සුළග අවනඩුවකි කෙහෙරැළි දරනු බැරි නියා
මල්ද ඔච්චමකි සුසිනිදු ඇයද කියා
සුවද තවරන්න මල්පෙති කුමටද
නුඹ නිසා තොල්පෙති තවම තනියෙන්
විරාම නොමැති නුඹ සක්මන් කළ හිතට
සරාම ගීය පද අමුණමි එක පෙළට
නිසග අංජන පැහැය රන්දා
ස්වප්න අඩ අදුරේම හංගා
නිම්නෝන්නත හදට රිංගා
නුරා වැසි රහසේම වින්දා
අසනි වාරණ නොමැති හන්දා
උමතු හිත චංචලද මංදා
සුවද තවරන්න මල්පෙති කුමටද
නුඹ නිසා තොල්පෙති තවම තනියෙන්...
©DamithMulleriyawa-2022
මල්ද ඔච්චමකි සුසිනිදු ඇයද කියා
සුවද තවරන්න මල්පෙති කුමටද
නුඹ නිසා තොල්පෙති තවම තනියෙන්
විරාම නොමැති නුඹ සක්මන් කළ හිතට
සරාම ගීය පද අමුණමි එක පෙළට
නිසග අංජන පැහැය රන්දා
ස්වප්න අඩ අදුරේම හංගා
නිම්නෝන්නත හදට රිංගා
නුරා වැසි රහසේම වින්දා
අසනි වාරණ නොමැති හන්දා
උමතු හිත චංචලද මංදා
සුවද තවරන්න මල්පෙති කුමටද
නුඹ නිසා තොල්පෙති තවම තනියෙන්...
©DamithMulleriyawa-2022