දකුණේ පාතාලයට සුදු වෑන්???

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    දකුණේ පාතාලයට සුදු වෑන්???

    Uputa ganeemaki
    මින් පෙර අප විසින් පෝද්දල සිව්පුද්ගල ඝාතනය පිලිබඳ හෙළි කරනු ලිපියක අවසන් කලේ එහි ඇති අභිරහස් භාවය පිලිබඳ යම් ඉඟියක් ලබා දෙමිනි.

    අප කියූ කරුණු සනාත කරමින් එම මිනීමැරුමට සම්බන්ධව අත් අඩංගුවට ගත් පුද්ගලයන් ඉන් ටිකදිනකට පසුව මුදා හැරුනේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව කියමින්.

    මේ පිලිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමද ඉහල පුද්ගලයෙකු ගේ බලපෑම මත මන්දගාමිකොට ඇත.මේ සිදුවීම් මෙසේ සිදු වෙද්දී කොස්ගොඩ ආයු ටිරාන් ද සොයිසා ද, නඳුන්ගේ කණ්ඩායමේ සුජිත් ද, ඇන්ටන් හා රන්දොඹේ හින්නා ද අතුරුදන් වී ඇතැයි ඔවුන්ගේ හිතවතුන් කියති. ආයු සුදු වෑන් රියකින් රැගෙන ගිය බව ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත.

    පොලිසියේ යැයි කියාගත් පිරිසක් ඉතිරි තිදෙනා වෙන් වෙන් ස්ථාන වලදී පැහැර ගත් බව පවුලේ උදවිය පැවසුවත් පොලිසිය එය ප‍්‍රතික්ෂේප කරයි.

    මේ ආකාරයට දකුණේ සිටින පාතාල කරුවන්ට අසුබ කාලයක් ලබා ඇත. කෙසේ පැහැර ගත්තද මෙසේ පැහැරගෙන යාම තුල පැහැදිලිවුයේ එසේ පැහැරගැනීම් වලට ලක්වුයේ සමාජයට බරක් වූ පුද්ගලයන් බවය.

    මෙලෙස අලුතින් පැහැර ගනු ලැබූ කණ්ඩායමේ නායකයා වන කොස්ගොඩ නදුන් දැනට ඉතාලියේ වාසය කරන බවට වාර්තාවේ. ඔහුට රටින් පැනයාමට හේතු වුයේ අම්බලන්ගොඩ රත්රන් බඩු කඩයක් මංකොල්ල කෑමට ගොස් එය වැරදි පොලිසියේ තිදෙනෙකු ද වෙඩි තබා ඝාතනය කිරීමට සිදු වීම හේතුවෙනි.

    ඉන්පසු වියරු වැටුන පොලිසිය නදුන්ගේ කණ්ඩායමේ බොහොමයක් අය අල්ලාගෙන පසුව ආයුධ පෙන්වන්න ගෙනගොස් පොලිසියට නැවත වෙඩි තැබීමට උත්සහ කිරීම නිසා මිය ගියේය. මේ ලෙස මියගිය ය අතර අතර පාතාලයට කිසිසේත්ම සම්බන්දයක් නැති අහිංසක තරුණයෙක්ද වන බව තතු දත් ගම්වාසීන් පවසයි .

    කෙසේ වෙතත් පාතාල නායක නදුන් පොලිස් ප්‍රධානියෙකුට මෝටර් රථයක් තෑගි කර රටින් පැන ගන්නා ලදී. මොහු කිහිප විටක් විවිධ නම්වලින් හොර රහසේ ලංකාවට පැමිණ ගොස් තිබෙන බව වාර්තාවේ.

    ඔහු රට ගියද මොහුගේ පාතාල ක්‍රියාවල නම් අඩුවක් නොමැත. මොහු විදේශයන්ගේ සිට දුරකථන මගින් ලංකාවේ සිටින ව්‍යාපාරිකයන්ට මරණ තර්ජනය කොට කප්පම් ගන්න අතර මොහුගේ ගෝලබාලයන් කප්පන් එකතු කිරීම් සහ මිනි මැරුම් සිදුකිරීම් ලංකාවේ සිට සිදුකරනු ලැබේ. මොහු විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්ද විදේශයන්හිදී කප්පම් ගත් අවස්ථාත් වාර්තාවේ.

    කොස්ගොඩ ආයු පාතාලය තුල ප්‍රසිද්ධ වන්නේ ප්‍රබල පාතාල කරුවෙකුට වඩා කයිවාරු කාරයෙකු හා බේබද්දෙකු ලෙසය. මොහු කරලියට පැමිණෙන්නේ මොහු හා මිත්‍ර වන විදේශිකයෙකු මොහුට ලබාදෙන ඇති විශාල මුදල් ප්‍රමාණය හේතුවෙනි.

    ඔහු එම මුදලින් කොස්ගොඩ අතිවිශාල නිවසක් සාදනු ලැබූ අතර දැන් එය මෙවෙනත් සමාගමක් මිලදීගෙන cocoon sea resort kosgoda ලෙස පවත්වාගෙන යයි. මොහු ගේ අධික ධනය හේතුවෙන් මොහු වටා තරුණයන් ඒකරාශී වන අතර මොහුගේ විනෝදාංශය වන්නේ අවි ආයුධ රැස් කිරීමයි.

    මුදල් බලය සහ ධන බලය නිසා අනෙකුත් පාතාල කණ්ඩායම් වලට අභියෝග කරමින් කයිවාරු ගැසීම නිසා ආයු රටපුරා තරහ කරුවන් බිහිකර ගෙන තිබේ.මොහු පොලිස් අත්අඩංගුවට පත්වෙන අවස්තාව වනවිට මොහු දකුණේ තිබු විශාලම යුද අවි එකතුවට හිමිකම් කිය.

    හිරෙන් නිදහස්වී පැමිණි ආයු අනෙකුත් පතල කණ්ඩායම් වලට බියෙන් කලක් මාදු ගඟේ දුපතක සැඟවී සිටි බවද වාර්තාවේ. කෙසේ වෙතත් මෙවර සුදු වෑන් වන රථයකින් පැහැර ගත් ආයු ගේ ආයුෂ දැනටමත් අවසන් වී තිබීමට පුළුවන.
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/11/blog-post_3394.html