දකුණු අප්‍රිකාව ගෙදර යැවූ එලියට්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    දකුණු අප්‍රිකාව ගෙදර යැවූ එලියට්

    දකුණු අප්‍රිකාව ගෙදර යැවූ එලියට් දකුණු අප්‍රිකානුවෙක්

    තරගය ජයගැනීම සඳහා නවසීලන්තයට අවසන් පන්දු වාරයේදී ලකුණු 12ක් ලබාගත යුතුව තිබුණා. අවසන් පන්දු දෙකේදී තරගය ජයගැනීමට ලකුණු 5ක් ලබාගත යුතුව තිබූ අතර, පස්වන පන්දුවේදී ග්‍රාන්ට් එලියට් හයේ පහරක් එල්ල කරමින් නවසීලන්තයට මෙම ඓතිහාසික ජයග්‍රහණය හිමිකර දුන්නා.
    තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ද පන්දු 73කදී නොදැවී ලකුණු 84ක් රැස්කළ ග්‍රාන්ට් එලියට්. මෙහි විශේෂත්වය වන්නේ ග්‍රාන්ට් එලියට් දකුණු අප්‍රිකාවේ ඉපිද එරට ‘ඒ’ කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙකු වීමයි. 2001 වසරේ නවසීලන්තයේ පදිංචියට පැමිණ ඇති ඔහු 2008 වසරේදී නවසීලන්ත ටෙස්ට් සහ එක්දින කණ්ඩායමට ඇතුළත් වුණා.

    01.png

    081.jpg