දකුණු ආසියාවෙන් උසම නෙළුම් කුළුණ කොළඹට
පැරිසියේ අයිෆල් කුළුණ කැනඩාවේ සීඑන් කුළුණ වැනි අලංකාර කුළුණක් තව ටික කලකින්ම ලංකාවේත් ඉදිවෙනවා. ලෝටස් ටවර් හෙවත් නෙළුම් කුළුණ යනුවෙන් නම් තබා ඇති එය ඉදිකරන්නේ කොළඹ ඞී ආර් විජේවර්ධන මාවතේ තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානයට යාබදව බේරේ වැව ඉස්මත්තේදීය. මේ කුළුණ ඉදිකරන්නේ කොළඹ නගරයට සංචාරක ආකර්ෂණය ඇතිකරවීම සඳහාත් සන්නිවේදන හා විනෝදාත්මක අවශ්‍යතාවයන් සඳහාත්ය.
මෙහි මුල්ගල තැබීමේ උත්සවය ඊයේ(20) පවත්වනු ලැබුවා. චීන රජයේ කොන්ත‍්‍රාත් සමාගමක් විසින් මෙය ඉදිකරන අතර සැලසුම සකස් කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් වන නිමල් ද සිල්වා සමිත මානවඩු හා චිත‍්‍රා වෙඩික්කාර යන අයයි. නෙළුම් කුළුණ වසර දෙකහමාරේ ව්‍යාපෘතියකි. ඒ අනුව 2014 මැද භාගය වන විට එහි වැඩ සම්පූර්ණයෙන් නිම කරන්නට නියමිතය.
මීටර 350 ක් උස වන නෙළුම් කුළුණ ඉදිකළ පසු බහුකාර්ය ගොඩනැගිල්ලක් ලෙස පවත්වා යාමට නියමිතය. විදුලි සන්දේශ නියාමන කොමිසමේ මූලිකත්වයෙන් කුළුනේ ඉහළම කොටසේ ඉදිකරන ඇන්ටනාවෙන් ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා 50 කට පමණ විකාශන තරංග විසුරුවාහැරීමේ අවස්ථාව සලසන්නට නියමිතය. ඒ මගින් කොළඹ අවට තැන තැන ඉදිකර තිබෙන සන්නිවේදන කුළුණ රැසක් ඉවත්කොට තනි තැනක සිට සම්පේ‍්‍රෂණ කටයුතු පවත්වා යාමට අවස්ථාව උදාවේ.
කුළුනේ පහළම කොටස තට්ටු හතරකින් යුක්තව ඉදිකරන්නට යෝජිතය. එහි ප‍්‍රදර්ශන ශාලාවක් සම්මන්ත‍්‍රණ ශාලාවක් සහ කෞතුකාගාරයක් පිහිටුවන්නට නියමිතය.
එම තට්ටුවල සිට කුළුනේ මීටර 335 ක් උසට ඝන කොන්ක‍්‍රීට් අරටුවක් පවතින අතර ඒ මැදින් විදුලි සෝපාන සිවිකර ඇත.
එයින් පසු කුළුනේ ඉහළ නෙළුම් මලක හැඩය ගන්නා කොටස තට්ටු 8කින් යුක්තය. එහි උත්සව ශාලාවක්, හෝටල් දෙකක් නැරඹුම් මැදිරියක් සහ කැරකෙන ආපන ශාලාවක් ඉදිකරන්නට යෝජිතය. මේ කැරකෙන ආපන ශාලාව අමුත්තන් 600 කට එකවර භාවිත කරන්නට හැකි අතර එකතැනක වාඩිවී සිටියදී කොළඹ වටේම බලාගන්නට හැකිය.
පැය එකහමාරක් තුළ එය එක් වටයක් කැරකෙන්නට නිර්මාණය කරනු ඇත.
මෙහි තනන්නට යන උත්සව ශාලාව මංගල උත්සව හා ප‍්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය. මුළු කොළඹම කවුළු තුළින් නරඹන්නට හැකි එම ශාලාව එකවර 1000 කට අසුන් පැනවීමට හැකි ලෙස නිර්මාණය කරනු ඇත.
