තොටගමුවේ ශ්‍රී රාහුල හිමි දේහයේ උස අඩුවීම ගැන කියන හේතු

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com


    තොටගමුවේ ශ්‍රී රාහුල හිමි පහළොස්‌ වැනි සියවසෙහි ලක්‌දිව විසූ අග්‍රගන්‍ය පඬිරුවනක්‌ විය. උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳවද වෛද්‍ය විද්‍යාව පිළිබඳවද, නක්‍ෂත්‍රය පිළිබඳවද හසල දැනුමක්‌ තිබූ කෙනෙකි. සපුමල් කුමරු, විජයබාහු කුමරු මරා රජ වූ පසු උන්වහන්සේ ගාලු දිස්‌ත්‍රික්‌කයේ "අම්බන" නම් පෙදෙසෙහි හුදකලාව ජීවත් විය.

    අපවත් වන මොහොතේ දේහය දින දහස්‌ ගණනක්‌ නරක්‌ නොවී තබා ගැනුමට "සිදු අලු රසය" නම් වූ බෙහෙතක්‌ පානය කළ බව ජනප්‍රවාදයේ ඇත. උන්වහන්සේගේ දකුණු අතෙහි කවි දෙකක්‌ කොටා තිබූ අතර අද ශාන්ත සේවියර් පියතුමාගේ යෑයි ගෝවේ තිබෙන දේහයෙහි දකුණු අත නොමැත. එය රාහුල හිමිගේ දේහය බව සනාථ වන බැවින් අත කපා ඉවත් කර ඇති බවට සැකකෙරේ. ශාන්ත සේවියර් යනු ස්‌පාඤ්ඤයේ ඉපිද නැගෙනහිර ආසියාවේ ආගම ව්‍යාප්ත කිරීම සඳහා පාප්වහන්සේ පත්කළ නියෝජිතයෙකි. එම පියතුමා චීනයට යන අතරතුර "සැන්ක්‌පන්" නම් දූපතෙහිදී මියගිය බව ද මලක්‌කාවට ගෙනයැමට පෙර එහි වළලා මාස කීපයකට පසුව ගොඩගන්නා විට දේහය නරක්‌ නොවී තිබුණු බව ද කිතුනු පොත පතෙහි සඳහන් වේ. තවද දේහයේ තිබෙන විවිධ තුවාල "සාධාරණීය" කිරීම සඳහා ඔවුන්ගේ වාර්තාවට දේහයට කෲර අන්දමින් සලකා ඇති බව ද සඳහන් වේ. මෙම සිරුරේ නියම තත්ත්වය පිළිබඳව නිල පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාවන්වල විස්‌තරවලින් සිරුරේ දකුණු අත නොමැති බව සනාථ වී ඇත. අද එතැන් සිට....

    කතෝලික බැතිමතුන් විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවට ශාන්ත සේවියර් පියතුමා ජීවත්ව සිටින විට අඩි 5 1/2 ක්‌ එනම් මී. 1. සෙමී. 69 ක උසින් යුක්‌ත බැව් කියෑවේ. නමුත් සිරුරේ මිනුම් ගත් විට හිස කෙලින් තබා දිග මී. 1 සෙ. මී. 46 ක්‌වේ. ඔවුනට අනුව මළ සිරුරෙහි දිග අඩුවීම සාධාරණීය කර ඇත්තේ මෙසේය.

    (අ) කලවා ඇටය සෙ. මී. 5 ක්‌ පමණ පහළට ඇදී යැම

    (ආ) ශත වර්ෂ 4 ක්‌ තිස්‌සේ සිරුරේ වේලීම නිසා අස්‌ථි බන්ධනීන්ගේ සම්පීඩනය හේතුවෙන් සිරුර හැකිළීම.

