මම හයවන පංතියේ යක්කල අනුර මහා විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ පංතියට අළුතෙන් ශිෂ්‍යෙයක් පැමිණියේ ය. සාමාන්‍යෙයන් අළුතෙන් ශිෂ්‍යෙයන් පංතියට පැමිණි විට සියලුම ජේෂ්‍ය්ඨ සිසුන් ඔහුගෙන් “තෝ මට බයද“ යනුවෙන් අසයි. අලුත් සිසුවා “ඔව් බයයි“ යනුවෙන් පිළිතුරු දෙයි. අපේ පංතියේ සිටි නිවට ම සිසුවා වූයේ මම ය. සියලුම සිසුන් ඔහුගෙන් පෙරහැරේ ගොස් “තෝ මට බය ද“ අසා නිම වූ විට, ඔහු මට වඩා උස මහතින් වැඩි කෙනෙක් වීම ද නොතකා, මම ද ඔහු ලගට ගොස්, තරමක චකිතයෙන් වුව ද, “තෝ මට බය ද“ යනුවෙන් ඇසුවෙමි. ඔහු කිසිදු පැකිලීමක් නැතිව විශ්වසනීය හා ඍජු හඩකින් “ඔව් බයයි“ කියා කීවේය. පසුව දා ම ඔහු මට පහර දුන් බව ද සටහන් කර තැබිය යුතුය. ඔහුට පට බැදුනු නම වූයේ “අළුතා“ ය. ඔහු දිගටම “අළුතා“ විය. රනිල් ද මේ “අළුතා“ මෙනි. හැමෝම ඔහුගෙන් “තෝ මට බය ද“ යැයි අසයි. අලුත් භාෂාවෙන් කියන්නේ නම් ඔහුගෙන් “ගේම ඉල්ලයි“. ඔහු පැකිලීමක් නොමැතිව “ඔව් බයයි“ කියයි. ඒ නිසා රනිල් මේ මොහොතට අවශ්‍ය පුද්ලගයයා. මක් නිසා ද යත් මේ මොහොතේ හැමෝටම තම අනන්‍යතාවය උච්ඡාරණය කිරීමට අවශ්‍ය වේ. එනම් හැමෝටම “ගේම ඉල්ලීමට හැකි“ කෙනෙක් අවශ්‍ය වේ. රනිල් ඉදිරිපිට හැම දෙනාටම (ගෝඨාගෝගමේ අයට මෙන්ම එහි ප්‍රතිවාදීන්ටද) “තෝ මට බයද“ කියා ඔහුගෙන් “ගේම ඉල්ලීමට“ පුළුවන. හැබැයි හෙට දින රනිල් සියලු දෙනාටම පහර දීමට ද නියමිත බව මතක තබා ගත යුතුය.