පැලවත්තෙ ඉදන් නෙළුවට 30km තියෙනවා. පැලවත්තෙන් හවස 6.30න් පස්සෙ නෙළුවට බස් එකක් නෑ.
මං ඊයෙ වැඩ ඇරිල එනකොට රෑ නමයට විතර පොඩි කොල්ලෙක් ලොකු බෑග් එහෙකුත් එල්ලෙගෙන පයින් ඇවිදගෙන එනවා.
"මොකෝ මල්ලි"
"බස් නෑ අයියෙ"
"නැගපන්"
කොල්ලට හති.කිලෝමීටර් හයක් එතකොට එයා පයින් බඩගාල.
"මල්ලි කොහෙද යන්නෙ"
"ගෙදර____මං කැලණියෙ කැම්පස් එකේ ඉන්නෙ.ගෙදර යන්න ආව.බස් එක මිස් උනා අයියෙ"
අපි මගින් ප්ලේන්ටියකුත් ගහල හෙමිහිට ආව
තිනියාවල පොලීසියෙ රාළහාමිල දෙන්නෙක් මගදි නතර කලා
"කෝ ____හෙල්මට්__!"
"මේ ළමයට බස් එක මගඇරිල-පයින් එද්දි දාගෙන ආවෙ"
"ගන්න ලයිසන් එක_____"
රාලහාමි ටෙම්පරියක් ලියනව.ලියන ගමන් මගේ දිහා බලනව
හරියට නිකං මධුෂ්ගෙ කුඩු කන්ටේනරේ අල්ලගත්ත සීනියර් ඩීඅයිජී වගේ
"මං ඔය රාළහාමිවම දවසක් ගොරකදූවෙ ඉදල රෑ යන්න එකක් නැතුව ඉද්දි හෙල්මට් එකක් නැතුව දාගෙන ආව.එදා ඔයා හිටියෙ වැඩට එන ගමන සිවිල් ඇදුමෙන්.එනගමන් ඔයාමයි කිව්වෙ ඔයා පොලීසියේ බව.නම සැම්සන් බව.මම ගේ ගාවින් නතර නොවී ඔයාව පොලීසියට ම ගිහින් දැම්ම.එදා ඔයා යනගමන් මගේ පිට අතගගා ස්තූති කරල ගිහින් මගදි තේ එහෙකුත් බොන්න කතාකරා..
කෝ අද ඒ මනුස්සකම___" මං ඇහුව.
එයා රවාගෙන ලියනවා
"අපි දෙන්නම රුපියල් හතලිස් දාහකට පනස් දාහකට ආණ්ඩුවට කඹුරන මිනිස්සු.ඔයා දැං අකුරටම රාජකාරිය කරල මට දඩයක් දෙන්න. හැබැයි ඒ දඩ සල්ලි මහාභාණ්ඩාගාරයට ගිහින්,මහ බැංකුව එක රැයින් රවිය වගේ එකෙක් හොරා ගහගත්තහම-ඒ අඩුව පුරවන්න ඔයා ආයෙමත් මං වගේ උන්ටම දඩ ගහන්න.අපි දෙන්නම එක පිලේ මිනිස්සු මහත්තයො.අද මම මෙයාව දාගෙන ආපු එක වැරදිනම් මට තව දඩකොලයක් දෙන්න-මං එදා ඔයාව දාගෙන ආපු එකට"
පොඩි එකා අතේ තිබිල රුපියල් එකසිය හතලිහක් මගේ අතට ගුලි කරනවා.සීයෙ කොලයයි විස්සෙ කොල දෙකයි
"අයියෙ මේක දීල බලන්න.."
මට ආපු තරහට මං ඒක එවලෙම දෙකට ඉරල වීසිකරා..
"මං පොලීසියට ජරාව දෙන්නෑ යකෝ___!"
රාළහාමිල දෙන්න බලාගෙන හිටිය
අපි දෙන්න ආව
මං අද උදේ ගිහිං දඩේ ගෙවල ලයිසන් එක ගත්ත
මං මේක ලියන්නෙ මං ගැනම උපන් කේන්තියෙන්
මට බෑ බල්ලෙක් වෙන්න.රෑට මහපාරෙ මං වගේ එකෙක් කිලෝමීටර් විස්සක් තිහක් පයින් එද්දි මග දාල එන්න
මං වෙනස් වෙන් නෑ.මං හැමදාම උනත් දඩ ගෙවන්නවා.සමහරවිට මගේ ජානවල වරදක් ඇති.
මං මේක ලියල බලාපොරොත්තු වෙන්නෙ මෙච්චරයි..
කරුණාකරල පුළුහන් කෙනෙක් මේ පාරට රෑ අටටවත් පැලවත්තෙන් නෙළුවට බස් එකක් දාන්න.
නැත්නම් හෘදයවස්තුවක් තියෙන නිළධාරීන් රථවාහන රාජකාරියට යොදවන්න.
අජිත් රෝහන මහත්තයට මේ රටේ මිනිස්සු මේ තරම් ආදරේ ඇයි කියල මොහොතක් හිතන්න. පිං____
(උපුටා ගැනීමකි)