තේ_බත්_කොත්තු_මිල
දේශපාලන පෙරළියෙන් "තේ - බත් - කොත්තු" මිල පහළ යයි

රටේ මතුවූ දේශපාලන තත්ත්වයත් සමග ආහාර කිහිපයකම මිල ගණන් අඩුකිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 05කින් අද සිට අඩුවනු ඇති.
බත් සහ කොත්තු යන ආහාරවල මිල ගණන්ද රුපියල් 10කින් පහළ දැමීමටයි ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.
හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට හේතුවූයේ මන්දැයි නෙත් නිවුස් එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත්ගෙන් විමසීමක් කළා.
එහිදී සඳහන් කෙරුණේ "දැන් අපිට බලාපොරොත්තු සහගත වාතාවරණයක් උදා වෙලා තියෙනවා. ජනාධිපතිවරයාගේ තීන්දු සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම පිළිබඳ පූර්ණ විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ තීරණයත් ගත්තේ බලාපොරොත්තු දැල්වීමක් විදිහටයි. ඒ නිසා අද සිට මේ රටේ සියලු හෝටල් රුපියල් 15ට ප්ලේන්ටියක් අලෙවි කරනු ඇති. අනෙක් ආහාර වර්ගවල අඩු වූ මිල ගණනුත් ජනතාවට සහනයක් ලෙස ලැබෙයි." යනුවෙනි.
තිරිගු පිටි සහ ගෑස් මිල ඉහළ දැමීමත් සමග මෙම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමටයි ආපනශාලා හිමියන්ගේ සංගමය ඉකුත් සැප්තැම්බර් මාසයේ සිය පියවර ගෙන තිබුණේ.
http://nethnews.lk/article/59809