දකුණෙ එළවළු වවන අය ඉන්නවද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    අපේ පැත්තෙ ( දකුණු පළාත) වවන්නෙ එක්කො තේ නැත්නම් වී , කුරුදු වගේ ගොඩක් අය කරන වගාවල් විතරයි. මෙහෙ එළවලු ජාති වවනව දැකල ම නෑ. ඒ හන්ද අත ගහන්නත් පොඩි බයක් තියෙනවා. ඒත් මුකුත් නොකරත් බෑ. දැන් තේ වල ආදායමක් ලොකුවට නෑ.

    සාමාන්‍යයෙන් දකුණෙ දී වවලා විකුණ ගන්න වෙළද පොළක් හොයා ගන්නෙ කොහෙන්ද? ඒක තමයි ඇත්තට ම මට තියෙන ලොකු ම ප්‍රශ්නෙ.
    අපි දන්න දා ඉදන් තේ නම් ෆැක්ට්‍රිවලින් එකතු කරනවා. කුරුදු එකතු කරන උන් වෙන ම ඉන්නවා. එළවලු වගේ දෙයක් වවල විකුණ ගන්නෙ කොහෙන්ද හිතා ගන්න බෑ.
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    සාමන්‍යයෙන් වී කන්නෙට වවලා ඊට පස්සෙ එළවලු වවනවා නේද? අදේට දීපු කුඹුරක් තියෙනවා අපේ. වැඩිය අයිඩියා එකක් නැහැ මොකො වෙන්නෙ කියාලා.
     
    • Like
    Reactions: Kelvin0

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අපේ පැත්තෙ ( දකුණු පළාත) වවන්නෙ එක්කො තේ නැත්නම් වී , කුරුදු වගේ ගොඩක් අය කරන වගාවල් විතරයි. මෙහෙ එළවලු ජාති වවනව දැකල ම නෑ. ඒ හන්ද අත ගහන්නත් පොඩි බයක් තියෙනවා. ඒත් මුකුත් නොකරත් බෑ. දැන් තේ වල ආදායමක් ලොකුවට නෑ.

    සාමාන්‍යයෙන් දකුණෙ දී වවලා විකුණ ගන්න වෙළද පොළක් හොයා ගන්නෙ කොහෙන්ද? ඒක තමයි ඇත්තට ම මට තියෙන ලොකු ම ප්‍රශ්නෙ.
    අපි දන්න දා ඉදන් තේ නම් ෆැක්ට්‍රිවලින් එකතු කරනවා. කුරුදු එකතු කරන උන් වෙන ම ඉන්නවා. එළවලු වගේ දෙයක් වවල විකුණ ගන්නෙ කොහෙන්ද හිතා ගන්න බෑ.
    එලවලු ඉතිං පොලට තමයි දෙන්න තියෙන්නෙ. පොල දවසෙ උදේම ගියාම තොගේ පිටින් ගන්න අය ඉන්නවා.
    නැත්තං එලවලු කඩයකට දෙන්න ඕන.

    මම නං වයඹ. ආතල් එකට කොමඩු, මිරිස්, තිබ්බොටු, මෑකරල්, මඤ්ඤොක්කා වවලා තියනවා. ඒවා ඔය විදිහට තමා දුන්නෙ මම නං
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,878
    113
    පොලට ගිහින් තමයි දෙන්නෙ
    කැම්පස් එකේ මගේ බැජා අඟුනකොලේ උන් එලවලු තමයි කරේ
    අත් ට්‍රැක්ටරේ පටවගෙන පොලට අරගෙන යනවා
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    896
    998
    93
    එලවලු ඉතිං පොලට තමයි දෙන්න තියෙන්නෙ. පොල දවසෙ උදේම ගියාම තොගේ පිටින් ගන්න අය ඉන්නවා.
    නැත්තං එලවලු කඩයකට දෙන්න ඕන.

