දකුණු ඇමෙරිකාව දෙස බලනු

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    දකුණු ඇමරිකාවේ කොරෝනා තත්ත්වයේ නවතම තොරතුරු

    පසුගිය වසරේ අග භාගයේ චීනයෙන් ආරම්භ වුණු කොරෝනා වසංගතය තවමත් මර්දනය කර අවසන් නැහැ. සමහර රටවල් තුළ තවමත් දරුණු ආකාරයට පැතිරී යන කොරෝනා වසංගතයට අද වන විට මිලියන 30කට වැඩි පිරිසක් ගොදුරු වී තිබෙනවා. ඒ අතරින් මිලියනයකට ආසන්න ප්‍රමාණයකට සිය ජීවිතය අහිමි වී තිබෙනවා. වර්තමානය වන විට කොරෝනා වසංගතය වඩාත් දරුණු ලෙසින් පැතිර යන කලාප කිහිපය අතරට දකුණු ඇමරිකානු කලාපයත් අයත් වනවා. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට එම කලාපයෙන් වාර්තා වී තිබුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 72 ඉක්මවා තිබුණා. එසේම වාර්තා වුණු මරණ ප්‍රමාණය 232,000 ඉක්මවා තිබුණා.
    අවසන් මාසය තුළ ආසාදිතයන් ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක්
    දකුණු ඇමරිකානු රටකින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණේ පෙබරවාරි 25 වැනිදා යි. කොරෝනාවෛරසය ආසාදනය වී තිබුණේ බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේ වැසියෙකුට යි. බ්‍රසීලයෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී දින 38ක් ගතවන විට කලාපයේ සෑම රටකින්ම කොරෝනා ආසාදිතයන් වාර්තා වුණා. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට දකුණු ඇමරිකානු කලාපයේ රටවල් 7ක කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂය ඉක්මවා තිබුණා. එසේම අවසන් මාසය ඇතුළත දකුණු ඇමරිකානු කලාපයෙන් කොරෝනා රෝගීන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණා. ඉන් පැහැදිලි වන්නේ වසංගතය තවමත් දකුණු ඇමරිකානු කලාපය තුළ පැතිර යන බව යි.


    dAwF1aXPX9lH3bMk_1.jpg


    ආජන්ටිනාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)අවසන් මාසය තුළ 50000කට ආසන්න මරණ ප්‍රමාණයක්
    දකුණු ඇමරිකානු කලාපයෙන් මුල්ම කොරෝනා මරණය වාර්තා වුණේ මාර්තු 7 වැනිදා යි. ආජන්ටිනා ජාතිකයෙකු එලෙස මරණයට ගොදුරු වී තිබුණා. ඉන් අනතුරුව දකුණු ඇමරිකානු කලාපය තුළ කොරෝනා තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය වන ආකාරය දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලය වුණේ කොරෝනා වසංගතයට ගොදුරු වීම නිසා මියගිය ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවීම යි. මුල් මාස කිහිපය තුළ බ්‍රසීලයෙන් පමණක් මරණ අධික ප්‍රමාණයක් වාර්තා වුණත් පසුව පේරු, චිලී, ආජන්ටිනාව, කොලොම්බියාව වැනි රටවල්වලින් ද අධික මරණ ප්‍රමාණයක් වාර්තා වුණා.
    පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට දකුණු ඇමරිකාවෙන් කොරෝනා මරණ 232,239ක් වාර්තා වී තිබුණා. ඉන් මරණ 50000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ ගෙවුණු මාසය තුළ යි. එසේම පසුගිය මාසය තුළ දකුණු ඇමරිකා මහද්වීපය කොරෝනා මරණවලින් යුරෝපා මහද්වීපය පසුකර ගියා. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට එක් එක් මහද්වීපය තුළින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණයන් පහත දක්වා තිබෙනවා.
    1) උතුරු ඇමරිකා මහද්වීපය- 293,637
    2) දකුණු ඇමරිකා මහද්වීපය- 232,239
    3) යුරෝපා මහද්වීපය- 214,231
    4) ආසියා මහද්වීපය- 169,887
    5) අප්‍රිකා මහද්වීපය- 33,294
    6) ඕස්ට්‍රේලියා මහද්විපය- 859


    GS8p2aelN0xU1c7l_2.jpg

    ඇමරිකාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)බ්‍රසීලයෙන් ආසාදිතයන් ලක්ෂ 44ක්
    පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට දකුණු ඇමරිකානු කලාපයෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ලක්ෂ 72ක අතුරින් ලක්ෂ 44ක් බ්‍රසීලය තුළින් වාර්තා වුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය යි.



