීම සඳහා ප්‍රචාරණ වැඩසටහනක් නිර්මාණය කර තිබෙන බවත් ඒ සඳහා රුපියල් බිලියනයක පමණ මුදලක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි.

    මෙම මුදල් කර්මාන්තයෙන්ම ලබාගැනීමට සූදානම් බව හෙතෙම සඳහන් කළේය.

    මීට අමතරව, අයවැයෙන් මුදල් ලබාගෙන තේ කර්මාන්ත ශාලා නවීකරණය කිරීමේ වැඩසටහනක්ද ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙන බව හසිත ද අල්විස් මහතා කීය.

    මේ වනවිට, තේ කර්මාන්ත කරුවන්ට හොඳ කලක් උදාවී තිබුණත් ඊට පෙර තේ මිල ගණන් විශාල ලෙස අඩුවීම නිසා කර්මාන්තය විශාල ලෙස කඩා වැටුණු අතර එවිට සමහර තේ කර්මාන්ත ශාලා වැසී ගියේය.


    vimasuma_fi.gif
     

    Similar threads