    මම නං වයඹ. ආතල් එකට කොමඩු, මිරිස්, තිබ්බොටු, මෑකරල්, මඤ්ඤොක්කා වවලා තියනවා. ඒවා ඔය විදිහට තමා දුන්නෙ මම නං
    ආදායම හොදයි ද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    කඩවලින් කුණුකොල්ලෙට ගන්නේ බන් මන්යොක්ක 200/=ට විකුනද්දී මගෙන් ගත්තේ 80/= ගානේ අළු කෙසෙල් කැනක් දුන්නා 1500ය් දුන්නේ 20KG වගේ තිබුන .ආපහු විකුනන්නේ නැහැ ලඟපාත ගෙවල් වලට නිකම් බෙදල දෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මම දැක්කා නුවර එලියේ වගාකරන උන් බනිනවා දකුනේ වගාකරන අයට එයාල නිසා ලොරි එන් නෑ කියලා නුවර එලියේ එලවලු ගන්න කියලා .
    ඒ කියන්නේ දකුනේ වැවෙනවා නුවර එලියේ වැවෙන ඒවම
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,508
    113
    35
    Spain
    මම දැක්කා නුවර එලියේ වගාකරන උන් බනිනවා දකුනේ වගාකරන අයට එයාල නිසා ලොරි එන් නෑ කියලා නුවර එලියේ එලවලු ගන්න කියලා .
    ඒ කියන්නේ දකුනේ වැවෙනවා නුවර එලියේ වැවෙන ඒවම
    නෑ බන්, දකුණේ වැවෙන්නේ වම්බටු, මෑකරල්, දඹල, පතෝල, වැටකොළු, වට්ටක්කා වගේ පහතරට ඒවා විතරයි. උඩරට එළවලු මෙහෙ වවන්නේ නැහැ. දකුණේ කිව්වට එකෙත් වර්ග තියෙනවා, දෙණියාය අකුරැස්ස මාවරල වගේ පැති හරියන්නේ තේ/කුරුඳු වලට. මාතර දෙවුන්දරබෙලිඅත්ත තිස්සමහාරාම වගේ පැති හරියන්නේ කුඹුරු වගාවට. එකේ වතුර තියෙනවා නම් විතරයි. වතුර අඩු නම් තමයි එළවලු නැත්නම් කෙසෙල් වවන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මාතර ඉන්නවා ඒයැයි නම් කැනා වවනව
    කරන්දෙණිය මිට්‍රයෝ නම් කුරුදු තමා
    මාත් කුරුදු වවන්න හිතාන ඉන්නව
     
    • Like
    Reactions: Kelvin0

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,396
    4,029
    113
    අපේ පැත්තෙ ( දකුණු පළාත) වවන්නෙ එක්කො තේ නැත්නම් වී , කුරුදු වගේ ගොඩක් අය කරන වගාවල් විතරයි. මෙහෙ එළවලු ජාති වවනව දැකල ම නෑ. ඒ හන්ද අත ගහන්නත් පොඩි බයක් තියෙනවා. ඒත් මුකුත් නොකරත් බෑ. දැන් තේ වල ආදායමක් ලොකුවට නෑ.

    සාමාන්‍යයෙන් දකුණෙ දී වවලා විකුණ ගන්න වෙළද පොළක් හොයා ගන්නෙ කොහෙන්ද? ඒක තමයි ඇත්තට ම මට තියෙන ලොකු ම ප්‍රශ්නෙ.
    අපි දන්න දා ඉදන් තේ නම් ෆැක්ට්‍රිවලින් එකතු කරනවා. කුරුදු එකතු කරන උන් වෙන ම ඉන්නවා. එළවලු වගේ දෙයක් වවල විකුණ ගන්නෙ කොහෙන්ද හිතා ගන්න බෑ.
    ගොඩක් පැතිවලට මේක තමාගේ එස් එක. විකුණන්න ගියාම, කඩවල් හොයන්න එපා වෙනවා. අතරමැද වෙළෙන්දා තමා ගසා කන්නෙ...

    සුපර් මාකට් වලට උනත් සප්ලයි කරන වෙනම සෙට් එකක් ඉන්නවා
     
    • Like
    Reactions: Kelvin0

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අපේ පැත්තෙ ( දකුණු පළාත) වවන්නෙ එක්කො තේ නැත්නම් වී , කුරුදු වගේ ගොඩක් අය කරන වගාවල් විතරයි. මෙහෙ එළවලු ජාති වවනව දැකල ම නෑ. ඒ හන්ද අත ගහන්නත් පොඩි බයක් තියෙනවා. ඒත් මුකුත් නොකරත් බෑ. දැන් තේ වල ආදායමක් ලොකුවට නෑ.