    (මෙම සාධාරණීයකරණය ඒ සම්බන්ධයෙන් වන වෛද්‍ය මතයට එකඟ නොවන බව සිංහලයෝ පවසති)

    ඉහත සඳහන් කරුණු කතෝලිකයන් විසින් මෙම සිරුර ශාන්ත සේවියර්ගේ ය යන්න තහවුරු කිරීමට ඉදිරිපත් කරන ලද ඒවාය. ඔවුන්ට අනුව ෆ්‍රැන්සිස්‌ සේවියර් පියතුමා දුප්පත්, අඩු පහසුකම් ඇති අයට, රෝගීනට, දුක්‌ පීඩා විඳින්නන්ට උපකාර කළ නිතර යාඥ කරමින් දෙවියන් වහන්සේට සමීපව ජීවත්වූ අයෙකි. එබැවින් එවන් උතුමෙකුගේ සිරුර සාමාන්‍ය කෙනකුගේ සිරුරකට ස්‌වාභාවිකව වන දේ නොවී දෙවියන්ගේ කැමැත්ත මත මෙලෙස නරක්‌ නොවී තිබුණු බවට ඔවුන් විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් පොත්පත් ගණනාවක්‌ද ලියා ඇත.

    නමුත් ගෝවේ දැන් තබා තිබෙන, ශාන්ත සේවියර්ගේ යෑයි කියනු ලබන එම දේහය වෙන කාගේවත් නොව රහල් හිමියන්ගේ යෑයි සිංහලයෝ එදා සිට තරයේ විශ්වාස කරයි. එසේම එය සනාථ කිරීම සඳහා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරති. 20 වන ශත වර්ෂයේදී දේශීය බෞද්ධ ආයතන ගෝවේ බලධාරීන්ගෙන් මෙම දේහය තම රටට ලබා දෙන මෙන් ඉල්ලා ලිපි පවා යවා ඇත. එවකට පැවැති "සිංහල බෞද්ධයා" නම් පුවත්පතෙහිද (1953 දෙසැ( 27) මෙම දේහය රාහුල හිමියන්ගේ බැව් සනාථ කරන කරුණු දක්‌වා ඇත.

    සිංහලයන් විසින් තම තර්කය, එනම් මෙම දේහය ශාන්ත සේවියර්ගේ නොව රාහුල හිමිගේම යෑයි යන තර්කය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කරුණුවලින් සමහරක්‌ මෙසේ ය.

    (අ) යුරෝපීය ජාතිකයන් තම හිසබූගෑමේ පිළිවෙතක්‌ කිසි කලෙක අනුගමනය කොට නැත. විශේෂයෙන් එලෙස එය වහල් බවේ සංකේතයක්‌ සේ සැලකූ බැවිනි. ශාන්ත සේවියර් ජීවත්වූ කාලයේ ස්‌පාඤ්ඤ හා අනෙක්‌ යුරෝපීය කතෝලික පූජකවරුන් තම හිසකෙස්‌ සහ රැවුල දීර්ඝ ලෙස වැවීම පුරුද්දක්‌ කොට තිබුණි. වර්තමානයේදී වුවද රෝමානු කතෝලික ස්‌පාඤ්ඤ පූජකවරුන් කොණ්‌ඩය බූ ගාන්නේ නැත. නමුත් මෙම දේහයේ හිසෙහි කෙස්‌ ඇත්තේ සම්පූර්ණයෙන් බූ ගෑ පසු දින 2 කට හෝ පසුව මතුවන ප්‍රමාණයක පමණි. රැවුලද එසේමය. නමුත් ඇහි බැමෙහි සම්පූර්ණයෙන්ම කෙස්‌ වැවී ඇත. එසේ නම් ඇහි බැමිවල සම්පූර්ණයෙන් කෙස්‌ තිබීමටද, හිසෙහි කෙස්‌ නොතිබීමටද හේතුව කුමක්‌ විය හැකිද? එකම හේතු වනම් මියගිය තැනැත්තා නිතිපතා කොණ්‌ඩය සහ රැවුල බෑමට පුරුදුවී සිටි අයෙකු වීමයි. සේවියර් පියතුමා එසේ නොකළ බව කව්රුත් දනී.

