දකුණේ මහ ඇමතිගේ කෙරුවාව

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දකුණේ මහ ඇමතිගේ කෙරුවාව

රාජපක්ෂ පාලනයෙත් යහපාලනයෙත් දකුණේ මහ ඇමතිගේ කෙරුවාව මෙන්න.
August 3, 2017 වංචා දුෂණ
පසුගිය රාජපක්ෂ පාලන සමයේ මෙන්ම වර්තමාන රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව යටතේද දකුණු පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය දරණ ශාන් විජයලාල් ද සිල්වාට එරෙහිව පැමිණිලි අංක ACC/FC/2015/79 යටතේ අධ්‍යන වාර්තාවක් සහිතව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යොමු කොට ඇති පැමිණිල්ලට අනුව ඔහු විසින්  බරපතල වංචා රැසක් සිදුකොට ඇතිබව හෙළිදරව් වී ඇත.
ඒ අනුව,
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ තේ පැල මිලදීගැනීමේ ගණුදෙනුවකදී රුපියල් 18,034,507.00ක මුදලක් වංචා කිරීම,
ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීම සඳහා අම්බලංගොඩ විවිධසේවා සමූපකාර සමිතියට ගෝනාපීනුවල ප්‍රදේශයේ ඉඩමක් මිලදීගෙන ඉන්ධන පිරවුම්හල ඉදි නොකර එම මුදල් වංචාකිරීම.
රජයට පවරා නොගත් පුද්ගලික ඉඩමක පළාත් සභා මුදලින් රුපියල් ලක්ෂ 70ක් වියදම් කර දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා එහි වෙස්මූනු හා ඇඳුම් නිර්මාන සඳහා පළාත් සභා ප්‍රතිපාදන මගින් රුපියල් ලක්ෂ 7.5ක් වියදම් කිරීම.
අක්මීමන ප්‍රාදේශීය සභා අරමුදලින් අවස්ථා දෙකකදී රුපියල් 300,000ක හා රුපියල් 875,000ක මුදලක් වංචා කිරීම.
ඉහත සඳහන් චෝදනාවන්ට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් විමර්ශනයක් සිදු කරන බවට දැනුම්දී ඇති බව මූල්‍ය විමර්ශන කොට්ඨාෂය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ D/FCID/OUT/364/17 අංක දරණ වර්තාවෙන් දන්වා ඇත. කෙසේ වෙතත් දකුණ පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා හට එරෙහිව ඇති මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් මේ මොහොත වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අප වෙත වාර්තා වේ. රාජපක්ෂ පාලන සමය තුළ ප්‍රධාන අමාත්‍ය ධුරය දරමින් බරපතල මූල්‍ය වංචා රැසකට වගකිවයුතු මොහුට එරෙහිව පරීක්ෂණ නවතා දමා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ ඉහළම මැදිහත්වීමක් මත බවද වාර්තා වේ.
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Ravi-Karunanayake.jpg