    සාමාන්‍යයෙන් දකුණෙ දී වවලා විකුණ ගන්න වෙළද පොළක් හොයා ගන්නෙ කොහෙන්ද? ඒක තමයි ඇත්තට ම මට තියෙන ලොකු ම ප්‍රශ්නෙ.
    අපි දන්න දා ඉදන් තේ නම් ෆැක්ට්‍රිවලින් එකතු කරනවා. කුරුදු එකතු කරන උන් වෙන ම ඉන්නවා. එළවලු වගේ දෙයක් වවල විකුණ ගන්නෙ කොහෙන්ද හිතා ගන්න බෑ.
    colombo yana lorry walata denna puluwan.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    1. නෑ බන්, දකුණේ වැවෙන්නේ වම්බටු, මෑකරල්, දඹල, පතෝල, වැටකොළු, වට්ටක්කා වගේ පහතරට ඒවා විතරයි. උඩරට එළවලු මෙහෙ වවන්නේ නැහැ. . දකුණේ කිව්වට එකෙත් වර්ග තියෙනවා, දෙණියාය අකුරැස්ස මාවරල වගේ පැති හරියන්නේ තේ/කුරුඳු වලට. 2.. මාතර දෙවුන්දරබෙලිඅත්ත තිස්සමහාරාම වගේ පැති හරියන්නේ කුඹුරු වගාවට. එකේ වතුර තියෙනවා නම් විතරයි. වතුර අඩු නම් තමයි එළවලු නැත්නම් කෙසෙල් වවන්නේ.
    1. :ROFLMAO: :ROFLMAO: තක්කාලි , රාබු, කැරට් වැවෙනවා දැක්කේ නැද්ද බන් ?? සුරියවැව කැරට් දැකලම නැද්ද ?? හයිබිඩ් ඇටඇවිල්ල තියෙන්නේ බන්. පහුගිය ටිකේ බීට් රුට් ලොකු අස්වනු ආවේ යාපනයෙන්. යාපනේ අලත් තියනව දැන්.
    2. මාතර හොදයි බත් කඩ වලට. දෙවුන්දර මාළු හා කරවල වෙලන්න. බෙලිඅත්ත/ තිස්ස නම් කුඹුරු.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,805
    113
    ඇයි බන් හම්බන්තොට, ඇබිලිපිටිය, සූරියවැඩ පැත්තෙ එලවලු වවනවා නෙහ්,
    එහෙ තියෙනවා පොලවල්, මුදලාලිලා ඇවිත් ගොවියන්ගෙ අරගෙන යන්නෙ

    මාලු මිරිස්, වම්බඩු, තක්කාලි, බටු, වී

    පලතුරු
    කොමඩු, කෙසෙල්, අඹ (TJC)

    වගාවල් තියෙනවා ඔනෙ තරම්, ග්‍රින් හවුස් ඉදන් තියෙනවා නෙහ් බන්,
    එරියා අනුවා වෙනස් වෙනවා වහන ඒවා

    තේ තියන්නෙ දෙනියායට පැත්තට වගෙ, නෙලුව, උඩුගම, දෙනියාය.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    අපේ පැත්තෙ ( දකුණු පළාත) වවන්නෙ එක්කො තේ නැත්නම් වී , කුරුදු වගේ ගොඩක් අය කරන වගාවල් විතරයි. මෙහෙ එළවලු ජාති වවනව දැකල ම නෑ. ඒ හන්ද අත ගහන්නත් පොඩි බයක් තියෙනවා. ඒත් මුකුත් නොකරත් බෑ. දැන් තේ වල ආදායමක් ලොකුවට නෑ.

    සාමාන්‍යයෙන් දකුණෙ දී වවලා විකුණ ගන්න වෙළද පොළක් හොයා ගන්නෙ කොහෙන්ද? ඒක තමයි ඇත්තට ම මට තියෙන ලොකු ම ප්‍රශ්නෙ.
    අපි දන්න දා ඉදන් තේ නම් ෆැක්ට්‍රිවලින් එකතු කරනවා. කුරුදු එකතු කරන උන් වෙන ම ඉන්නවා. එළවලු වගේ දෙයක් වවල විකුණ ගන්නෙ කොහෙන්ද හිතා ගන්න බෑ.
    දැනට අවුරුදු කිහිපයකට කලින් අපි වෙසක් එකට සිල් ඇත්තෝ 1500කට විතර දානයක් දුන්නා , ඒ වැඩේට එළවලු ගන්න ගිහින් පොරක් සෙට් උනා , මිනිහා වැලිගම පහුවෙලා මාතර පැත්තට යනකොට පාලමක් තියෙන්නේ පොල්අතුමෝදර කියලා එතනින් ඇතුලට යන්න ඕන කිවුවා , ඒ පැත්තේ වගාකරන දඹල , බණ්ඩක්කා තමයි එකතුකරගෙන මේ පැත්තට ගේන්නේ.

    මාතර ටවුන් එකේ ලොකු පොලක් තියෙනවා නේ ඒකට උඹ වගා කරන දේවල් අරන් ගිහින් විකුනන්න පුළුවන් ඇති බන්

    1. :ROFLMAO: :ROFLMAO: තක්කාලි , රාබු, කැරට් වැවෙනවා දැක්කේ නැද්ද බන් ?? සුරියවැව කැරට් දැකලම නැද්ද ?? හයිබිඩ් ඇටඇවිල්ල තියෙන්නේ බන්. පහුගිය ටිකේ බීට් රුට් ලොකු අස්වනු ආවේ යාපනයෙන්. යාපනේ අලත් තියනව දැන්.
    2. මාතර හොදයි බත් කඩ වලට. දෙවුන්දර මාළු හා කරවල වෙලන්න. බෙලිඅත්ත/ තිස්ස නම් කුඹුරු.
    පුත්තලමේ බීට් වගාකරනවා මම දැකලා තියෙනවා