දඩයකින් උසස්වීමක්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දඩයකින් උසස්වීමක්

    එම්රේට්ස් පොලිස් නිලධාරියකු විසින් කරන ලද වරදකට ඔහු විසින්ම දඩ මුදලක් ගෙවිම නිසා එම පොලිස් නිලධාරියාට උසස්වීමක් ලැබීම පිළිබදව පුවතක් ඒමිරේට්ස් රාජ්‍යයෙන් වාර්තා වේ.

    ඊජිප්තු වෛද්‍යවරයෙකුට අයත් නවතා තබන ලද කාරයක පොලිස් නිලධාරියා ගැටී ඇති අතර පසුව පොලිස් නිලධාරියා විසින්ම ලියාගන්නා ලද දඩ කොලය සමග වෛද්‍යවරයා වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.

    අදාල සිද්ධියේ වෛද්‍යවරයාවු වෛද්‍ය අහමඩ් විසින් තම සමාජජාල ගිණුම හරහා පොලිස් නිලධාරියාගේ ආදර්ශමත් ක්‍රියාව සම්බන්ධයෙන් කරුණු පළකොට ඇති අතර ඒ සදහා විශාල ප්‍රසිද්ධියක් සහ පැසසුම් සමාජජාල වෙබ් අඩවි වලින් මෙන්ම විවිධ රූපවාහිනි නාලිකා වලින් ලැබී ඇත.

    පොලිස් නිලධාරියාගේ ආදර්ශමත් ක්‍රියාව සම්බන්ධයෙන් අවධානය යොමු කල ඩුබායි පොලිස් ප්‍රධානී, මේජර් ජෙනරාල් අබ්දුල්ලා අල්-මැරි සාජන් අබ්දුල්ලා ඒබ්‍රාහිම් මොහොමඩ් කැදවා සිය ආචාරය වෙත ලබාදුන් අතර ඔහු විසින් සිදුකරන ලද ආදර්ශමත් ක්‍රියාව වෙනුවෙන් ත්‍යාග සහ සහතික පත්‍රයක්ද ප්‍රධානය කලේය.


    http://middleeast.lankadeepa.lk/odds/%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A/30-2284
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Kanye.gif