දැනට ලෝකයේ උසම කුළුණ ජපානයේ ටෝකියෝ ස්කයි ටී‍්‍ර වන අතර එය මීටර 634 උසය. මීටර 350 උස නෙළුම් කුළුණ ඉදිකළ පසු එය දකුණු ආසියාවේ උසම කුළුණ වනු ඇති අතර ලෝකයේ උසම කුළුණු අතරින් 19 වන තැනට පත්වනවා. දකුණු ආසියාවේ දැනට උසම කුළුණ ඉන්දියාවේ රාමේස්වරම් ටීවී ටවර්ය. එහි උස මීටර 323 කි.
අහස් මංගල ශාලා කැරකෙන අවන්හල් ඇති දකුණු ආසියාවෙන් උසම නෙළුම් කුළුණ කොළඹට.
පැරිසියේ අයිෆල් කුළුණ කැනඩාවේ සීඑන් කුළුණ වැනි අලංකාර කුළුණක් තව ටික කලකින්ම ලංකාවේත් ඉදිවෙනවා. ලෝටස් ටවර් හෙවත් නෙළුම් කුළුණ යනුවෙන් නම් තබා ඇති එය ඉදිකරන්නේ කොළඹ ඞී ආර් විජේවර්ධන මාවතේ තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානයට යාබදව බේරේ වැව ඉස්මත්තේදීය. මේ කුළුණ ඉදිකරන්නේ කොළඹ නගරයට සංචාරක ආකර්ෂණය ඇතිකරවීම සඳහාත් සන්නිවේදන හා විනෝදාත්මක අවශ්‍යතාවයන් සඳහාත්ය.
මෙහි මුල්ගල තැබීමේ උත්සවය ඊයේ(20) පවත්වනු ලැබුවා. චීන රජයේ කොන්ත‍්‍රාත් සමාගමක් විසින් මෙය ඉදිකරන අතර සැලසුම සකස් කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් වන නිමල් ද සිල්වා සමිත මානවඩු හා චිත‍්‍රා වෙඩික්කාර යන අයයි. නෙළුම් කුළුණ වසර දෙකහමාරේ ව්‍යාපෘතියකි. ඒ අනුව 2014 මැද භාගය වන විට එහි වැඩ සම්පූර්ණයෙන් නිම කරන්නට නියමිතය.
කුළුනේ පහළම කොටස තට්ටු හතරකින් යුක්තව ඉදිකරන්නට යෝජිතය. එහි ප‍්‍රදර්ශන ශාලාවක් සම්මන්ත‍්‍රණ ශාලාවක් සහ කෞතුකාගාරයක් පිහිටුවන්නට නියමිතය.
එම තට්ටුවල සිට කුළුනේ මීටර 335 ක් උසට ඝන කොන්ක‍්‍රීට් අරටුවක් පවතින අතර ඒ මැදින් විදුලි සෝපාන සිවිකර ඇත.
එයින් පසු කුළුනේ ඉහළ නෙළුම් මලක හැඩය ගන්නා කොටස තට්ටු 8කින් යුක්තය. එහි උත්සව ශාලාවක්, හෝටල් දෙකක් නැරඹුම් මැදිරියක් සහ කැරකෙන ආපන ශාලාවක් ඉදිකරන්නට යෝජිතය. මේ කැරකෙන ආපන ශාලාව අමුත්තන් 600 කට එකවර භාවිත කරන්නට හැකි අතර එකතැනක වාඩිවී සිටියදී කොළඹ වටේම බලාගන්නට හැකිය.
පැය එකහමාරක් තුළ එය එක් වටයක් කැරකෙන්නට නිර්මාණය කරනු ඇත.
මෙහි තනන්නට යන උත්සව ශාලාව මංගල උත්සව හා ප‍්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය. මුළු කොළඹම කවුළු තුළින් නරඹන්නට හැකි එම ශාලාව එකවර 1000 කට අසුන් පැනවීමට හැකි ලෙස නිර්මාණය කරනු ඇත.
දැනට ලෝකයේ උසම කුළුණ ජපානයේ ටෝකියෝ ස්කයි ටී‍්‍ර වන අතර එය මීටර 634 උසය. මීටර 350 උස නෙළුම් කුළුණ ඉදිකළ පසු එය දකුණු ආසියාවේ උසම කුළුණ වනු ඇති අතර ලෝකයේ උසම කුළුණු අතරින් 19 වන තැනට පත්වනවා. දකුණු ආසියාවේ දැනට උසම කුළුණ ඉන්දියාවේ රාමේස්වරම් ටීවී ටවර්ය. එහි උස මීටර 323 කි.
ඉදිවීමට නියමිත මෙම කුළුණේ වීඩියෝ දර්ශන
copy right arunella.net