තෝරයායේ බස් ගැටෙයි! 4ක් මරුට. ගැමුණු රති කෙළියේ!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    තූ නොදකින්.. බස් කාරයොන්ට නීතියක් ගේන්න බැරි කාලකන්නී මාලිමා ගූ පොන්සි ආණ්ඩුව..!!ක්ලීන් සී ලංකා ගහ ගනින් පුකේ!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    dan nam munwa hurathak kara athi

    අද දින අළුයම් කාලයේ දොරටියාව පොලිස් වසමේ දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් එම බස් රථයට නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තවාල ලැබූ පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත යොමු කිරීමේදී පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇත.

    නවතා තිබූ බස් රථයට පිටුපසින් පැමිණි බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇත.

    මරණකරුවන්ගේ සහ මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

    මෘත දේහ කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දොරටියාව පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,689
    113
    Ursa Major

    I've seen some bus races where the bus in front usually stops at the halts in an illegal manner. they block the entire road to avoid the next bus overtaking. That is why I've stopped sitting in back seats.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    පිටි පස්සෙම සීට් එකේ ඉඳගෙන හිටපු අය වෙන්නැති මැරිලා තියෙන්නේ. මාත් වෙලාවකට පිටිපස්සෙම සීට් එකේ යනවා. හරිම ඩේන්ජරස් වැඩක් බං
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නැහැ
    ai, a kohomada

    Gobba wenna epa ban. Aduma gane joke ekata wath.

    account eka dakketh adai, mechchara kal koheda hitiye
    ------ Post added on Feb 10, 2025 at 9:01 AM

    කුරුණෑගල තෝරයාය බස් රථ දෙකක් ගැටී 04 ක් මරුට - 28 ක් රෝහලේ​

    2/10/2025 08:37:00 AM
    two-buses-collide-in-kurunegala-killing-4-and-injuring-28

    කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ අද (පෙබරවාරි 10) අලුයම 4.45ට පමණ සිදුවූ බිහිසුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මරණයට පත්ව තවත් විස්සකට අධික පිරිසක් තුවාල ලබා ඇත. මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මහතා සඳහන් කළේය.

    දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුර වූයේ මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබූ බස් රථයකට පසුපසින් පැමිණි තවත් බස් රථයක් ගැටීමෙනි. කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක් මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී, මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටී ඇති බව පොලීසිය විසින් තහවුරු කර ඇත.

    කුරුණෑගල රෝහලේ ප්‍රකාශකයෙකු අනාවරණය කළ පරිදි, අනතුරින් තුවාල ලැබූ 28 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතරින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.

    මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය මේ වන තෙක් තහවුරු කර නොමැති අතර, ඔවුන්ගේ මෘත දේහ කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව රෝහල් ප්‍රකාශක වැඩිදුරටත් පැවසීය.

    දැනට සිදුකර ඇති මූලික විමර්ශන වලින් හෙළි වී ඇති පරිදි, පසුපසින් පැමිණි බස් රථයේ අධික වේගය මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දොරටියාව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

    4.jpg

    ------ Post added on Feb 10, 2025 at 9:17 AM