    (ආ) පැරැණි යුරෝපීය සංස්‌කෘතියෙහි මිනිසුන්ගේ නොව ගැහැනුන්ගේ ද කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ නොවිනි, රහල් හිමි කල ආභරණ පැළඳීම සඳහා "ක්‍ෂත්‍රීය" පුද්ගලයන්ගේ කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ පැවතුණි. එසේම උපසම්පදා උත්සවයේදී භික්‍ෂුන්ගේ කන් සිදුරු කිරීමේ චාරිත්‍රයක්‌ වූ බැව්ද ඉතිහාසය සාක්‍ෂි දරයි. එසේ නම් මෙම දේහය සේවියර් පූජකතුමාගේ නම් එහි කන් සිදුරු වූයේ කෙසේ ද?

    (ඇ) සේවියර්තුමා ස්‌පාඤ්ඤ ජාතිකයෙක්‌ වූ අතර යුරෝපීයයන් අතරේÊවුවද ස්‌පාඤ්ඤ ජාතිකයෝ බෙහෙවින් සුදු හමකට (වර්ණයකට) හිමිකම් කියති. නමුත් මෙම දේහයේ වර්ණය තළඑලළු හෙයින් එය ආසියානු ජාතිකයෙකුගේ මිස කිසිසේත්ම යුරෝපීය ජාතිකයෙකුගේ විය නොහැක.

    (ඈ) මෙම දේහයේ ඇස්‌ නිල්පාට නමුදු ස්‌පාඤ්ඤ ජාතිකයනට සාමාන්‍යයෙන් තිබෙන්නේ දුඹුරුපාට බළල් ඇස්‌ය.

    (ඉ) දේහයේ දකුණු අත නොමැත. වාර්තාගත වන අන්දමට වර්ෂ 1614 නොවැ. 3 වන දින පෝල් පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි එම දකුණු අත කොටස්‌ 3 කට කපා එක්‌ කොටසක්‌ මැකාවෝ විදුහලටද අනෙක්‌ කොටස මලක්‌කාවටද, ඉතිරි කොටස රෝමයටද යවා ඇත. කතෝලිකයන් අතිශය ලෙස ගෞරව කරන, එවන් වූ වටිනා වස්‌තුවක්‌ මෙවන් වූ කෲර ඉරණමකට භාජන කරත් දැයි සිතිය හැකිද? පෝල් පාප් වහන්සේ එවන් ඉල්ලීමක්‌ සත්‍ය වශයෙන්ම ඉදිරිපත් කොට තිබුණේ නම්, සම්පූර්ණ අතක්‌ වෙනුවට කුඩා ඇඟිල්ලක්‌ කපා යෑවීමට නොහැකි වූයේ මන්ද? නො එසේ නම් එම "අත" කපා ඉවත් කළේ එවන් වූ ඉල්ලීමකට වඩා එම අතෙහිවූ තමන් නොකැමති යම් කිසි "ලකුණක්‌" තිබූ නිසාද? පාප් වහන්සේගේ ඉල්ලීම පරිදි කොටසක්‌ රෝමයට යෑව්වා නම් ඉතිරි කොටස්‌ අනෙක්‌ පෙදෙස්‌වලට යෑව්වේ කාගේ ඉල්ලීම පරිදි ද?

    (සිංහලයන් විශ්වාස කරනුයේ රහල් හිමිගේ දකුණු අතෙහි තමන් හඳුනා ගැනීම සඳහා "සතුරු බුවනෙකබා බලය තෙව්ටක්‌ පසුබා රුපු යුදයට නොබා, මමය පැරකුම් රජුගේ ගජබා යන කවියද "සවර" ලද මුල් කඳ" යන කවියද කොටා තිබූ බව සහ මෙම අත සිරුරෙන් ඉවත් කර ඇත්තේ එම දේහය සේවියර් පියතුමාගේ නොවේය යන්න ඉන් තහවුරු වන නිසාය).

