දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    58,937
    55,014
    113
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුර​



    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෑන් රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 සහ 32 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ මවක් සහ දියණියක්.
    පොලීසිය පැවසුවේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අනතුරින් මියගොස් සිටින මව අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ ඔවුන් පදිංචි සිය නිවස වෙත රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවය.

    එම කාන්තාවන් සහ තවත් පිරිසක් ගමන් කරමින් සිටි වෑන් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දෙසට ධාවනය වෙමින් සිටියදී කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

    එහිදී එම වෑන් රථය ඉදිරියෙන් ගමන්කළ ලොරි රථයක පසුපස ගැටී ඇති බව පොලීසිය පවසයි.
    පොලීසිය සැකපළ කරන්නේ වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටය.
    අනතුරින් තුවාල ලැබූ මව දියණිය සහ වෑන් රථයේ රියදුරු කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මව සහ දියණිය මියගොස් ඇත.
    වෑන් රථයේ රියදුරු කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුව ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
     
    • Sad
    Reactions: Stimulus mind

    Similar threads