දක්ෂිණ අධිවේගයේදී හොර නෝට්ටුවක් දුන්
දක්ෂිණ අධිවේගයේදී හොර
නෝට්ටුවක් දුන්නැයි කී පුද්ගලයා
වසර එකහමාරකට පසු නිදහස්
නිශ්ශංක සංජීව - ඌරගස්මංහංදිය විශේෂ
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ මුදල් අයකැමිට රුපියල් 500 ක ව්‍යාජ මුදල් නෝට්ටුවකින් මුදල් ගෙවීමට තැත් කළැයි 2012.12.13 වැනි දින අත්අඩංගුවට ගත් වෑන් රථ රියෑදුරෙකු එම මුදල් නෝට්ටුව ව්‍යාජ නොවන බවට තහවුරු වීමෙන් පසු වසර එකහමාරකට පසු පෙරේදා (6 වැනිදා) ඇල්පිටිය අධිකරණයේ මහෙස්ත්‍රාත් කේෂර සමරදිවාකර මහතා විසින් නිදහස් කර ඇත
මෙලෙස නිදහස් කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු ඇල්පිටිය උසාවිය පාරේ පදිංචි උදාර චින්තක පරණවිතාන නමැත්තෙකි. ඔහු ඊයේ 07 වැනිදා 'දිවයින' වෙත මෙසේ පැවැසීය.
මෙම සිද්ධියෙන් මා විශාල මානසික ප්‍රශ්නවලට ලක්වුණා. 2012.12.13 මම දීපු රුපියල් 500 ක නෝට්ටුව ව්‍යාජ එකක් බව කුරුඳුගහහැතැප්ම පිවිසුමේ නිලධාරියා පැවසුවා. ඒ අනුව මාව අත්අඩංගුවට ගත්තා. ඇල්පිටිය පොලිසියට මාව භාරදීමෙන් අනතුරුව පසුදා ප. ව. 3.00 ට මාව අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණය මගින් එදින මට ඇප ලැබුණා. මම මේ නඩුව සඳහා නඩු වාර 10 කට සහභාගි වුණා. මහ බැංකු වාර්තාව අනුව එම නෝට්ටුව ව්‍යාජ එකක් නොවන බවට වාර්තා වීමෙන් පසු මා නිදහස් වුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිලධාරීන්ගෙන් මට විශාල අසාධාරණයක් සිදු වුණා. මට රැකියාවට නිසි පරිදි යන්න බැරි වුණා. විශාල මුදලක් නඩුව සඳහා වියදම් වුණා යෑයි සඳහන් කළ අතර මෙම රුපියල් 500 මුදල් නෝට්ටුව ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතනයක ආපන ශාලාවකින් තමන්ට ලැබුණු බව ද සඳහන් කළේය.
ඔන්න බලපන් රටේ නීතියේ හැටි .නෝට්ටුව හොර එකක් නෙමේ කියන්න අවුරුදු 1 1/2 ගිහිල්ලා .අර මනුස්සයා රුපියල් 50000 විතර වියදම් කරන්න ඇති lawyers ලට අරුන්ට මුන්ට .මහා පරිමානෙන් හොරකම් කරන එවුන්ට විරුද්දව මුකුත් නෑ .