    බ්‍රසීලය- 4,419,083
    පේරු- 738,020
    කොළොම්බියාව- 736,377
    ආජන්ටිනාව- 577,338
    චිලී- 439,287
    බොලිවියාව- 128,286
    ඉක්වදෝරය- 121,525
    වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයත් බ්‍රසීලයෙන්
    පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට දකුණු ඇමරිකානු කලාපයෙන් කොරෝනා රෝගීන් 7,269,887ක් වාර්තා වී තිබුණා. එලෙස වාර්තා වුණු රෝගීන් අතුරින් 232,239ක් මරණයට පත්ව තිබුණා. එහි දී වැඩිම මරණ ප්‍රමාණයක් බ්‍රසීලයෙන් වාර්තා වුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණය යි.
    බ්‍රසීලය- මරණ 134,106
    පේරු- මරණ 30,927
    කොළොම්බියාව- මරණ 23,478
    චිලී- මරණ 12,058
    ආජන්ටිනාව- මරණ 11,910
    ඉක්වදෝරය- මරණ 10,996
    බොලිවියාව- මරණ 7,447



    yBhgXot2FGpPGQFI_3.jpg

    මියගිය රෝගියෙක් (gettyimages)ආසාදිතයන් ලක්ෂ 60කට වැඩි පිරිසක් සුවය ලබයි
    දකුණු ඇමරිකානු කලාපය තුළ වාර්තා වුණු රෝගීන් 7,269,887 අතරින් 6,036,251 දෙනෙකු සැප්තැම්බර් 17 වැනිදා වන විට සම්පූර්ණ සුවය ලබා තිබුණා. පහත දැක්වෙන්නේ එක් එක් රටින් වාර්තා වුණු සුවය ලැබූ රෝගීන්ගේ ප්‍රමාණය යි.

    බ්‍රසීලය- 3,720,312
    කොළොම්බියාව- 610,978
    පේරු- 580,753
    ආජන්ටිනාව- 448,263
    චිලී- 411,853
    ඉක්වදෝරය- 97,063
    බොලිවියාව- 86,216
    තවමත් මිලියනයක් ප්‍රතිකාර ලබයි
    පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට දකුණු ඇමරිකානු රටවල්වල කොරෝනා රෝගීන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් සිටියා. තවමත් එක් එක් රටවල ප්‍රතිකාර ලබමින් සිටින රෝගින් ප්‍රමාණයන් පහත දක්වා තිබෙනවා.
    බ්‍රසීලය- 564,665
    පේරු- 126,340
    ආජන්ටිනාව- 117,165
    කොළොම්බියාව- 102,821
    බොලිවියාව- 34,623
    චිලී- 15,376
    පැරගුවේ- 13,485
    ඉක්වදෝරය- 13,466
    වෙනිසියුලාව- 11,792

    කොරෝනා වසංගතය දකුණු ඇමරිකාව තුළ තවදුරටත් පවතින ලකුණු

    පසුගිය මාසය තුළ දකුණු ඇමරිකානු කලාපයෙන් වාර්තා වුණු සමස්ත කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය ආසන්න වශයෙන් ලක්ෂ 20ක් පමණ වුණා. ඒ අනුව වර්තමානය වන විට කොරෝනා වසංගතය තවදුරටත් පැතිර යන කලාප අතරට මෙම කලාපයත් අයත්. පසුගිය සැප්තැම්බර් 17 වැනිදා වන විට නිකුත්ව තිබුණු කොරෝනා වසංගත දත්තයන්ට අනුව දකුණු ඇමරිකානු කලාපය තුළ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ ප්‍රමාණය 1,001,397ක් ලෙසින් සටහන් වුණා. ඒ අනුව තවත් මාස කිහිපයක් යන තුරු දකුණු ඇමරිකානු ජනතාවට කොරෝනා වසංගතය සමග සටන් කිරීමට සිදුවනු ඇති.


    කවරයේ ඡායාරූපය- බ්‍රසීලයේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)
    සැලකිය යුතුයි- මෙම ලිපිය ලිවීමේ දී භාවිතා කර තිබෙන්නේ සැප්තැම්බර් 17 වැනිදා වන විට නිකුත් වී තිබුණු කොරෝනා වසංගතය පිළිබඳ දත්ත යි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    දකුණු ඇමරිකාව දෙස බලන්න කියනවා කේරළය දෙස බලන්න කියනවා ආයෙත් කියුබාව දෙස බලන්න කියනවා පිස්සු කොරවෙනවා බෙල්ල අැබරෙනව යකෝ මෙහෙම හැරිලා බලලා🤣🤣
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    දකුණු ඇමරිකාව දෙස බලන්න කියනවා කේරළය දෙස බලන්න කියනවා ආයෙත් කියුබාව දෙස බලන්න කියනවා පිස්සු කොරවෙනවා බෙල්ල අැබරෙනව යකෝ මෙහෙම හැරිලා බලලා🤣🤣

    බෙල්ලත් උළුක්කු වෙනවා මෙහෙම බලන පාරට
     
    • Haha
    Reactions: 2osama