    (ඊ) රෝමානු කතෝලික පූජකවරු සාමාන්‍යයෙන් "ඔඩිසන්" නමැති ක්‍රියාවලිය අතරතුර තම හිස වටේට කවාකාරව "බොන්සෝර්" නමින් හඳුන්වන කෙස්‌ සිඳීම කරන අතර තමා මිය යනතුරුම එසේ තබා ගනිති. මෙම සිරුරේ එබඳු දෙයක්‌ නොමැත.

    (එ) වාර්තාවලට අනුව ශාන්ත සේවියර්තුමා වර්ෂ 1507 අප්‍රේල් මස 7 වැනි දින උපත ලබා 1552 දී මිය යන විට වයස අවුරුදු 46 කි. නමුත් මෙම දේහය එවන් තරුණ දේහයක්‌ නොව ඉතා වයස සුදුකෙස්‌ නෙරා ඇති ආසියානු ජාතිකයකුගේ බව පෙන්නුම් කරයි.

    (ඒ) ශාන්ත සේවියර්තුමාගේ උස අඟල් 66 කි. සාමාන්‍යයෙන් කෙනෙක්‌ මියගිය විට සිරුර අඟල් 1-2 කින් පමණ දික්‌වේ. එවිට සේවියර්ගේ දේහයේ දිග අඟල් 67 1/2 ක්‌ වත් විය යුතුය. නමුත් මෙම දේහයේ දිග අඟල් 60 ක්‌ පමණ වේ. එබැවින් අනිවාර්යයෙන්ම මෙය සේවියර්ගේ විය නොහැක.

    (ඒ) මරණ පරීක්‍ෂක වාර්තාවනට අනුව දේහයේ මරණීය තුවාල ඇති බැව් වෛද්‍යවරු සහතික කරති. සේවියර්තුමා ඉතා ශාන්ත ගුණයන්ගෙන් හෙබි අතර අවසාන කාලයේ ඔහුව බලා ගැනීම සඳහා ඔහුගේ මිතුරන් ද විය. එසේනම් ඔහුගේ දේහයේ මරණීය තුවාල ඇති වීමට හේතුව කුමක්‌ද? (ජනප්‍රවාදයට අනුව 1552 දී පෘතුගීසීන් අම්බන ගුහාවේ සිට දේහය පැහැරගෙන යෑමට සැරසෙන විට ගම්වාසීන් එයට විරුද්ධව සටන් කර ඇත. එම ප්‍රදේශය අදටත් "ඇවිලුම" ලෙස හඳුන්වයි. සිරුරට තුවාල වී ඇත්තේ මෙම අවස්‌ථාවේය යන්න සිහලුන්ගේ විශ්වාසයයි.

    රියර් අද්මිරාල් (ආචාර්ය)
    සරත් වීරසේකර
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,788
    113
    TFS

    මේ කථාව නම් කලින් අහලා තියනවා. හැබැයි ඒ අහපු කතාව අනුව නම් දකුණු අතේ කොටලා තිබුණේ සබ්බ පාපස්ස අකරණං කියන ගාථාව.

    TFS
    ------ Post added on Dec 1, 2024 at 3:34 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වැදගත් ලිපියක් ස්තුතියි ....... :love2: (y)
    ඕකට DNA පරීක්ෂණයක් කෙරුවනම් හරි

    එතකොට උන්ට පාඩුයි

    ඕක වඳින්න යන කළු මිටි නඩ වලින් ලැබෙන ඉන්කම් එකට හබක් 😆
     
    • Sad
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රියර් අද්මිරාල් (ආචාර්ය)
    සරත් වීරසේකර
    Sums It Up The Office GIF
     
    • Like
    Reactions: NRTG and scorp12