ථේර ගාථා: සුභූත තෙරුන්ගේ ගාථා
"එයා කැමති වන්නේ යහපතයි. නමුත් තමාව යොදවා තිබෙන්නේ වැරදි පාරක. ඒ වැරදි මගේ කොයි තරම් හැසිරුණත් යහපතක් උදාකරගන්න බැහැ. ඒක තමයි අවාසනාවේ සලකුණ.
කෙලෙස් නැති කරන්නේ නැතිව, ඒ සඳහා තිබෙන එකම ධර්මය වන 'අප්රමාදය' අත්හැරියොත් ඒක මහා අවාසනාවක්. සියලු කුසල් දහම් අත හැරියොත් එයාට යහපත අයහපත දකින්න බැහැ. එයා අන්ධයෙක්.
යමක් කරනවා නම් කිය යුත්තේ එයයි. නොකරන දේවල් කිය යුතු නැත. නොකරන දේ, කිය කියා සිටින කෙනාට බුද්ධිමතුන් ගරහනවා.
මල කොච්චර ලස්සන වුණත් කොයි තරම් පැහැපත් වුණත් සුවඳක් නැති නම් වැඩක් නෑ. සුභාෂිත දහම් පද කොයිතරම් කතා කළත් අනුගමනය කිරීමක් නැති නම් වැඩක් නෑ.
ලස්සන පැහැපත් මල වටින්නේ සුවඳ තිබුණොත් විතරයි. ඒ වගේම සුභාෂිත දහම් පද වටින්නේ අනුගමනය කරන විට විතරයි."
මෙය වනාහී ආයුෂ්මත් සුභූත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.
උපුටා ගත්තේ "ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා" නම් ග්රන්ථ රත්නයෙන්...
සාදු! සාදු!! සාදු!!!
තෙරුවන් සරණයි!
සුභූත තෙරුන්ගේ ගාථා