තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ
මේක වෙලා තියෙන්නේ මීට අවරුදු සියගනකට කලින් කෝට්ටේ යුගයේදී.
කතා නායකයා තමා කව්රුත් හොදින් දන්නා ෂඩ් භාෂා පරමේෂ්වර (තල් කට්ටිය ඉන්නවනම් ඒ කියන්නේ භාෂා 6 ක් ඉතා හොදින් කතා කිරීමේ හැකියාව තියෙනවා කියන එක )
අති පුඋජ්ජ තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ, බුදු දහම, සිංහල භාෂාව, අපේ සංස්කෘතිය වෙනුවෙන් ඉතාම විශාල සේවාවක් කරපු රාහුල හාමුදුරුවන් දානේ ගෙදරකදී කරපු දෙයක් ගෙන තමයි මම කියන්න හිතුවේ
ඔන්න කතාව කියනවා
ඉතින් රාහුල හාමුදුරුවෝ මේ කාලේදී තරුණ පොඩි හාමුදුරුවෝ කෙනෙක් ලු, දවසක් පළාතේ ඉන්න ප්‍රභූ කෙනෙක් ගෙන් ආරාධනාවක් ලැබුනලු දවල් දානේ වලදන්න වඩින්න කියල පන්සලේ හාමුදුරුවරුන්ට, ඒ ගෙදරට.
මේ දානෙට අපේ රාහුල හාමුදුරුවන්ටත් වඩින්න ලැබිල අනිත් හාමුදුරුවෝ තුන් නමත් එක්ක.
හාමුදුරුවරු දානෙට වැඩිය කියමුකෝ, පොඩිකාලේදීම මහන උන නිසා රාහුල හාමුදුරුවෝ තමා පන්සලේ ඉදල තියෙන පොඩිම හාමුදුරුවෝ නම, ඉතින් ඉදගන්න ලැබිල තියෙන්නේ අන්තිම ආසනයේ.
ප්‍රභූ කෙනෙක් ගේ දානයක් හින්ද දානෙත් ඉතාම ප්‍රනීතව සරුසාර විදිහට තිබිල තියෙනවා ගමේ විදිහට, ඒ දවස් වල මස් කෑම හුගක්ම අඩුවෙන් තමා කෙරිලා තියෙන්නේ ඉතින් මේ දානෙට තිබිල තියෙනවා අනිත් ඒවාට වඩා ගොඩක් රසට හදපු වැව් මාළු සහ හොදට වැව් මාළුත් එක්ක යන පලා කොළ මැල්ලුමක්. මේ ව්‍යංජන දෙකටම ඔක්කොම හාමුදුරුවරු බොහොම මනාප උනාලු, ඒ තරම්ම රසලු මේවා.
පලවෙනි සැරේ මාලුයි, මැල්ලුමයි බෙදුවට, දෙවැනි පාරට බෙදුවේ නැල්ලු මොකද හාමුදුරුවන්ට වැඩිය මාළු දෙන්න හොද නැති වෙයි කියල හිතල මේ ගෙදර කට්ටිය.
එත් හාමුදුරුවරු ඔක්කොම මේ මාලුයි මල්ලුමයි තව පාරක් වලදන්න කැමති ලු.
හාමුදුරුවන්ට ඉල්ලන්න අවසර නෑනේ, ඉතින් තව සැරයක් මාලුයි මැල්ලුමයි බෙදා ගන්නේ කොහොමද කියල කල්පනා කලාලු ඔක්කොම හාමුදුරුවරු ටික.
මෙහෙම ඉන්නකොට මුලින්ම හිටපු ලොකු හාමුදුරුවෝ එක පාරම කිව්වලු
“මාළු සහ මැල්ලුම” කියල
එතකොට දෙවනියට හිටපු හාමුදුරුවෝ කිව්වලු
“ඇනු කල කදිම සෙල්ලම” කියල
රාහුල හාමුදුරුවන්ට ලග හිටපු හාමුදුරුවෝ කිව්වලු
“අනල ගිල්ලම” කියල
දැන් ඔන්න රාහුල පොඩි හාමුදුරුවන්ගේ වාරේ ,කව්රුත් හිතල නෑ රාහුල හාමුදුරුවෝ ඉතිරි පදේ සම්පූර්ණ කරයි කියල මොකද ගොඩක් පොඩි නමක් හින්දා
එත් තමන්ගේ හැකියාවන් පෙන්නමින්, රාහුල හාමුදුරුවෝ ඉතිරි පදේ සම්පූර්ණ කලාලු වැඩේ කරගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මෙහෙම
“බඩට නොදැනිම තවත් ඉල්ලුම” කියල
මේ හතර පදය අහන් හිටපු ඒ ප්‍රභූ වරයා තමන්ගේ අතින්ම වැව් මාළුයි මැල්ලුමයි බෙදුවලු දෙතුන් වතාවක්
බලන්න හාමුදුරුවරුන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව

hahahahahahah