දකුණු අධිවේගියේ වැඩ නිමාව ගැන සියළු තොරත&#
මුලින් විවෘත වන කොටසේ දිග කිලෝ මීටර් 95.3 යි
ලබන ජූලි මාසයේදී විවෘත කිරීමට යන දකුණු අධිවේගී මාර්ගයේ කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා කොටස් තුනකට බෙදා ඉදිකිරීම් සිදුවන අතර ඒ ඒ කොටසේ වැඩ නිමකරවා ඇති ප්‍රමාණය හා ඉදිකිරීම් සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරිය හෙළිකර තිබේ.
මේ අනුව, කොට්ටාව මාකුඹුරේ සිට කළුතර දොඩංගොඩ දක්වා කිලෝ මීටර් 34.4 ක දුරක් දිවෙන පරිදි ඉදිවන කොටසේ ඉදිකිරීම් වලින් මේ වනවිට සියයට 85 ක පමණ වැඩ නිමවා තිබෙන අතර එහි කොන්ත්‍රාත්කරුවා ලෙස කටයුතු කරන්නේ චයිනා හාබර් සමාගමයි.
මෙම කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 20 ක පමණ මුදල් යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර මේ සඳහා ණය පහසුකම් ලබාදී තිබෙන්නේ ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුවයි.
චයිනා හාබර් සමාගම කොට්ටාව මාකුඹුරේ සිට කළුතර දොඩංගොඩ දක්වා කොටසේ ඉදිකිරීම් 2005 සැප්තැම්බර් 19 වනදා ආරම්භ කර තිබේ.
ඉන්පසුව, කළුතර දොඩංගොඩ සිට කුරුඳුගහහැතැක්ම දක්වා කොටසේ ඉදිකිරීම් වලින් මේ වනවිට සියයට 80 ක් පමණ අවසන් කර තිබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා තිබෙන අතර එම කොටස කිලෝ මීටර් 31.6 ක දුරකින් යුක්තය.
මෙම කොටසේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 15.4 ක පමණ මුදලක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුවෙන් ලබාගත් ණය මත මෙම කොටසේ ඉදිකිරීම් සිදු කරයි.
මෙම කොටසේ කොන්ත්‍රාත්කරුවා ලෙස තායිසේ සමාගම කටයුතු කරන අතර 2006 මාර්තු 24 වනදා මෙම කොටසේ ඉදිකිරීම් ආරම්භ කර ඇත.
ඉන් අනතුරුව, කුරුඳුගහහැතැක්මේ සිට ගාල්ල පින්නදූව දක්වා කොටසේ ඉදිකිරීම් වලින් මේ වනවිට සියයට 99 ක් පමණ අවසන් කර තිබෙන බව පවසන මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ මේ කොටසේ දිග කිලෝ මීටර් 29.3 ක් බවයි.
මේ කොටසේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 24.1 ක් පමණ වැයවන බවට ඇස්තමේන්තු කර තිබෙන අතර ආසියානු සංවර්ධන බැංකුවේ ණය මත මෙම කොටසේ ඉදිකිරීම් ජපානයේ කුමගායි ගුමී සමාගම විසින් සිදුකරයි.
මේ මාර්තු අවසන් වනවිට මෙම කොටසේ සම්පූර්ණ ඉදිකිරීම් අවසන් කළ හැකිබව අධිකාරිය පවසා තිබේ.
මේ අනුව, ලබන ජූලි මාසය වනවිට කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා ඉහත දැක්වූ කොටස් විවෘත කිරීමට රජය සූදානම් වුවත් ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටස තවමත් ඉදිකර නොමැත.
මේ පිළිබඳව අදහස් දක්වමින් මාර්ග සංවර්ධන අධිකාරිය පවසා තිබෙන්නේ මෙම කොටස කිලෝ මීටර් 35.8 ක දුරක් දිවෙන ලෙස සැලසුම් කර තිබෙන බවත් එහි ඉදිකිරීම් සඳහා චීනයේ එක්සිම් බැංකුව ණය ලබාදීමට ඉදිරිපත් වී තිබෙන බවයි.
මේ අනුව, එම කොටසේ ඉදිකිරීම් කටයුතු කිරීමට 2010 ජුනි 11 වනදා සිට චයිනා නැෂනල් ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමාගමට පැවරූ බව අධිකාරිය කියයි.